(ඉන්දිකා රාමනායක)
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථාන කියයි.
අද පස්වරු 3.40 ට මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම ආරම්භ කළ අතර පස්වරු 7.30 ට අවසන් ව තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙක් අද පස්වරු 3.30 ට පමණ කොළඹ 03, පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට පැමිණි සිටියහ.
නිලධාරිණියකගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පරිගණයක් ඇතුලු උපකරණ සහ ලිපි ගොනු රැසක් රැගෙනවිත් තිබිණි.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතාගෙන් සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ කළ දේ පල පල දේ...
මැතිවරණ සංදර්ශන... ඡන්දෙ ඉවර වුණු ගමන් දෙගොල්ලන් එකතු වෙලා ආණ්ඩුවක් හදනවා. එතකොට තමයි කඩේ යන බයියන්ගේ කටවල් වැහෙන්නේ...
හපෝ.. මේවාට නම් රැවටෙන්න එපා... මේවා සංදර්ශන.. මේ දෙගොල්ලන්ම එකාට එකා ආරක්ෂා කරගන්නවා. මහජනතාව රැවටෙනවා.
පව් නේද අපේ බය නැති ආසියාවේ හොඳම තක්කඩින්ට වෙච්ච හදිය?
වරදක්, හොරකමක්, වංචාවක් කෝ මිනීමැරුමක් සිදු කළා නම් ඕනෑම දේශපාලකයෙකු හට අනිවාර්යයෙන්ම දඬුවම් හිමි විය යුතුමයි. ආයේ ඒකෙ කිසිඳු සැකයක් නැහැ. එහෙත්, මේ ඡන්ද කාලයේ වැරදි පැටවෙනුයේ එක් පක්ෂයකට පමණයි. ආණ්ඩු පක්ෂයේ අයට මොනම හෝ වරදකට දඬුවම් නැත. මේ බැඳුම්කර වංචාවට මීට පෙර සිටම සම්බන්ධ වූවන් සිටිතැයි පැවසුණද, ඒවා ගැන කිසිඳු කතාබහක් නැත. ඒ වංචා කළ මුදල් රටේ ජනතාවගේ මුදල් නොවෙයිද? එම මුදල් අය කර නොගන්නේ ඇයි? එම වංචනිකයින්ට දඬුවම් නොකරන්නේ ඇයි? ඒ ගැන කතා නොකරන්නේ ඇයි? අපට කොයි දේශපාලකයත්, කොයි දේශපාලනයත් අවශ්‍ය නැත. අපට අවශ්‍ය වනුයේ අපගේ රටයි. එහෙත් නිල්, රතු, කොළ ආදී වශයෙන් පිල් බෙදී කුලල් කා ගන්නා දේශපාලකයන් හා ජනතාව සැබෑ ලෙසම හොරු ගැන සිතන්නේ නැත. අනුන් කළ හොරකම්, මැරකම් ජඩකම් දක්වති. තම පැත්තේ වරදවල් වසා ගනිති. ඒවා ගැන කතා නොකරති. ඒවාට දඬුවම් නොඉල්ලති. මෙහෙමත් රටක්.. මෙහෙමත් දේශපාලනයක්.. මෙහෙමත් මිනිසුන්, මෙහෙමත් දේශපාලන පක්ෂ කුමකටද? ඔවුන්ට රටක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ තම දේශපාලන බල අරගලය ශක්තිමත් කිරීම පමණයි. නිල්, රතු, කොළ යුද්ධය ඇරැඹී ඇතත්, එකිනෙකා කුලල් කා ගත්තා මිසක්, මහජනතාව සැමදා දුක් විඳිති.
ඇත්තම කියනවා නම්, මෙගා ටෙලි නාට්‍ය වලට එරෙහිව ලංකාවේ නිෂ්පාදනය කර ඇති විශිෂ්ඨ ගණයේ ටෙලියක් තමයි මේ. විරුද්ධවාදීන් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළත්, ඔවුන්ගේ ප්‍රතිවාදියෙකු ප්‍රධාන නළුවාගේ චරිතයට පන පොවන එක නම් හරිම අපූරුයි. කඩා වැටෙන්නට ආසන්නව තිබෙන හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා කර්මාන්තය සිරි ලංකාවෙන් උගත යුතු වැදගත් පාඩම තමයි මේ.. එන්න!! ගොඩයාමට අවශ්‍ය නම් අප හා එක්වන්න...
විරුද්ධ පක්ෂ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම යනු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා CIDය උපයෝගී කරන පළමු පියවරයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් සිය ජීවිතයේ පළමුවරට රජයේ බෝඩිමට කැන්දන් යාමේ දිනය සමහරවිට වැඩිඈතක නොවෙන්න පුළුවන්... මැතිවරණය කටළඟ තබාගෙන, රාජපක්ෂ පාලනය යටතේ ඔවුන්ට එරෙහි හැමදෙනෙක්ම මෙසේ රජයේ රටඋළු ගෙදර දමා ඔවුන් නිහඬ කිරීම මගින් 2/3 බලය අල්ලා ගැනීම මේ සංවිධානාත්මක ප්‍රශ්න කිරීම් පසුපස තිබෙන බව... මළපොතේ අකුරක්වත් නොදන්න කෙනෙකුට වුවද පැහැදිලිවම පේනවා..
ඇයි ගෙදරට ගියේ? විශේෂ සැලකිළි...
ඔහු බොරු නොකියයි කියා අප විශ්වාස කරනවා.
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මෙයාගෙන් ප්‍රකාශගන්න වැයකරන කාළයත් අපරාදේ..
බය නැති අගමැතිට කලින් ප්‍රශ්ණාවලිය එව්වා නම් පැය 4ක් කාලය ගත නොකර විනාඩි 4න් වැඩය නිමා කරගන්න තිබුනා.
