IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

මෙම තරගයේදී ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවිය.

තරගයේ වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk  වෙත පිවිසෙන්න



අදහස් (32)

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට

sirimal Monday, 17 September 2018 08:17 PM

ආසියානු කුසලාන තරගාවලියෙන් විතරක්නම් බැරිය. අනාගතයේ මුහුණ දෙන්නට වෙන සේරම තරඟවලිනුත් අත්වෙන ප්‍රතිඵලය ඕකම තමයි. ඔට්ටු ඇල්ලිල්ලයි ක්‍රිකට් ගැහිල්ලයි කලවන් කර ගත්තහම ඔහොම වෙනවා.

:       0       59

ජූඩ් Monday, 17 September 2018 08:42 PM

සියල්ල අයාලෙ ගිය රටක ක්‍රිකට් විතරක් හරි පාරේ යන්න විදියක් නෑ ආයුබෝවන්ඩ.....

:       0       40

sadun Monday, 17 September 2018 09:20 PM

එල කිරි

:       0       105

Sandaruwan Dubai Monday, 17 September 2018 09:21 PM

සමහරු අවසානවතාවට ලකුණු 10 ලබාගෙන තිබුන කාලේ පෙට්‍රල්117ලු.

:       0       3

Kamal Monday, 17 September 2018 09:22 PM

මොවුන්ට නිරපරාදේ ලබාදෙන පහසුකම් මුදල් කපාහැර එම මුදල් අනිකුත් ක්‍රිඩා සඳහා යෙදවිය යුතුය.

:       0       102

suresh Monday, 17 September 2018 09:22 PM

ආව ගියෝ අදත් කෑව.

:       0       10

Shanaka Monday, 17 September 2018 10:45 PM

ජයවේවා.!

:       0       14

amith Monday, 17 September 2018 11:00 PM

ලංකාවේ ක්‍රිකට්වල වලගම තවත් සනාථ කරන අවස්ථාවක්. ඔබට දැන් සතුටුද ?

:       0       63

Cisco Monday, 17 September 2018 11:24 PM

නිවැරදි නොවන නායකත්වය සහ කළමනාකාරිත්වය සමග හතුරුසිංහ පමණක් කුමක් කරන්නද.? හරියට අපේ රට වගේ...

:       35       13

Deepal Monday, 17 September 2018 11:41 PM

බලාපොරොත්තු වුන වෙනස ඒකයි.... දිනාගෙන දිනාගෙන ආවා. දැන් පැරදීගෙන පැරදීගෙන යනවා.

:       0       29

chapa Tuesday, 18 September 2018 12:14 AM

යන්තම් ඒ වැඩෙත් ඉවරයි තමන්ගේ වැඩක් බලා ගන්න පුළුවන්.

:       0       65

Raveendra Tuesday, 18 September 2018 02:05 AM

අපගේ කණ්ඩායමේ සටන්කාමිත්වයක් මෙන්ම තැනට ඔබින ලෙස ක්‍රීඩා කිරීමට නොහැකිවීම පිලිබදව අපගේ බලවත් කනගාටුව. ජය පැරදුම ක්‍රීඩාවේ ලක්ෂණයක් මෙන්ම එය දරා ගැනීමටද හැකිය, නමුත් මෙසේ අනිසිලෙස මෙන්ම නොසැලකිලි ලෙස තරගයන් පුජා කිරීම නම් කිසිසේත් පිළිගත නොහැක.

:       1       114

Nimal Tuesday, 18 September 2018 02:13 AM

නායකත්වය කොතරම් දුර්වලද කියලා තරඟාවලි ගණනාවකදී පැහැදිලි උනා. පන්දමක් ද දන්නේ නෑ. අනෙක බොහෝ ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම ඉතාමත් ම දුර්වලයි. ලංකාවේ බිහි වූ දුර්වල ම පන්දු රැකීමේ කණ්ඩායම මෙයයි.

:       118       419

කෝලිත Tuesday, 18 September 2018 02:24 AM

හොද වෙලාවට නේපාලි කණ්ඩායම හිටියෙ නැහැ... හිටියානමි එයාලගෙනුත් කනවා.

:       0       60

Sanjeewa Tuesday, 18 September 2018 03:02 AM

මේකට කියන්නෙ අපේ ජනපති තුමාගේ භාෂාවෙන් ජාත්‍යන්තරය දිනාගත්තා කියලා.

:       0       82

ලුම්බිණි Tuesday, 18 September 2018 03:32 AM

එදා ලෝක ශුරයන් උනත් අද අපිට වෙච්ච දේ පේනවා නේ.

:       0       52

Sanjeewa Tuesday, 18 September 2018 04:05 AM

ක්‍රිකට් ක්‍රීඩාවෙ හෝඩිය අමතකකොට තමන්ගෙ රටගැන නොහිතන අයට, මේවට වියදම් කරන මුදලෙන් රටේ එදා වෙල නැතිව ඉන්න අසරණ මිනිසුන් කීදෙනෙකුට කන්න කන්න බොන්න පුළුවන්ද, ඒ වගේම කොපමන දක්ෂ ක්‍රීඩකයන් ප්‍රමාණයක් එලියෙද, මෙයාලට පැරදුනත් සල්ලි දිනුවත් සල්ලි, අපේ කණ්ඩායම් කිසිම විනයක් නැහැ මූලික හේතුව එ්ක.

