IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණ සභාපති ලෙස ලාංකිකයෙක් පත්වෙයි

(තිළිණි ද සිල්වා)

සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකාවේ හා සීෂේල්ස් රාජ්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමි විනිසුරු ඇන්තනී ෆ්‍රැන්සිස් තිස්ස ප්‍රනාන්දු මහතා පත් කෙරුණු බව සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

විනිසුරු ඇන්තනි ෆ්‍රැන්සිස් තිස්ස ප්‍රනාන්දු මහතා සීෂෙල්ස් අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලැබූ බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියයි.

එරට අභියාචනාධිකරණයේ සභාපතිවරයා යනු  සීෂෙල්ස් රාජ්‍යයෙහි අධිකරණයේ ප්‍රධානියා වන අතර  එවැනි ඉහළ අධිකරණයක ප්‍රධානියා ලෙස ලංකාවේද පුරවැසියභාවය හිමි විනිසුරු තිස්ස ප්‍රනාන්දු මහතා සුදුසුකම් ලැබීමද ශ්‍රී ලංකාව  ලැබූ ජයග්‍රහණයක් යැයිද එම මහ කොමාසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට සිටි  දිසා විනිසුරුවරයෙකු වූ දිවංගත එෆ්. ජී. බෙනසෙට් ප්‍රනාන්දු සහ ලීනා ප්‍රනාන්දු මහත්මියගේ පුත්‍රයෙකු වන විනිසුරු ප්‍රනාන්දු මහතා 1978 සැප්තැම්බර් මාසයේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගත් අයෙකු වේ.

පසුකාලීනව 2013 දී මොන්ට්‍රියෙල්හි මැක්ගිල් විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් සහ නීති බහුත්වවාදය පිළිබඳ මැක්ගිල් මධ්‍යස්ථානයේ ඕබ්‍රයන් සාමාජිකත්වය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතීඥවරයෙකු ලෙස සුදුසුකම් ලැබූ අතර ඔහු සිය පළමු වසර තුළදී  ජූරි සභාව ඇමතීම සඳහා හෙක්ටර් ජයවර්ධන රන් පදක්කම දිනා ගත් අයෙකුද වූයේය. ඔහු 1977 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාද වූයේය.

1991 වසරේදී ඔහු  දී සීෂෙල්ස් හි නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ විනිසුරු ප්‍රනාන්දු 1992 දී එරට ප්‍රධාන රජයේ නීතීඥවරයා  ලෙස උසස් වීම් ලැබුවේය.

විනිසුරු ප්‍රනාන්දු මහතා 2009 වසරේ සිට 2015 වසර දක්වාම  ෆීජි අභියාචනාධිකරණයේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළේය.

සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු කටයුතු කිරීමට මත්තෙන් විනිසුරු ප්‍රනාන්දු වසර දහයක් පුරා  එරට  නීතිපතිවරයා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

1999 වසරේ ජනවාරි මාසයේ සිට සිට 2009 වසර දක්වා එක දිගට වසර දහයක් පුරා එරට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ විනිසුරු ප්‍රනාන්දු මහතා එම කාලය තුළ එරට නීතී ක්ෂේත්‍රයට සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළ අයෙකු ලෙස සැලකේ.

සීෂෙල්ස් රාජ්‍යයේ නීතීපති දෙපාර්තමේන්තුවට එක්වීමට මත්තෙන් ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයෙකු කටයුතු කළ අයෙකු වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ  රජයේ නීතීඥවරයෙකු ලද වසර 11 ක් සේවය කළ විනිසුරු තිස්ස ප්‍රනාන්දු මහතා  1979 වසරේ දී ශ්‍රී ලංකාවේ නීතීඥ සේවයට එක් වූ අයෙකුද වේ.

නීතීඥවරයෙකු වශයෙන් මෙරට මහේස්ත්‍රාත් අධිකරණය , මහාධිකරණය , යුද්ධාධිකරණය , අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කළේය.එසේම උපරිමාධිකරණ වල මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම්, ඡන්ද පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රසිද්ධ නීතීඥවරයෙකුද වූයේය.

එසේම 1982 සහ 1983 වසරේදී අපරාධ සිදු කළා යැයි කියන රජයේ සේවකයින් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම , 1986 මැයි 03 වැනිදා කටුනායක ගුවන්තොටුපළ එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හි රජයේ නීතීඥවරයෙකු ලෙසින්ද කටයුතු කළ අත්දැකීම් බහුල නීතීඥවරයෙකු වූයේය.

දශක තුනකට වැඩි සිට වෘත්තීමය සේවා කාලය තුළ විනිසුරු ප්‍රනාන්දු විසින් අපරාධ, ව්‍යවස්ථාමය, මැතිවරණ සහ සිවිල් නීතිය පිළිබඳ සුවිශේෂී තීන්දු කිහිපයක් රැසක් ප්‍රකාශයට පත් කළ අයෙක් වන අතරම එම තීන්දු පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති වාර්තා වෙළුම් සඳහාද ඇතුළත් කර ඇත.

