
( රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා )
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතෙන් පාර්ලිමේන්තුවේ බලය සෘජුවම අභියෝගයට ලක් වී ඇති බවත්, එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වී ඇතැයි ද එම පනත් කෙටුම්පතට එරෙහි ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගයේ දී පෙත්සම්කාර සමගි ජනබලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිට නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (29) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි ගොනු කර ඇති පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසම පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලය ද ලැබී තිබෙන බවත්, එමඟින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවත්වීම අහිමි වීමක් සේම, ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට බලපෑමක්ද සිදුවන බවයි.
නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“මෙම පනත් කෙටුම්පත මඟින් පාර්ලිමේන්තුවේ බලයට සෘජුවම අභියෝගයට ලක්වීමක් සිදු වෙලා. ඒ වගේම ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වීමක්.පනතේ විධි විධාන මඟින් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් සඳහා යොමු කිරීමට බලයක් ලබා දී තිබෙනවා. මෙමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය සෘජුවම උල්ලංඝනය වීමක්.මීට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු කිරීමේදී ඊට වගඋත්තරකරුවෙකු ලෙස නීතිපති නම් කිරීමේ බලයද අහිමි කර තිබෙනවා.
“තවද පනත් කෙටුම්පතක නිවැරදිභාවය පිළිබඳ අධිකරණ විමර්ශනයට ලක් කිරීමේ කාලය අවම කර ඇත. එය දින 14 සිට දින 7 දක්වා අඩු කර තිබෙනවා.මේ හේතුවෙන් අධිකරණය විධායකය සහ පාර්ලිමේන්තුව අතර බල සංතුලනය නැතිවීම යාමක් ද සිදුවනවා. මැතිවරණ කොමිෂම පාලනය කිරීමට ජනාධිපතිවරයාට බලය ද ලැබී තිබෙනවා.එමඟින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවත්වීම අහිමි වීමක් සේම ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට බලපෑමක් ද සිදුවෙනවා.
“විගණකාධිපති , නීතිපති , පොලිස්පති ආදී තීරණාත්මක තනතුරු වලට සුදුස්සන් පත් කිරීමේ බලය පූර්ණ බලය ජනාධිපතිවරයාට ලැබීමෙන් රට පාලනය කිරීමේ අත්තනෝමතික බලයක් ලැබේ.
පෙත්සම්කාර නීතීඥ ඉන්දික ගාල්ලගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මෙසේද කීය.
මෙම පනත් කෙටුම්පත කියවීමට දින නියම කළේ සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිවයි.මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය ඉවත්කර තිබෙනවා. එය ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්.
මෙම පනත් කෙටුම්පත මඟින් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. එපමණක් නොව රටෙහි ජනාධිපති හෝ අගමැති වීමටත් ද්විත්ව පුරවැසියෙකුට මෙමඟින් අවස්ථාව හිමිවී තිබෙනවා. මෙය රටෙහි ආරක්ෂාවට සෘජුවම බලපාන කරුණක් .මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟින් මැතිවරණ කොමිසම , දූෂණ විමර්ශන කොමිසම, පොලිස් කොමිෂන් සභාව අකර්මණ්‍ය කර තිබේ.එමඟින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් පෙනී එම්.ඒ සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇත්තේ ව්‍යවස්ථාදායක බලය අන්සතු කළ නොහැකි බවයි. නමුත් මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මඟින් ව්‍යවස්ථාදායක බලය දුර්වල වී එම බලය ජනාධිපතිවරයා වෙත සංකේන්ද්‍රගත වෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයෙන් ප්‍රතික්ෂේප කරන පනත් කෙටුම්පතක් ජනාධිපතිවරයා ජනමත විචාරණයක් මඟින් සම්මත කර ගත හැකියි. එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වීමක් සිදු වෙනවා. මේ අකාරායට ජනතාවගේ ස්වෛරීභාවය උදුරාගත නොහැකියි.
ඉන්පසු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඊ.කන ඊෂ්වරන් මහතා මෙසේ ද කීය.
