(රංජිත් රාජපක්ෂ)
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අද (03) පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද මහතා මෙසේ පැවසීය.
‘‘මා විසින් 2011 ලෝක කුසලානය පිළිබඳව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මීට කලින් දෙවතාවක් සිදු කළා.මේ පිළිබඳව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රීකට් ක්‍රිඩකයන් ප්‍රකාශ කළා.
2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා විසින් හරින් ප්‍රනාන්දු ඇමැතිවරයට එවන ලද ලිපියක් ද මා සතුව තියෙනවා.
එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා.
මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබූ සියළුම තොරතුරු ලබා දුන්නා.මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සම්බන්ධ නැ කියලා මම පැහැදිලිව කිව්වා.
මම දන්නේ නෑ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත් , මහේල ජයවර්ධනවත් කැදු වුයේ කුමන පදනමකින්ද කියලා.ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියද්දී ක්‍රීඩකයන් කැදෙව්වේ කුමන පදනමකින්ද කියලා මම දන්නේ නැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැ කියලා මේ පරික්ෂණය නතර කරා කියලා.මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට.පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරීක්ෂණය තියන්න බැ කියලා.තරග පවා දීමේ පනත සම්මත වුණේ 2019 මේ සිද්ධිය වුණේ 2011.
කුමාර සංගක්කාර මහාතගේ නීතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරීක්ෂණය වැරදි කියලා.
පොලිසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම , පරීක්ෂණය අවසන් තොරතුරු නැ කියන්න බැ.මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරීම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි.
එවකට ක්‍රීකට් පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද?සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සඳහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.
එක් කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරීක්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කළේ.අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා.
මෙතනදී වෙලා තියෙන්නේ පොලිසිය පරීක්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ශන ඒකකයට පරීක්ෂණ කරන්න බැ.මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සලය විසින්.
මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් ප්‍රකාශකයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් කළා.
පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන නතර කරන්න පුළුවන්ද.
2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්න පුළුවන්ද කියලා මම අහනවා?කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සලය විසින් කියලා.
මම එදත් කිව්වා මේක දේශපාලනීකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන.අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දින්න නම් මේ තරගා පවා දීම නතර කරන්න ඕනි.
මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නෑ හැබැයි මේකට සම්බන්ධ අය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න.‘‘ යැයි ඒ මහතා පැවසීය.
COMMENTS
ඔබතුමා කාගේ හෝ වුවමනාවකට, එහෙම නැතිනම් ඇඟෙන්ම එන මෝඩකමට මේ කතාව කිව්වා. ඒක මේ තරම් දුර යාවි යැයි ඒ වෙලාවේ කල්පනා කරන්න තරම් මොලයක් තිබුනේ නැහැ. දැන් ඉතින් පොලිසියට, ICC එකට හෝ වෙනත් පාර්ශවයකට දොස් කියලා ගොඩ යන්න උත්සාහ කළාට වැඩක් නැහැ. මේ ගැන කියන සෑම වචනයක් ගානෙම ඔබතුමා තව තවත් නා ගන්නවා.
පුදුම වෙන්න එපා... මහින්දානන්ද අත්අඩංගුවට ගත්තත්... මේ නාටකයේ පිටපත ලියන්නේ කට්ටිය එකතුවෙලා. මේ නාටකයේ පිටපත ලියන්නේ කට්ටිය එකතුවෙලා. ඡන්ද ගන්න මහින්දානන්ද අත්අඩංගුවට ගෙන තාවකාලිකව රිමාන්ඩ් කරන්න පුළුවන්. අපේ මිනිස්සු මේවා අමුවෙන්ම ගිලිනවා. ටීවි චැනල් මිනිස්සුන්ව අන්දන්න බලන්නේ... මේ රජය තමන්ගේ එකටත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා..
අපගේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු ශ්‍රී ලාංකිකයන් විසින් ආදරය කරන සහ හොඳ ජාත්‍යන්තර කීර්තියක් ඇති එකම ශ්‍රී ලාංකිකයන් වේ. ඔවුන් දේශපාලනය පවා කරන්නේ නැහැ. මෙම දේශපාලකයන්ට, ශ්‍රී ලංකා කවුන්සිලයට සහ තවත් බොහෝ දෙනෙකුට එය විනාශ කිරීමට අවශ්‍ය ඇයි?
