IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා

(ශිරාන් රණසිංහ)

හමුදා සෙබලෙකුගේ නිල ඇඳුම ගැලවීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව ඇතැයි ද තමාට හිමි වී ඇති ෆීල්ඩ් මාෂල් තනතුරද අහෝසි කිරීම සඳහා විධිමත් ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව ඇතැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

තමාගේ ෆීල්ඩ් මාෂල් තනතුර පිළිබඳ ඇතැම් පුවත් පත් වල එක එක කතා ඵල වී තිබුණද ඒවා පිළිබඳව තමා සත්‍ය නොදන්නා බවද කියා සිටියේය.

තමාගේ ෆීල්ඩ් මාෂල් තනතුර අහෝසි කිරීමට තමා යුද්ධාධිකරණයට ගොස් එය කළ යුතුව ඇතැයි ද එයත් සම්ප්‍රධායික දීර්ඝ ක්‍රමවේදයක් යැයි ද පැවැසීය.

මේ රටේ හමුදාපතිවරයා විවේචනය කිරීමට හෝ හමුදාවේ අඩුපාඩු පෙන්වාදීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇතැයි ද ඒ අයිතියට අනුව තමා යම් යම් ප්‍රකාශ කළ බවද කියා සිටියේය.

ජනාධිපතිවරයාට අදාලව මතු ව ඇති කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ විධිමත් මා සාධාරණ පරීක්ෂාවක් කළ යුතු බවද ෆොන්සේකා මහතා පැවැසීය.

සත්‍ය කියන්නේ අදාල කුමන්ත්‍රණයක හෙළි කළ පුද්ගලයාද නොමැති තමා නියෝජ්‍ය පොලිස්පත්වරයාද යන්න හෙළි කරගෙන වැරදිකරුට දැඩි දඬුවම් ලබා දිය යුතු බවද ඒ මහතා පැවැසීය.

මෙම කුමන්ත්‍රණය සත්‍ය එකක් නම් එය රටේ ආරක්ෂාව පිළිබඳව අසතුටුදායක ආරංචියක් බවත් තමාට නීතිය හා සාමය ඇමතිකම ලැබුණේ නම් මෙවැනි දෙයක් මතු වීමට ඉඩ නොදෙන බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් පැවැසීය.



අදහස් (1)

සෙබළෙකුගේ නිල ඇඳුම ගැලවීමට ක්‍රමවේදයක් තියෙනවා

Hafeel Wednesday, 19 September 2018 01:53 AM

මෙතුමා රටට කල කැපවීම ගැන මම මෙතුමාට ඉතා ගරු කරනවා. නමුත් මෑතකදී මෙතුමා ප්‍රසිද්ධයේ කරන විවේචන එතරම් සතුටුදායක නොවේ. හමුදාපති විවේචන කිරීම හෝ හමුදාව සම්බන්ද අඩුපාඩු පෙන්වාදීම ප්‍රසිද්ධයේ නොකළයුතුය.

:       28       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්
2024 මැයි මස 18 18 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 408 0

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 190 1

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 130 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 1045 5

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 587 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 773 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2320 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1985 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site