සාර්ථක ගුවන් ගමනකට සහ ගොඩබෑමකට පසුව, ස්පේස්-එක්ස් රොකට්ටුව පෘථිවියේදී පුපුරා ගියේය. මිනිසුන් රහිත රොකට්ටුවක් වන මෙය බදාදා පුපුරා ගියේ සාර්ථක ගමනික්න පසුවය.
ස්ටාර්ෂිප් රොකට්ටුවේ මූලාකෘතියක් වැනි වූ මෙම ස්පේස්-එක්ස් රොකට්ටුව, කවදා හෝ අඟහරු වෙත මිනිසුන් ගෙන යාමට බලාපොරොත්තුවෙන් නිර්මාණය කරන ලද්දකි.
පරීක්ෂණ ගුවන් ගමන සම්බන්ධයෙන් කළ සජීවී විකාශනයකදී “ලස්සන මෘදු ගොඩබෑමක්” යැයි ස්පේස්-එක්ස් විචාරකයෙක් පැවසීය. එහෙත් ඒ සමගම පතුලේ ගිනිදැල් පිටවන ආකාරයක් පෙනෙන්නට තිබිණ. කාර්ය මණ්ඩලය ඒවා පිටතට දැමීමට උත්සාහ කළද, මිනිත්තු කිහිපයකට පසු රොකට්ටුව පුපුරා අහසට විසිවී නැවත බිම ඇද වැටුණි.
එහෙත් ඒ සම්බන්ධයෙන් ස්පේස්එක්ස් කණ්ඩායම කඩිනම් පැහැදිලි කිරීමක් දී නැත.
"ස්පේස්එක්ස් කණ්ඩායම විශාල වැඩ කොටසක් කරනවා! යම් දවසක සාර්ථකත්වයේ සැබෑ මිනුම වනුයේ ස්ටාර්ෂිප් ගුවන් ගමන් සාමාන්‍ය දෙයක් වීමයි" යයි ස්පේස්එක්ස් කණ්ඩායමේ නිර්මාතෘ එලෝන් මස්ක් මහතා පැවසීය.
රොකට්ටුව අහසට නැඟී සැතපුම් හයක (කිලෝමීටර 10) උසකට ළඟා වූ අතර එහි එන්ජින් තුන ක්‍රමානුකූලව වසා දමන ලදි. පසුව එය තිරස් අතට පිහිටුමක් ලබාගත් අතර නැවත පැමිණීමට පෙර සිරස් බවට පත්ව පහළට ගමන් කළේය.
- අඟහරුට හෝ සඳට -
ස්පේස්එක්ස් නිර්මාතෘ එලොන් මස්ක් අඟහරු ග්‍රහයා වෙත යාම සඳහා ඊළඟ පරම්පරාවේ ස්ටාර්ෂිප් රොකට්ටුව සංවර්ධනය කරමින් සිටියි. එහෙත්, මූලාකෘති දෙකක් (එස්එන් - 8 සහ එස්එන් - 9) දෙසැම්බර් සහ පෙබරවාරි මුලදී ඔවුන්ගේ පරීක්ෂණ ගුවන්ගත කිරීම් වලදී පුපුරා ගියේය. රොකට්ටුව ක්‍රියාකාරී වුවහොත්, අඟහරු ග්‍රහයා වෙත පමණක් නොව, විශේෂයෙන් සඳ වෙත සමීප චාරිකා සඳහා ද ප්‍රයෝජනවත් වේ.
මෙක්සිකෝව සහ මෙක්සිකෝ බොක්ක දේශ සීමාව අසල දකුණු ටෙක්සාස් හි ස්පේස්-එක්ස් විසින් බදු ගෙන ඇති පාළු ප්‍රදේශයක මෙම පරීක්ෂණ සිදු වේ. මෙම ප්‍රදේශය විශාල හා හිස් බැවින් අනතුරකින් හෝ පිපිරීමකින් හෝ වෙනත් හානියක් මාරාන්තික අනතුරක් සිදු නොවේ.
2023 දී කඩිනමින් දියත් කිරීමට අපේක්‍ෂා කරන ස්පේස්-එක්ස් අභ්‍යවකාශ ගමන් සඳහා ජපාන ප්‍රකෝටිපතියෙකු මෙන්ම විලාසිතා ව්‍යාපාරිකයකු වන යූසුකු මේසාවා හෙළිදරව් නොකරන ලද නමුත් අති විශාල මුදලක් ගෙවා තිබේ. තමන් සමග එම අභ්‍යාවකාශ ගමනට එක්වන ලෙස ඔහු තවත් 8 දෙනකුට ආරාධනා කර සිටී.
“අපි ස්ටාර්ෂිප් සමඟ බොහෝ වාරයක් කක්ෂයට පැමිණ තියෙනවා. ස්පේස්-එක්ස් 2023 වන විට මිනිස් ප්‍රවාහනයට ප්‍රමාණවත් වනු ඇති බවත් මට විශ්වාසයි. එය පොරොන්දුවක්“
එලෝන් මස්ක් මහතා පැවසීය. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු පුද්ගලික අභ්‍යවකාශ යානාව ස්පේස්-එක්ස් වනු ඇත.



(ඡායාරුප - ඒඑෆ්පි සහ රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්පේස්-එක්ස් රොකට්ටුව පුපුරා යයි
Tharindu Perera Thursday, 04 March 2021 07:11 AM
උත්සාහවන්තයා අනිවාර්යයෙන්ම ජය ගන්නවා..!
බණ්ඩා Thursday, 04 March 2021 11:52 AM
කවුද කිව්වේ බදාදා එස්.එන්.10 ස්ටාර්ශිප් පරීක්‍ෂණ ගුවන් ගත කිරීම අසාර්ථක වුණා කියලා? එස්.එන්.8 සහ 9 න් පස්සේ කළ සාර්ථක වූ අත්හදා බැලීම වුනේ 10. එය සාර්ථක ලෙස ටෙක්සාස් ගොඩබැසීමේ පථයටම නැවත ගොඩ බැස්සා. පුපුරා ගියේ නෑ. හොයලා බලන්න.
Bamunuarachchi Saturday, 06 March 2021 02:12 AM
ආ පිපිරුනාද? හ්ම්...