:       3       76

Vipula Tuesday, 18 September 2018 04:18 AM

දැන් ඉතා පැහැදිලියි. ප්‍රශ්නේ තියෙන්නේ පුහුණුකරුගේ නෙවෙයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයේ...

:       1       42

samank Tuesday, 18 September 2018 04:31 AM

යහපාලනය තුලින් ක්‍රිකට් ක්‍රීඩාව මෙවන් අභිමානවත් පියවරක් කරා ගෙන ඒමට දායක වූ සැමට තුති.

:       242       349

හමා Tuesday, 18 September 2018 04:33 AM

අපට ක්‍රිකට් එපා ඕක කාලය නාස්ති කරන එක්තරා පන්තියක් පුම්බන මෙලෝරහක් නැති විකාරයක් ( අද වෙනකොට)

:       52       108

chaminda Tuesday, 18 September 2018 04:50 AM

අම්මෝ දැන් ඉතින් පිළිගැනීමේ උත්සවයක් සුදානම් කරන්න අපේ වීරයන් පිළිගන්න. අපිට තිබුන සිහිනය සබැ උනා... (මෙහෙමවත් හිතලා හිත හදාගන්න)

:       0       16

මහින්ද Tuesday, 18 September 2018 04:50 AM

ඇන්ජෙලෝ මැතිව්ස් නායකයා විදිහට ඉන්න කොට අපේ කණ්ඩායමට කිසිම වාසනාවක් නෑ . තමාට වඩා කණ්ඩායම හිතන වාසනාවන්ත නායකයෙක් ඉන්න ඕන තරඟ දිනන්න.

:       0       306

ඩී. ජයදේව Tuesday, 18 September 2018 04:58 AM

කමක් නෑ. මහවැලි අන්තර් කලාප කප් එක උස්සමු.

:       0       10

KAP Tuesday, 18 September 2018 05:02 AM

සමන් K, වෑසිකිලි යන්නෙත් දේශපාලනේ ඈදගෙනද? යහපාලනයයි, ක්‍රීඩකයන්ගෙ හෑකියාවයි දෙකක් කියලා තේරෙන්නෙ නෑති සම හරක් ඉන්නවා.

:       167       38

Ravi Tuesday, 18 September 2018 05:20 AM

ඔක්කොම අයින් කරලා දාලා අලුත් කණ්ඩායමක් හදන්න වෙනවා. පුහුණුකරු කෙනෙක් පිට රටකින් ගෙන්න වෙනවා. ඒවගේම ක්‍රිකට් ආයතනය අලුතින් පත් කරන්න වෙනවා. එහෙම නැතිවනම් ලංකාවේ ක්‍රිකට් නැවත ගොඩ ගන්න බැහැ කවදාවත්...........

:       0       5

isurandi Tuesday, 18 September 2018 06:15 AM

හතුරුසිංහ නෙමෙයි කොයි කවුරු ආවත් මේ යන විදිහට කණ්ඩායම ගොඩගන්න අමාරුයි. පළමු වටයෙන්ම ඉවත් උන එක හොදට ගියා ක්‍රිඩාලෝලින්ගේ ලේ කුපිත කරන්නේ නැතුව.

:       0       4

wedage Tuesday, 18 September 2018 06:37 AM

ශ්‍රී ලංකාවේ විදුලිය සහ මිනිසුන්ගේ කාලය ඉතුරුයි ජය වේවා.

:       0       6

Kumara Tuesday, 18 September 2018 06:47 AM

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැන් කරන්න තියෙන්නේ බංගලාදේශ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන හැටි බලාගෙන ඉන්න එකයි.

:       0       5

banda Tuesday, 18 September 2018 08:34 AM

අපි දැන් බංගලින් නයි නටවන හැටි බලමු.

:       0       0

banda Tuesday, 18 September 2018 08:37 AM

මාලිංගට දැන් ගෙදර යන්න කාලෙ හරි...

:       0       0

Ananda Tuesday, 18 September 2018 08:38 AM

දැන් ලංකාවේ ක්‍රිකට්වලට සම්බන්ධ වෙලාඉන්න ඔක්කොම සල්ලිවලට කෑදරයිනේ...

:       0       0

කාන්ති රණවිර Tuesday, 18 September 2018 09:36 PM

මේ ක්‍රීඩකයින් ශක්තිමත් නැහැ. මොවුන්ට දෙන ගෙවීම් 50% කපා හරින්න. ඉන්නවානම් ඉන්න කියන්න නැතිනම් යන්න කියන්න. ඈත ගම් පළාත්වල ඉන්න ශක්තිමත් තරුණයින් 50ක් තෝරාගෙන පුහුණු කරන්න.අනිවාර්යයෙන්ම අපි දිනනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 451 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 376 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3244 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 343 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1608 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 1506 2

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2358 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site