ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි  පුද්ගල  මරණය අද (01) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල්     ජා සිංහ මහතා පැවසීය.

මිය ගිය පුද්ගලයා කුවේට් සිට පැමිණ  හෝමාගම රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බලමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 822 ක් වන අතර 801 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.