රට රකින විරුවනෙනි මේ අය ගැන තීරණයක් ගන්න.
විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. මෙයට මහින්දානන්දගේ සම්බන්ධය ගැන. එදා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද. ආණ්ඩුව ඒ ගොල්ලන්ගේ. එහෙම එකක් තිබ්බා නම් එදා ඒකට පියවර නොගත්තේ ස්ථිර ලෙසම මහින්දානන්ද ඒකට ප්‍රවාහන භූමිකාව කළ නිසයි. එදා නොකියා අද මේවා කියන්නේ ඡන්දෙ නිසා ප්‍රසිද්ධියට සහ දේශපාලන වාසි ගන්න. මේවගේ මිනිස්සු ගැන මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ මිනිස්සු වගබලාගත යුතුයි.
ඔබ එවකට ක්‍රීඩා ඇමැති වෙලත්, මේ සම්බන්ධව පරීක්ෂණයක් නොකළ එක රටටම ප්‍රශ්නයක්..
මේ කතාවේ ඇත්තකුත් තිබෙනවා. ක්‍රීඩකයින් නොවෙයි නිළධාරින්ව ප්‍රශ්න කරන්න ඕන. අනත් දූෂිත නිළධාරින් ඉන් බව කලක් තිස්සේ කියවෙනවා. ක්‍රීඩකයින් නිදහස්! ඒක අපිත් දන්නවා.
පරීක්ෂණයක් සඳහා නීතිය සහ නියමිත ක්‍රියාදාමය ඔබ දැන සිටියේ නම් 2011 දී ඔබ අයි.සී.සී. වෙත දැනුම් නොදිය යුත්තේ ඇයි?
මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැත්නම් කවුද සම්බන්ධ කියලා කියන්න බැරි මේ මන්ත්‍රීගේ කොන්ද පන නැති නිසාද ?
හැමෝම තමතමන්ගේ හිත්වල තියෙනවා මොනවද හොරකම් කළේ කියලා.. තමුන්ට තව නඩු එහෙම තියනවද? තමන්ගෙන් රටට, තමන්ගේ බිරිඳට සේවය කරලා තියෙනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනේ. එතකොට මේපාර ඡන්දෙදී මිනිස්සු හොඳ පිළිතුරක් ලබාදේවි කියලා හිතෙනවා.
මෙයාගේ තාත්තා පැදුරේ ඇරියා නම් ඒක රටට කරන්න තිබ්බ ලොකුම පිනක්...
අනේ මහින්දානන්ද ඇමතිතුමා ඇමතිතුමාගේ පාඩුවේ ඇමතිතුමාගේ තියෙන වැඩක් කරගෙන පාඩුවේ ඉන්න. රටට කීර්තියක් ලබා දුන් ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය හානිනොකර හොරකම් කර මුදල් උපයා ගන්නා ක්‍රීඩකයින් නෙවෙයි. එමනිසා අපේ ජනාධිපතිතුමා කරන්නා වූ වැඩපිළිවෙළට සහයෝගය දෙන්නේ නැතුව ඒ ජනාධිපතිතුමාගේ තියන ආකල්ප සහ එතුමාට තියෙන කැමැත්ත.. එ්කත් නැති කරන්න එපා... ඒ පක්ෂ ඉඳගෙන මේ වගේ වැඩ කරකර. මෙතන පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවා. ඔයාලා මිනිස්සු මෝඩයින් කරන්න තමයි දඟලන්නේ වෙන මොනවත් නෙවෙයි අපි මෝඩයෝ නෙවෙයි.. ඒකනිසා ඔයාගේ පාඩුවේ ඉන්න. ඔයා කරන හොඳ වැඩ මිනිස්සු දන්නවා. ඒක නිසා ගොනාට අන්දවන්නේ නැතුව පාඩුවේ ඉන්න. මොකද ඔයාලා මෙච්චර කල් බුදියගෙනද හිටියේ? මේක අවුරුදු කීයක පරණ කේස් එකක්ද..?
ලොක්කට වැඳලා තමයි ඉන්නේ බේරිලා... හා හා හා ...
