IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


විවාහ උත්සවයකට උපරිම 100 යි

(ඩයනා උදයංගනී)

කොරෝනා තත්ත්වය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන අතර සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‍ෂිතතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.

ඒ අනුව 100 දෙනෙකුට උත්සවය පැවැත්වෙන ශාලාවට වඩා වැඩි පිරිසක් ඇතුළු කරගැනීම නීති විරෝධී බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේය.

එසේ 100 ක් සහභාගී කරවා ගැනීමේදීද ශාලාවේ ප‍්‍රමාණවත් ඉඩකඩක් තිබිය යුතු බව ඔහු ප‍්‍රකාශ කළේය.

යම් හෙයකින් උත්සවයට සහභාගී වූ අයකුට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වුවහොත් එයට එක්වූ පිරිස හදුනාගැනීමේ හා නිරෝධායන කටයුතුවලට යොමු කරවීමේ පහසුව සළකා මෙම පියවර ගත් බව ද වෛද්‍ය ලක්‍ෂ්මන් ගම්ලත් මහතා කීවේය.

නිරෝධායන පනතට අනුව නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව ද හෙතෙම පැවසීය.

පවතින තත්ත්වය අනුව විවාහ උත්සව පැවැත්වීමේදී මතුවන ගැටලූ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් විමසා කටයුතු කිරීම වැදගත් බව ද ඔහු කීවේය.

එමෙන්ම විවාහ උත්සව ආදී උත්සව පැවැත්වෙන ශාලාවල ගෘහ භාණ්ඩ පිරිසිදු කර විෂබීජහරණය කිරීම, ශාලාවට ඇතුළු වන ස්ථානයේ අමුත්තන්ට දෑත් සෙදීමේ පහසුකම් සැලසීම, එම ජලකරාම වැලමිටින් හෝ පාදයෙන් ක‍්‍රියා කරවිය හැකි ඒවාවීම, ශාලාවට ඇතුළුවීමට පෙර සියලූ අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්‍ෂා කිරීම, සියලූ අවස්ථාවලදී අමුත්තන් අතර මීටරයක පරතරයක් පවත්වා ගැනීම, උත්සව ශාලාව ප‍්‍රමාණවත් වාතාශ‍්‍රයක් ලැබෙන සේ සැකසීම, සිපගැනීම සහ අතට අතදීමෙන් වැළකීම, වීදුරු පිගන්, හැදි ආදිය අමුත්තන්ට හවුලේ භාවිතා කිරීමට නොදීම, ආහාර බුෆේ ආකාරයට ඇතිවිට ඒවා බෙදාදීම සදහා වෙනම සේවකයන් පත්කිරීම, කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමෙන් වැළකීම, උත්සවය අවසානයේදී ශාලාව පිරිසිදු කර විෂබීජහරණය කිරීම, අමුත්තන් ද නිවෙස්වලට ගිය වහාම පිරිසිදුවීම ආදී පියවර අනුගමනය කළ යුතු බව ද හෙතෙම සදහන් කළේය.

මීට අමතරව අනුගමනය කළ යුතු තවත් උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඞ් 19 වැළැක්වීමේ මාර්ගෝපදේශ සංග‍්‍රහයේ ඇතුළත් කර ඇති බව ද ඒ මහතා කීවේය.



අදහස් (21)

විවාහ උත්සවයකට උපරිම 100 යි

Mangala Monday, 25 May 2020 08:33 AM

කටගොන්නක් බීගත්තම ඔය ඔක්කොම කොරයි හරියටම. විවාහේ කොරගන්නම ඕනනම් ඕනවෙන්නේ අනිවාර්ය 5යි. රෙජිස්ට්‍රාර් මනාලයා මනාලිය සහ සාක්ෂි දෙදෙනා තවත් අමතරව ඕනම නම් ඡායාරූපකරු. දෙමව්පියන් සහ පවුලේ අය සමග වැඩිම 15යි.

