(මුදිතා දයානන්ද)
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙනආ විශ්වාසභංගය තමන් පිළිනොගන්නා අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂය ලෙස දිගටම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (14) පැවසීය.
ජනාධිපතිගේ ස්ථාවරය වන්නේද තවදුරටත් ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ඇතුළු ඇමති මණ්ඩලය වන බවද ඒ සම්බන්ධයෙන් එතුමා කථානායකවරයාට ලිඛිතව දන්වනු ලබන බවද ප්‍රේමජයන්ත මහතා පැවසීය.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු ආකාරයට එය ඉදිරිපත් නොකළ බවද ඔහු පැවසීය. එය ඉදිරිපත් වූයේ සෙංකෝලය වේත්‍රධාරි විසින්ම ඉවත් කර තිබුණ අවස්ථාවක බවද සෙංකෝලය පාර්ලිමේන්තුවේ නොමැති අවස්ථාවක සභාවක් ක්‍රියාත්මක විය නොහැකි බැවින් මෙම විශ්වාසභංගයට කිසිම බලයක් නැති බවද ඔහු තවදුරටත් පැවසීය.
විශ්වාසභංග යෝජනාවේ අඩංගු දෙවැනි කාරනාව කිසිදු නිශ්චිත භාවයක් රහිතව ඉදිරිපත් කර තිබූ අතර එය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මහලේකම්ට භාරදුන්නද කථානායකවරයා එතුමාගෙන් එය ලබානොගෙනම ඡන්ද විමසීමකට ගිය බවද ඔහු පැවසීය.
විශ්වාසභංග යෝජනාවක තිබෙන්නේ කුමක්දැයි යන්නවත් කියවා නොබලා ඡන්ද විමසීමකට කටයුතු කිරීම තුළින් කථානායකවරයා සිය පක්ෂපාතීත්වය පෙන්වා ඇති බවද ප්‍රේමජයන්ත මහතා එහිදි සඳහන් කළේය.
කථනායකවරයා විශ්වාසභංගය සම්මත වූ බව කියන්නේ හඬ අනුව බහුතරය විශ්වාසභංගයට පක්ෂව ප්‍රකාශ වූ බවට සලකන්නේ යැයි කියමින් බවද හඬ අනුව ඡන්ද ගණන් කිරීමක් ඉතිහාසයේ කිසි දිනක සිදුව නැති බවද ඒ අනුවද මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ බවට පිළිගත යුතු නැතැයිද ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
ඔච්චරටම පිළිගන්න බැරිනම් අත්සන් ලේඛනය ගණන් කරලා බලන්නකෝ. කවුරුත් කියලා නෑනේ ඒවා හොර අත්සන් කියලා
මහත්මයලා රනිල්ට විරුද්ධව ගෙනා යෝජනාව පරාජයත් පිළිගත්තේ නැහැ නේද. මහත්මයලයාගේ නායකයට විරුද්ධව ගෙනා යෝජනාව ජයගත් එක පිළිගන්නේ නැහැනේද.? ජනධිපති තුමා හෙට තව අගමැති කෙනෙක් පත් කෙරුවොත් ඒකටත් විරුද්ධ වෙනවද?
අපිත් පිළිගන්න සුදානම් නැහැ
කොපමණ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවාද ?
ඕක ඔච්චර ලොකු ගැටළුවක්ද මහත්තයෝ, වීඩියෝ කැමරා රූප රාමු අරගෙන නැවත ගණන් කරන්න. එය ඉතාම නිවැරැදි ක්‍රමයයි.
ඡන්දෙකට ගියා නම් ඇපත් නෑ
2018 ඔක්තෝබර් 12 දින ගුරු ග්‍රහයා කුජට අයත් වෘශ්චික රාශියට පැමිනි අතර ගුරු වෘශ්චිකයේ ගමන් කරන කාලවල ගුරුට අයත් අංශවල අවුල් වියවුල් ඇතිවන බව ජ්‍යෙතිෂය අනුව පිළිගැනීමයි. ඒ අනුව විශේෂයෙන් රටේ නීතිය සාමය හා සදාචාරයට බලපෑම් සිදුවන්නට හැකිය. මේ අතරම 2018 නොවැම්බර් 17 දින රවිද වෘශ්චිකයට පැමිනෙන නිසා රාජ්‍ය නායකයින් දුරදිග නොබලා කටයුතු කිරීමට ඉඩඇත. මේ නායකයින්ගේ හිතුවක්කාරී මෝඩකම් නිසා ජනතාවට පීඩා ඇතිවිය හැකිය. රටට වඩා බලයට කෑදරකමින් සිදුකරන මෙම කටයුතු නවතා රට ගැන සිතා සාමකාමීව කටයුතු සිදුවෙනවානම් හොඳ නේද
බල පෙරේතකමට හොඳම උදාහරණය ඔය සුසිල් ප්‍රේමජයන්ත කියන කෙනා...
මැති පෙරේතය කවුද ?
ඒ වුනාට ඔලුවක් තියන මිනිස්සු නම් ඒක පිලිගන්නවා!