තරග පාවාදීලාලු, දන් කියනවා ක්‍රීඩකයින් සම්බන්ධ නැතිලු. ශුවර් එකටම එක්කෝ ලකුණු දාපු එක්කෙනා වැරදියට දාලා..., එහෙම නැත්නම් හිටපු ක්‍රීඩා ඇමති ඩීල් එකක් දාලා...
මොහුගේ මොලය පරීක්ෂා කිරීමට පරීක්ෂණයක් පවත්වන මෙන් මා ඉල්ලා සිටිනවා..
දේශපාලනය පැත්තක තියලා මේ විමර්ශණයන් ගහෙන් ගෙඩි එන්නා වගේ නතරකළේ මොකද කියන එක පොලීසියේ සහ රජයේ වගකීමක්. ඉස්සෙල්ලම ඔය තරගය නැවත රටටම පෙන්වන්න. එතකොට පෙනෙයි එදා සිදුවුණු දේවල්..
මාර්තු, අප්‍රේල් විදුලිබිල ගෙවන්න ඕනෑද?
මේක පිටිපස්සේ ක්‍රීඩකයින් නැහැ කියල ඔයා කිව්වට, අඩුතරමින් එක් ක්‍රීඩකයෙක්වත් සම්බන්ද නැතුව තරඟයක් පාවා දෙන්න බැහැ. කියන්න බොරුවත් අතේ පත්තු නොවන විදියට කියන්න. ජනතාව දන්නවා කොවුද හොරු කියලා. හැබැයි කවුරුත් දන්නවා මෙයාගේ කැරම් බෝඩ් සෙල්ලම...
කෙසේවෙතත් ඔබතුමාට ක්‍රීඩකයන් වැරදි බව ඔප්පු කිරීමට නොහැකිවුණා.. තවත් කතා කුමටද...?
අල කීයද? ලූණු කීයද? සීනි, සැමන් ළඟදී කෑවද? දැන් සැපද?
මම තරඟය මුලසිටම බැලුවා. ඒ වෙලාවේ සැකයක් මගේ හිතටත් ආවා...
ක්‍රීඩකයින් සම්බන්ධ නැතිව තරගයක් පාවාදුන්නා කියලා ඇහුවාමයි.. ඊළඟට කියයිද දන්නේ නැහැ වැඩේ කළේ විනිසුරුවන් කියලා...
මේ කතාව ඡන්දයක් ළඟ එන නිසා අපි දඟලනවා.
ඔබතුමා නිසා අපේ පක්ෂයට මනාප අඩු වුනා.
දිගු නිවාඩුවක් සඳහා නිවසේ රැඳී සිටීමට සූදානම්ව සිටින්න.
ලැජ්ජාවේ බෑ.
දකින්න ආසම නැති කෙනෙක්.
2011 සහ 2007 අවසන් තරග 2ම ආපසු පෙන්නන්න. එතකොට කවුද වෙනදාට වඩා වෙනස් විදිහට තරග කළේ කියලා පෙනේවි.
මේ සේරම පොහොට්ටුවේ ඩබල් ගේම්.
නෑවා නේද දෑන් ඈති වෙන්න !!!
පිස්සු නැතිනම් ෂෝක්... මෙයා අංජනමක් බැලුවද මන්දා... ?
මේ වගේ අයට උත්තර දෙන්න අගෝස්තු 5දා හොඳ අවස්ථාවක් තියෙනවා.
මේ පොහොට්ටුවේ ඇමැතිවරු... තව මොන කතාද?
මේ මහතා මේ තරම් තදින් කියනකොට තරගපාවාදීමක් වුණා කියලා...අනේ දෙයියනේ. කියන්නකෝ කවුද පාවාදීමට සම්බන්ධ නිලධාරීන් කියලා. අසරණ ක්‍රීඩකයන්ගේ නම් කතා නොකර... පොලිසියත් නොමග යවන්නේ නැතිව... නම් කියන්න බය නම් හිටියා වගේම කට වහගෙන ඉන්න. මෙච්චර කතාවක් කියන්න කොන්දක් තියෙනවා නම් ... නම් කියන්න බැරි මොකද? පරීක්ෂණ නොමග යවන්නේ පැමිණිලි කාරයාමනේ...
මේවාට පිළිතුරක් නුවර ජනතාව ලබාදෙයි කියලා හිතනවා.