බය නැති අගමැති කියමින් මුරුංගා අත්තේ නැග්ගුවනේ... ගොට්ටන් ඔක්කොම දැන් ගහ යටනේ... ගැහි ගැහි වෙව්ලා තට්ටුවේ හතරට නැග්ගානේ... හැරිලා බැලුවත් එක පරයෙක් නැහැ මාළඟ හිටියේ...
බැංකුව කැඩූ බුරුවන් නැහැ දැන් ළඟනේ... අර්ජුන, රවියා නැහැ නොව දුටුවේ... ඔක්කොම උන් ටික විඳිනවා සැපනේ... ගොන් තඩි කියලා මට කෙළවුණානේ...
අපේ පැරැන්නන් ඒ කාලේ තිබුණු නාඩගං කලාව ගැන කියනවා මං අහලා තිබුණා. හවස පටන්ගත්තාම එළිවෙන කම් තියෙනවාලු. ඡන්දෙන් පස්සේ ඔයනාඩගමත් ඉවරවෙයි.. අපරාදෙ කාලෙයි, නාස්ති කරන මුදලුයි. රටේ ආදායමෙන් භාගයක්ම මැදපෙරදිගින් වහල්සේවයෙන් ලබනවනේ මේ දේශපාලකයින්ට ජෝගි නටන්න. අවුරුදු 71ක්ම මේ ප්‍රධාන පක්ෂ දෙකම හොඳ හොඳ නාඩගං නැටුවා.. දැං කාලෙ ඉන්න ' සම හරක්' තරුණ පිරිස් මේ නාඩගං වලට වහවැටිලා... හපොයි රටකට ගිය කලක්...
උන්නැහේ ඔය පටන් ගත්තා විතරයි..
අම්මෝ, එහෙනම් ළඟදීම රනිල් හිරේ දාවි බැඳුම්කර වංචාවට. අපි නොදන්න සීඅයිඩී ප්‍රශ්න කිරීම්...
අර හැමදෙයක් ගැනම මහා දැනුමක් තියෙනවා වගේ කතාකරන මෙදාපාර කොළඹින් ඉල්ලන පොහොට්ටුවේ නීතිඥ මහත්තයෙක් " මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර වංචාවට වගකිව යුතු ප්‍රධාන පෙලේ සුපිරි දේශපාලඥයින් දෙතුන් දෙනෙකුට සහ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස අන්තවාදීන්ට රැකවරණය සැපයූ බවට චෝදනා කළ දේශපාලඥයින්ට එරෙහිව නඩු පවරා ඔවුන් සියලුම දෙනා ආණ්ඩුවේ උළුගෙදරට යවන බව" කියනවා ඇහෙනවා. ඡන්ද කතාවක් විතරක් වත්ද කියලයි අපි මේ හිත හිතා ඉන්නේ...
ප්‍රකාශ ලබාගන්න දෙයක් නැහැ. මෙයා තමයි මහමොලකරු...
නීතිය සැමට සමානද? රු1000ක් අල්ලස් ගත්ත මිනිහගේ ගෙදරටත් මෙහෙම ගිහින් ප්‍රකාශ ගන්නවද? නීති සැමට සමාන නැහැ කවදාවත්ම... මේ දේශපාලුවන්ට වැඳවැටෙන කකුල් දෙකේ ගොන්නු ඉන්නකන්. ඇයි පොලිසියට බැරි රනිල්ට පොලිසියට එන්න කියන්න. පෙනෙන විදියට රනිල්, රාජිත වගේ හැංගෙන්න හදන්නෙත් නැහැ වගේ.. එ් කියන්නේ රනිල් සහසුද්දෙන් දන්නවා තමන්ව අත්අඩංගුවට ගන්නේ නැති බව...
නීතිය සැමට එක සමාන නැහැ කවමදාවත්. රු 1000ක් හොරකම් කරපු දුප්පතෙක්ට පොලීසිය කියයිද අපි හෙට ප්‍රකාශයක් ගන්න එනවා ගෙදර ඉන්න කියලා. මේ දේශපාලුවන් ඉන්නකම් සහ රටේ අය ඡන්දෙ දෙනකම් රටේ නීතිය සමාන නැහැ. රනිල් සහසුද්දෙන්ම දන්නවා තමන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. නැත්නම් රාජිත වගේ හැංගෙන්නේ නැතුව ගෙදර ඉන්නෙ නැහැනේ. මේකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා, හොරෙක් වෙන්න කලින් දේශපාලුවෙක් වෙන්න කියන එක...
අනේ පව් අහිංසකයා.. ඡන්දෙන් පස්සේ ජනපතිතුමාගේ 2/3 ලබාදෙන්න බලාගෙන ඉන්න මනුස්සයා.
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන මෙයාගෙන් ප්‍රකාශ ගන්න වැයකරන කාලයත් අපරාදේ.. රටට කරපු අපරාදේට මෙයාලට ස්වභාව ධර්මයාගෙන් දඬුවම් ලැබේවි. මේවා තනිකරම මාධ‍්‍ය සංදර්ශන..
පෝස්ටර් තහනම් මේ කාලේ. එසේ නොවන්නට ' බය නැති හිටපු අගමැති' යනුවෙන් අපට පෝස්ටර් දකින්නට තිබුනා ...... එහෙම බැලුවම, ඇත්තෙන්ම පෝස්ටර් නීතිය අපරාදයක් .
මේක කලගුණ සැලකීමක්.
රටේ සුදුසු පුද්ගලයන් සිටියදී , මහා බැංකුවේ අදිපති කමට වෙනත් රටක සිටි පුද්ගලයෙක් ගෙන්වා පත්කරේ කාගේ ඉල්ලිමකටද කියල අහන්න ඉස්සෙලම