මීට අමතරව මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය මුහුදු කොල්ලකෑම් පිළිබඳ යූ.එන්.ඕ.ඩීසී විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කොට ඇති වන ඔහු මෙම විෂය පිළිබඳව පුළුල් ලෙස ලියා ඇති අතරම, ජාත්‍යන්තර සංසදවල සහ අධ්‍යයන ආයතනවල ඉදිරිපත් කිරීම් කිහිපයක්ම කර ඇති අයෙකුද වේ.

තවද විනිසුරු ප්‍රනාන්දු මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය නීති ප්‍රකාශනයේ සම විචාරකයෙකු ලෙසින්ද ,පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ නීති ව්‍යාපෘති සඳහා වන උපදේශන සංචිතයේ සාමාජිකයෙකු ලෙසින්ද කටයුතු කර ඇත. 

එච් අයි.වී / ක්ෂය රෝගය, හා මානව හිමිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රාදේශීය විනිසුරු සංසදයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙසින් කටයුතු කර ඇති අතර ඔහු ජාත්‍යන්තර දූෂණ විරෝධී අධිකාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද විශාල සේවය කළ අයෙකු ද වේ.

විනිසුරු වෘත්තීයට අමතරව වෙනත් විශිෂ්ට පරිබාහිර කටයුතු රැසක් ඉටු කළ ඔහු විසින් ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථ අතර ව්‍යවස්ථා නීතිය, මැතිවරණ නීතිය, අපරාධ නීතිය, සමුද්‍ර මුහුදු කොල්ලකෑම් සහ ජාත්‍යන්තර බේරුම්කරණය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති ප්‍රකාශනයේ පළ වූ පොත් සහ ලිපි ඇතුළත් ය.

එම විෂය ක්ෂේත්‍රයේම ආරාධිත කථිකයෙකු ලෙස කටයුතු කර ඇති විනිසුරු තිස්ස ප්‍රනාන්දු අපරාධ යුක්තිය සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව, දූෂණ විරෝධී , බේරුම්කරණය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ලොව පුරා ජාත්‍යන්තර නීතී සම්මන්ත්‍රණ කිහිපයකම දායකත්වය සැපයූ අයෙකුද වේ.

ශ්‍රී ලංකාවේ රැදී සිටි අවදියේදී විනිසුරු ප්‍රනාන්දු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය්ද , ඊට අමතරව සීෂෙල්ස් විශ්ව විද්‍යාලයේ විවිධ විෂයයන් පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස නීතී සිසුන් සඳහා දැනුම ලබා දුන් අයෙකු ද වේ.

තවද විනිසුරු ප්‍රනාන්දු මහතා සීෂෙල්ස් අධිකරණ විද්‍යාලයේ උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීෂෙල්ස් හි අධිකරණ සේවා විද්‍යාලය සඳහා නීතීඥයින් බඳවා ගැනීමේ විභාග පරීක්ෂකවරයෙකු ලෙසින්ද කටයුතු කරනු ලැබුවේ නීති ක්ෂේත්‍රයේ ඔහු ලැබූ වෘත්තීමය පළපුරුද්ද නිසා වෙනි.

 



අදහස් (5)

සීෂෙල්ස් රාජ්‍යයේ අභියාචනාධිකරණ සභාපති ලෙස ලාංකිකයෙක් පත්වෙයි

kamal Friday, 10 July 2020 01:28 PM

රංජා මල්ලිගේ හඬපට අහලා වෙන්න ඇති ජොබ් එක දුන්නේ...?

:       175       100

raviSaturday, 11 July 2020 04:49 AM

ඔය ලංකාව කියන අඹ ගෙඩිය ඇතුලේ දාන සෙල්ලම්... එහෙ දාන්න බැහැ. එහෙම වුණොත් ඉතින් කණ පලාගෙන කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන තමයි ආපහු ගෙදර එන්න සිද්ද වෙන්නේ. ශීසෙල්ස් කියන්නේ අපේ වගේ මුඩුක්කු පාර්ලිමේන්තුවක්... නීතියක් තියෙන රටක් නෙමෙයි.

:       85       51

කරුSaturday, 11 July 2020 10:52 AM

ඔබ වැනි අයට ගෙදර වෙන වැඩක් නැති නිසාද, එහෙම නැතිනම් ගෙදර බිරිඳගෙන් ගුටිකාලා ඇතිවෙලාද යන්න තැනක් නැතිවුණාම මේ පිටුවට පාත්වෙලා පිස්සු කරන්නේ? පිස්සු කියවන්නේ නැතිව ඉන්න. වැදගත් ගතයුතු දෙයක් කියන්න නැතිනම් ගෙදර ගිහින් නෝනාව නාවන්න කුණු අතුල්ලලා.

:       0       0

ලුම්බිණි Saturday, 11 July 2020 12:24 AM

මෙතන මොකද්ද ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය?

:       0       0

Anton Fernando Saturday, 11 July 2020 03:56 AM

සුබපැතුම්..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30519 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12533 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10904 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site