මෙම පනත් කෙටුම්පත නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යවස්ථාවේ මූලික අංගයක් වන්නේ ජනතාවගේ ස්වෛරීභාවයයි. එය කිසි විටෙකත් පැහැරගත නොහැකියි. මේ බව සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් ලබා දුන් තීන්දුවක් මඟින් තහවුරු වී තිබෙනවා. මෙම නඩු තීන්දුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවයි. එමඟින් පැහැදිලිව දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික රාමුව වෙනස් කළ නොහැකි බවයි.
පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට (30) කල් තැබිණි.
COMMENTS
අවුරුදු 2ක් යහපාලන අපතේ හැරිය මේකටත් තව අවුරුද්දක්වත් යයි. ඊළඟට ආයෙත් ජනාධිපතිවරණයක් එයි. ඒ වෙනකොට යහපාලනේ කරපු වැඩ අමතක වෙලා ආයෙත් සජී පුතාට හරි, රනිල් නායකට හරි මිනිස්සු හුරේ දායි.. මේකත් හරියට සෘතු මාරුවෙනවා වගේ වැඩක්.
නීතිපති කියන විදිහට කාරකසභා අවස්ථාවේ වෙනස් කරනවා කියන එක පිළිගන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඊට පස්සේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති නිසා. අනිත් එක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වෙනි වගන්තියේ තියෙන රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය" 20 වෙනි සංශෝධනයට ඇතුල් කරන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙනඑක වෙනස් කරන්න කාරකසභා අවස්ථාව වෙනකම් ඉන්න ඕනෙද? අලි සබ්‍රි විශේෂයක් දක්වන, රජයේ විගණාධිපති විසින් විගණනය නොකළ යුතුයි කියලා ඔහු ඉතාම තදින් කියන, අති විශේෂිතව තෝරාගත් රාජ්‍ය සමාගම්ද ඇතුළුව සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයට ලක්විය යුතු බව කියන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනේද..?
නීතිපති කියන විදිහට කාරක සභා අවස්ථාවේ වෙනස් කරනවා කියන එක පිළිගන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඊට පස්සේ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති නිසා. අනිත් එක "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 වෙනි වගන්තියේ තියෙන රටේ ඒකීය භාවය සුරකින බවට වූ වගන්තිය" 20 වෙනි සංශෝධනයට ඇතුල් කරන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ දෙන එක වෙනස් කරන්න කාරක සභා අවස්ථාව වෙනකම් ඉන්න ඕනෙද? අලි සබ්‍රි විශේෂයක් දක්වන, රජයේ විගණාධිපති විසින් විගණනය නොකළ යුතුයි කියලා ඔහු ඉතාම තදින් කියන, අති විශේෂිතව තෝරාගත් රාජ්‍ය සමාගම්ද ඇතුළුව සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය විගණනයට ලක්විය යුතු බව කියන්න කාරක සභා අවස්ථාව එනකම් ඉන්න ඕනෙද?
මේ 20 වෙනි සංශෝධනයේ භයානකකම දවසින් දවස එළිවෙනවා. මුලදීම කිව්වා වගේ මේක ඇමරිකන් එම්සීසී සහ සෝෆා වැනි රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරලා ක්‍රියාත්මක කරන්න බැරි වෙන විදිහට අපේ ව්‍යවස්ථාවේ ආරක්ෂාවට ජේ.ආර්. දාල තියෙන සියලු මුර කපොළු විවෘත කරන අති භයානක සංශෝධනයක්. 1978 තරම් ඈත කාලයේ දුර දිග කල්පනා කරලා ජේ.ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ අදටත් අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වය ඉහළින්ම ආරක්ෂා වෙන විදිහට...
පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බැරි පනතක් ජනමත විචාරණයකින් සම්මත කරවන්න පුලුවන් නම් ඒක මොනතරම් හොඳ දෙයක්ද..? සමහර වේලාවට මන්ත්‍රීවරු සල්ලිවලට විකිණිලා හරි මොනයම් වාසියකට හරි, වැදගත් පනතකට විරුද්ධව වුණොත් එවක ජනමත විචාරනේකට යොමු කරන එක මොනතරම් හොඳ දෙයක්ද? මෙයාලා ඇයි මේකට බය? අපි දැක්කනේ මැතිවරණ කොමිසමට වෙච්ච දේ.. ඒක මැතිවරණ තියන් නැති කොමිසමක් වුණා අන්තිමේදි ..!
