(ටෝනි කරුණානායක) 

මිනුවන්ගොඩ  නිල්පනාගොඩමහ විද්‍යාලය වටා ඉදිකර ඇති තාප්පයේ බිතුසිතුවම්  කරමින් සිටි ආදි සිසුන් තිදෙනකුව අද (05)සවස තියුණු ආයුධ වලින්  කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

තුවාල  ලැබු තිදෙනා ගම්පහ සහ දිවුලපිටිය රොහල් වලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබු එක් අයෙකු පොලිස් නිලධාරියකු බවද පොලිසිය පවසයි .

මෝටර් රථයකින් සහ යතුරු පැදි වලින්පැමිණි පිරිසක් එම පහරදිම සිදු කර ඇති බවත් බිතුසිතුවම් කරමින් සිටින තැනින් සෙමින් ගමන් කරන ලෙස යතුරු පැදිකරුවන්ට පැවසිම එම පහරදිමට හේතු  වි ඇතැයි පොලිස්  පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ .

සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම  සදහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ  සිදු  කරයි.