:       6       1147

සමිත සේනක අලුත්ගමගේ.Monday, 25 May 2020 09:05 AM

ඔබතුමාගේ කතාව ඇත්ත... අපේ මිනිස්සුන්ට දෙකක් දාගත්ත ගමන් ඔය මීටරේ පරතරය හා නීතිරීති කිසිවක් මතක නැහැ. ඒ නිසා තව කාලයක් යනකන් උත්සව තියන්න දීම සුදුසු නැති බවයි පේන්නේ. අනේ මන්දා.

:       0       161

nihalMonday, 25 May 2020 09:31 AM

ලෝකෙම ලක්ෂ ගණන් මැරෙන ලෙඩක් ඇති වෙලාවක, එයට බෙහෙතක් හෝ එන්නතක් නැති වෙලාවක මංගල උත්සව සිය ගණන් කැඳවලා පවත්වන්න හිතන ජෝඩු ඉන්නවානම් අනේ මන්දා? ලක්ෂ ගණන් වියදම් කරලා මනාල යුවලට කොරෝනා හැදිලා මැරුනොත්, වයසක අම්මා තාත්තා හො ආච්චි, සීයා කෙනෙක් මැරුනොත් කියලා හිතෙන්නේ නැද්ද?

:       0       44

lalMonday, 25 May 2020 09:27 AM

110 හිටියට කොරෝනා බොවෙන්නේ නැද්ද? පුදුම නුවණක්කාර අදහසක් කාගේ නමුත්...

:       11       16

RohanaMonday, 25 May 2020 10:42 AM

විවාහ උත්සව ශාලාවල මත්වතුර බීම සම්පූර්ණයෙන් තහනම් කළාම ප්‍රශ්නයට විසඳුම එතැනම තිබෙනවා.

:       324       24

de silva Monday, 25 May 2020 08:33 AM

ඔය විවාහ උත්සවවල ඔය කියන මීටරේ පරතර තියාගන්නේ නැහැ.. කාලා, බීලා, එකට නටලා විනෝද වෙනකොට ඕවා කරන්න බැහැ. ලොකු විවාහ උත්සව තව මාස 3කට තහනම් කරන්න. විවාහ වෙන්න කැමති කෙනෙකුට 10-20 විතර ඉන්න පොඩි චාම් උත්සවයක් ගන්න කියන්න. එ්කට කැමති නැති කෙනෙකුට මාස දෙක තුනක් ඉවසන්න කියන්න...

:       5       240

Nandalal DE SILVA - FranceMonday, 25 May 2020 11:38 PM

කවුද කිව්වේ කොරෝනා වසංගතය මාස 3කින් අවසාන වෙනවා කියලා? බඳින්න ඕනෑවුණාම මාස ගාණක් බලා ඉන්න කාටද ඉස්පාසුවක් තියෙන්නේ?

:       0       0

සුපුන් Monday, 25 May 2020 09:16 AM

ලක්ෂම කීයක් ඉතුරුද? ඒ සල්ලි වලින් දෙයියනේ කියලා රටට, ලෝකෙට ණය නොවී එක්කෝ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. නැත්තන් වෙනත් ප්‍රයෝජනයක් ඇති දේකට යොදවන්න පුළුවන්. එක්කෝ දෙන්නා එක්ක වෙන රටකට ගිහින් හොඳ ජිවිතයක් ගත කරන්න පුළුවන්. රටට, ලෝකෙට ණය වෙලා කොහෙවත් ඉන්න හාර, පන්සියක් ගෙනැල්ල කන්න බොන්න දෙන්න ඇත්තටම අපිට පිස්සු නෑනේ... හරියට මගුලක් ගන්න නම් මනාලියගේ ගෙදර අයයි, මනමාලයාගේ ගෙදර අයයි තව දෙන්නගේ හොඳම යාළුවො දෙන්නෙකුයි හිටියා නම් හොඳටම ඇති. සීයත් වැඩියි මම නම් කියන්නේ. උපරිම 25ක් කළානම් හොඳටම හොඳයි. කවුරුත් තරහ වෙන්නෙත් නෑ. සල්ලිත් ඉතුරුයි. වැඩෙත් කෙරෙනවා. කොහෙද අපේ අයට කපල් එකට හෙනගහලා ගියත් කමක් නෑ... රටට, ලෝකෙට පේන්නනේ වැඩ. අන්තිමේ ඉන්නවා හිඟා නොකා හිඟා කකා. අවුරුදු දහය, පහළව ණය ගෙව ගෙවා. කවුරුවත් ඉදිරිය ගැන හිතන්නේ නෑ. ඊට පස්සේ ඉන්නවා ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ...