මේ රටේ ආණ්ඩුක්‍රම ගැන වැඩිහිටියන්ට තිබෙන දැනුමවත් අද තරුණ පරපුරට නැහැ. 1972දී අර ප්‍රජාචාරය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කළ නිසා... ඒ නිසා ජනමත විචාරණයේදී ජනතා යහපතම සිදුවේදැයි කියන්න බැහැ.
ද්විත්ව පුරවැසි කියූ විට බොහෝදෙනාට මතක් වෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයයි. නමුත් මා අසා තිබෙනවා, දෙමළ ඩයස්පෝරාවේ බොහෝ දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය තිබෙනවා කියා..
ජනතාවට මොකටද පරමාධිපත්‍යයක්? එහෙම එකක් 68 ලක්ෂයක් අයට ඕනෑ නැහැනේ.
මමත් 2015 වර්ෂයේදී යහපාලන රජයට තමයි ඡන්දය දුන්නේ... ඒ අපි දුන්නේ ව්‍යවස්ථා සංශෝධනයකටවත් තමන්ගේ මඩිය පුරවා ගැනීමටවත් නොවේ. ඡන්දය දුන්නේ රට ස්වයංපෝෂිත කරලා සෑම පුරවැසියෙකුම එක වගේ ජීවත්වීමටයි. එහෙත් ඒක එහෙම වුණේ නැහැ. සුළු දේශපාලන පක්ෂ නායකයින්ට දෙන්න පුළුවන් ප්‍රධානම රාජ්‍ය අමාත්‍යකම් සහ කැබිනට් අමාත්‍යකම් දිදී ඔවුන් කියන විදිහට නටනටා හිටියා මිසක් රටේ ජනතාව ගැන සිතුවේ නැත. දැන් මේ 20වැනි සංශෝධනයක් ගැන නිතර නිතර කතාවෙනවා පාර්ලිමේන්තුවේ බලය අඩුකර ගන්න හදනවා. ජනාධිපතිගේ බලය වැඩිකර ගන්න යනවා කියා... රටකට එක නායකයෙකු ඇති ඔහුගේ අණපරිදි අනිත් සියළු දෙනා වැඩ කිරීමට ආයේ වෙනස් කිරීමට නොහැකි වන පරිදි පැහැදිලි ව්‍යවස්ථාවක් ගෙනැල්ලා මෙය වෙනස් කළ යුතුය කියන එකයි මගේ අදහස... සහරාන්ලා බෝම්බ ගහද්දී ඔය කියන කවුරුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙත්සම් ගොනුකරේ නැහැ. දැන් රටට ආදරේ පිරිසක් වගේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පෙත්සම් ගොනු කරකර සිටිනවා.
අපි මොහොතකට හිතමු මේ 20වැනි සංශෝධනයේ සමහර වගන්ති ජනමත විචාරණයකින් ඇතුළත් කරනවා කියලා. ඒත් ජනමත විචාරණය සාධාරණව පවත්වන බවට දියහැකි සහතිකය කුමක්ද? 1982 වගේ ජනමත විචාරණයක් වුණොත් 20වැනි සංශෝධනයෙන්ම ඒකාධිපති ක්‍රමයකට රට පාලනය කිරීමේ සැලැස්ම සාර්ථක වෙන්න පුලුවන්. ජනමත විචාරණය කියන වචනය ඇසෙන විටත් මතක් වන්නේ එහි ඇති දූෂිත බවයි...
කවුරු කැමැති වුණත්, නැතත් මේ රජය තමන්ට අවශ්‍ය දෙය කරනවා.
ස්වෛරීභාවය කන්නද? අපි 69 ලක්ෂයේ අපිට ස්වෛරීභාවයෙන් වැඩක් නැහැ. අපිට ඕනේ 20..
අනිවාර්යෙන්ම කොටි ඩයස්පෝරාවේ යුරෝපේ ජිවත් වෙන විශාල පිරිසකට ද්විත්ව පුරවැසි භාවය තිබෙනවා.