රුසියාව නිෂ්පාදනය කළ ස්පුට්නික් වී එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සදහා යොදාගැනීමට අනුමැතිය හිමිව තිබේ.
වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියාසිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් ඊට අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුව, කොරෝනා මර්දනය වෙනුවෙන් මෙරට භාවිත කිරීමට අනුමැතිය හිමි වූ දෙවන එන්නත මෙය වේ.මේ වනවිට රජය, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මහජනයාට ලබාදෙමින් සිටී.
ඉදිරියේදී රුසියාවෙන් එන්නත් මාත්‍රා 300,000ක් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබෙනු ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.
(6844)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.