:       0       184

SarathMonday, 25 May 2020 02:02 PM

ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත... එහෙත් අද විවාහ මංගලෝත්සව කියන එක වාණිජ කටයුත්තක් වෙලා... ඒවායින් යැපෙන ඡායාරූප ශිල්පීන්, රූපලාවණ්‍ය ශිල්පීන් ඇතුළු නොයෙකුත් සේවා සපයන්නන් සිටිනවා. මනාල යුවල අනවශ්‍ය ආකාරයට ඉතා අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් හෝ ණයට ගත් මුදල් මේවා සඳහා යොදවලා සතුටින්ම ඉන්න ඕන ජීවිත කාලය දුකසේ ගත කරනවා. මේ පිළිබඳව නැවත සිතා බැලීමට කාලයයි මේ...

:       0       0

රවින් Monday, 25 May 2020 09:50 AM

ඇයි අමතකද? 1970-1977 දක්වා පරිච්ඡේදයේදී විවාහ උත්සවය සඳහා 100ක් සහභාගී වනවිට සංග්‍රහ සඳහා දිය හැකිව තිබුනේ බීම වීදුරුවක් හා කේක් කෑල්ලක් පමණි. නරකද ඒ ක්‍රමවේදය කොරෝනාටත් යෙදුවොත්. විවාහය සඳහා යන වියදම මනාල යුවලගේ අනාගත සුබසිද්ධිය සඳහා යෙදෙව්වොත්...

:       39       96

karuMonday, 25 May 2020 10:42 AM

ඒ යුගයට තමයි මේ ආණ්ඩුව යන්න හදන්නේ... කොරෝනා පිටින් දමලා. පාන් ගන්න උදේ 3ට පෝලිමේ ඉන්න වේවි. සඳුද‍ාට, සිකුරාදාට බත්කන්න තහනම්. මයියොක්කා උදේට කඩවල. ඒ අාණ්ඩුව කරපු කට්ටියම තමයි මේ ඉන්නේ. . හැබැයි මේ පාර මිනිස්සුන්ව අන්දන්න බැරිවේවි... ලැබෙන පළමු ඡන්දෙන්ම මේ කට්ටියව යැවිය යුතුයි. දැක්කානේද ඊයේ මිලපාලකයෙක් ලෙස පත්කරලා තියෙන හමුදාවේ ලොක්කෙක් කියන කෙනෙක් වෙළඳුන්ට අතින්, පයින් ගහගන්න එන්න කීවා. අනේ මම හිටියානම් එතන තිබුන පයිප්ප කෑල්ල අරන් දෙනවා ඔලුවටම.

:       214       535

ලසන්තMonday, 25 May 2020 12:58 PM

කරු මහතාණෙනි, බත්කෑම තහනම් කරලා තිබුනේ සඳුදා, සිකුරාදා ‍නොවෙයි... අඟහරුවාදා සහ සිකුරාදා. ඒ නිසානේ 1977 ඡන්ද වෙලාවේ විපක්ෂයේ සිටි අය කිව්වේ අනුරගේ දිනෙයි, සිරිමගේ දිනෙයි බත් තහනම් කියලා. කොහොම වුණත් ඒ කාලෙ පාර්ලිමේන්තුවට පත්වුණු ලබන මාසෙට අවුරුදු 50ක් සුපිරෙන දෙතුන් දෙනෙකුත් දැනටත් පාර්ලිමේන්තුවේ වැජඹෙනවා... එතුමන්ලාට දිගාසිරි පතමු....

:       28       38

ranaTuesday, 26 May 2020 04:30 AM

පෙරහර එන බව කියන කසකාරයන් ඔය , 69ලක්ෂයට දැන් සනීපද?

