IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල  )
 
උතුරු පළාත් මහ ඇමතිවරයාව සිටියදී ,අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන බී.ඩෙනීෂ්වරන් මහතා ගොනු කර තිබූ පැමිණිල්ල එම පැමිණිලිකාර පාර්ශවය විසින් අද (16) අධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
ඒ අනුව එම පැමිණිලි විභාගයද අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
 
දෙපාර්ශවයේ ඇතිවූ එකඟත්වයක් මත පැමිණිල්ල ඉල්ලා අස් කර ගනු ලැබූ අතර අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.
 
මෙම පැමිණිල්ල මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනි.
 
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත  අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමතිට එරෙහිව  ඉකුත් ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
එම නියෝගය පරිදි තමා අමාත්‍යධූරයෙන් පිහිටවීම ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්,   ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා විසින් අභියාචනාධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
 
ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් සඳහන් කර ඇත්තේ  තමා  අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බවය.ඒ අනුව තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ද ඩෙනිස්වරන් හිටපු අමාත්‍යවරයා පෙන්වා දේ.
 
නමුත් එම නියෝග ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැහැර හැරීම තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවද  හිටපු අමාත්‍යවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණයට පෙන්වා දේ.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.



අදහස් (1)

විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස් කරගනී

sunanda Thursday, 17 September 2020 03:29 AM

සිංහලයන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා මෙතන..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 669 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site