(තිළිණි ද සිල්වා)
සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස මෙරටින් බිහිවූ ලෝක ප්‍රකට සාගර විද්‍යඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කරනු ලැබ ඇත.
එම නම් කිරීමට අමතරව ලාංකික සාගර විද්‍යාඥවරිය සිදුකළ සාගර පර්යේෂණය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් 5000 ක මුදල් ත්‍යාගයක්ද ඇයට සහ ඇයගේ ඕෂන් වෙල් නැමැති අධ්‍යයන ආයතනට පිරිනැමීමට එම සගරාව තීරණය කරනු ලැබ ඇත.
“ 2020 වසරේ සාගර වීරවරිය ” නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය කියා සිටියේ සාගර සංරක්ෂණ ක්‍රියාවලියේදී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනා ගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනා බවය. එවැනි අයට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතු යැයිද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
සාගර විද්‍යා විෂය තනිව ඉගෙන ගනු ලැබු අයෙකු ලෙස , සාගරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට උදව් කිරීම සේම , සාගර සංරක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති අයට මේ අවස්ථාව හොඳ උත්තේජනයක් වනු ඇතැයිද ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
ප්‍රකට අත් ඔර්ලෝසු සන්නාමයක් වන සීකෝ ආයතනය විසින් ඇයට මෙම මුදල් ත්‍යාගය පිරිනමා ඇති අතර එම සමාගම අදාළ මුදල් ත්‍යාගය ලබා දෙමින් සදහන් කර ඇත්තේ සාගර පරිසරය සුරැකීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය සහ සාගර විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් වෙනුවෙන් මෙය ලබා දෙන බවය.
ආශා ඩි වොස් මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේදී මෙරට පානදුර වෙරළ තීරයට ගොඩ ගැසූ සියයකට ආසන්න නිල් තල්මසුන් සංඛ්‍යාවක් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයට සහභාගී වූ ප්‍රධාන සාගර විද්‍යාඥවරිය ඇයවූ අතර ස්කූබා ඩයිවින් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කිරීමට එය හේතුවක් ද වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයි
fairoos Wednesday, 02 December 2020 02:30 PM
ආඩම්බරයි ... සුබපැතුම්...!!!
aruna Thursday, 03 December 2020 08:25 AM
සුබපැතුම්... !!!
විජිත් Thursday, 03 December 2020 10:56 AM
ආශා, මගෙනුත් උණුසුම් සුබ පැතුම්. ඔබ වැනි උගත්, අවංක, ඒ වගේම සතුන්ට පරිසරයට පණ මෙන් ආදරය කරන තවත් තරුණ තරුණියන් රැසක් අපේ රටෙන් බිහිකිරීමට ඔබට ශක්තිය සහ දිරිය තව තවත් ලැබේවා. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි...!!!