:       0       36

pradeepa Monday, 25 May 2020 10:10 AM

කරුණාවෙන් සලකන්න... මේ නීති ඡන්දය තියන දිනයට පමණක් පවත්වන විවාහ උත්සවවලට අදාල නොවන බව සලකන්න...

:       4       91

Mahesh Monday, 25 May 2020 12:36 PM

ඡන්දේ ඉක්මණින් තියන්න ඕන නිසා මේවා මෙහෙම ඉවක් බවක් නැතුව ලිහිල් කරන්නේ. 25කට සීමා කරන්න ඕන හරිනම්. මේවායෙන් වෙන්නේ නිකමට හරි කොරෝනා තියෙන කෙනෙක් හිටියොත් වටේටම ආයේ බෝවෙන එකයි. මිනිස්සු මළත් කමක් නෑ ඡන්දේ තියමු. ගිය ආණ්ඩුවට වඩා උද්දච්ච ආණ්ඩුවක් මේක...

:       7       131

මැකොMonday, 25 May 2020 02:03 PM

ඡන්දය නොතබා කළයුතු විකල්පයත් පැහැදිලි කරන්න..

:       0       0

Dhanushka Jananayake Monday, 25 May 2020 12:47 PM

ඒ කියන්නේ 100ක් ආවට කමක් නෑ. එකසිය එක් වෙනියා තමයි වාහකයෙක් වන්නේ... හරි එහෙමනම් සීයකට ආරාධනා කර මුලින්ම පැමිණෙන සියදෙනා ඇතුලත් කරගෙන ඊට පසුව පැමිණෙන එකසිය එක් වෙනි පුද්ගලයා පැමිණෙන තුරු මග රැකසිට කහ වතුරින් පහරදී, ගස් බැඳ ළඟම ඇති පොලිසියට හෝ නාවික හමුදා කඳවුරට බාරදීම සුදුසු බව මගේ මතයයි...

:       0       54

kusal Tuesday, 26 May 2020 08:06 AM

කවුද මේ ගාන හදපු කෙනා‍...?

:       0       0

raviThursday, 28 May 2020 12:41 AM

වැඩ බැරි බැසිල් !!!

:       0       0

Bamunuarachchi Thursday, 28 May 2020 06:38 AM

මෝඩ වෙන්න එපා.. හෝටල් කාරයෝ පොහොසත් කරන්න එපා. ළඟම නෑදෑපිරිස් ගෙන්වාගෙන සුළු වියදමකින් චාරිත්‍ර වැඩ කරන්න පුරුදු වෙන්න. ඔතැනින් ගියාට පසු කිසිවෙකුට මගුල ගැන මතකයක් නැහැ. කාපු, බීපුවාවත් මතක නැත.

:       0       0

Gunda Friday, 29 May 2020 12:58 PM

මෙතන අදහස් දන හුඟ දෙනෙකුට අමු කැවිලා වගේ. මංගල උත්සව වලට මත්පැන් දීම තහනම් මා දන්නා තරමින්. අද මට මංගල උත්සවයකට ඇරයුම් ලැබුණා. ආරාධනා කරපු මගේ ඥාතියා කිව්වා මත්පැන් නැහැ කියලා. සියලු අමුත්තන් මුඛ ආවරණ පළඳින්න ඕනේ. මීටරයක පරතරය තියාගෙන ඉන්න ඕනේ කියලා. රජය උත්සාහ කරන්නේ හැකිතරම් මහජනයාට පහසුකම් සලසන්නයි. සියලු දේ දිහා රිනාත්මකව බලන්න එපා. ටිකක් ධනාත්මකව සිතන්නට පුරුදු වෙන්න. රජයකටවත් ද්වේශ කරන්න එපා. තවත් ගොඩක් නීති තියෙනවා මේ සම්බන්ධව. ඒවා ඔක්කොම තියෙන්නේ මහජන සුබ සිද්ධිය සඳහා බව සලකන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 316 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 169 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 632 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 654 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 268 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 440 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site