
(ජයන්ත සමරකෝන්)
කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25) පැවසීය.
පෞද්ගලික වාහන මගින් රාජකාරී සඳහා නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුවට විශේෂයෙන් මෙම බස්රථ සේවාව යොදවන බවද පෞද්ගලික වාහන 70,80 ක පමණ පිරිසක් මෙම එක් බස් රථයක රැගෙන යා හැකි බවද ඒ මහතා කීය.
ගුවන්තොටුපලවල යොදවා ඇති අභ්‍යන්තර බස්රථ සේවාවට සමාන මෙම බස්රථවල මගීන් වැඩි පිරිසක් හිටගෙන යා හැකි අතර ආබාධිත පුද්ගලයින්ට සිය රෝද පුටු මගින් මෙම බස්රථවලට ඇතුල්විය හැකි බවද හෙතෙම සදහන් කළේය.
මෙම රක් බස්රථයක් රුපියල් මිලියන 100 කට වැඩි බවද සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් මෙම බස්රථ සඳහා අයකරන බවද ඔහු කීවේය.
මෙම සැලැස්ම රජයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇතැයි ද එම සංගමය පවසයි. සාමාන්‍ය බස් රථ සේවාවට අමතරව සෑම මාර්ගයකම සුඛෝපභෝගී බස්රථ 10% යොදවන බව සංගමය සඳහන් කළේය.
COMMENTS
70ක් 80ක් සෙනග පටවලා බහුතරය හිටගෙන යනවනම් ඒක සුඛෝපබෝගී බස් එකක් වෙන්නෙ කොහොමද?
බස් රථ ඵකක් රුපියල් මිලියන 100 විය නොහැක. එසේ වුවහොත් මෙම සේවාව ලබාදීමට රජය මුදල් ආධාර ලබාදීමට සිදුවනූ ඇත.
ඉතා හොඳයි. ක්‍රමානුකූලව ඉන්දියානු බස් රථ ඉවත් කරන්න, යුරෝපයේ මෙන් අනාගතයේ දී අපට ඉතා හොඳ බස් රථ තිබිය හැකිය.
මිලියන 100යේ බස්රථ??
මිලියන 100 එ්වා 100ක් පිටරටට දෙන්න වෙනවා නේද? ඊට වඩා හොඳ නැද්ද JICA එකේ ට්‍රේන් සිස්ටම් එක කළානම්...? මට පෙනෙන්නේ මෙයාලත් ඉන්නවා වගේ JICA එක කැන්සල් කරපු එක පිටි පස්සේ...
අයියෝ අයියෝ... කවුද මේ තීරණ ගන්නේ? මාර්ග "තදබදයට" සුඛෝපබෝගි බස්රථ දාලා හරියනවද? මාර්ග තදබදය එකක්, ප්‍රවාහන පහසුකම් සුඛෝපබෝගි කරනවා කියන්නේ තව එකක්...!!!
175 - කොල්ලුපිටිය සිට කොහිලවත්ත මාර්ගයටත් බස් දෙකක් විතර දාන්න.
හේරත්, අනේද කියන්නේ..! කාට කියන්නද?
සෑම දේම දේශීයව කරන නිසා මයික්‍රෝ සහ තන්ත්‍රී කෝච්චි පෙට්ටි දේශීයව කරන්න බැරි ඇයි, මේවා විසඳුම් නොවේ ජනතා මුදල් ගැහිලි.
මොන බස් ගෙනාවත් වැඩක් නැහැ, එලවන අය.?
0.01% පොලියට සහනදායක ණය ක්‍රමය යටතේ, ලංකාවට ලැබුණු සැහැල්ලු දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීම අත්හිටවූයේ කුමන ප්‍රශ්න නිසාද යන්න.. රජය ජනතාවට හෙළිකළ යුතුය.