IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති

 
(ක. ග. කරුණාරත්න)

පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද(26) තහවුරු වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කලේය.

මෙම වෙද්‍යවරුන් දෙදෙනා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිට කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රාජකාරී සඳහා පැමිණ ඇත්තේ ඊයේ(25) දිනයේය. එසේ පැමිණ පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම වාර්තා ලැබෙන තෙක් රාජකාරී සඳහා යොමුවී ඇති බවත්, අද දිනයේ ලැබුණු එම වාර්තාවලින් ඔවුන්ට කෙරෝනා ආසාදිත බවට තහවුරුවී ඇතැයිද කියයි.

එම වෛද්‍යවරුන් දෙදෙනා මේ වනවිට ඒ රෝහලේම නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද
විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා කීය.

ඊට අමතරව මේ වෛද්‍යවරුන් සමඟ රාජකාරී කල ආශ්‍රිතයන් ලෙස හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන්
ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු දැනට හඳුනාගෙන සිටින බවත් ඔවුන් පොලොන්නරුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙක නිරෝධායනය සඳහා යොමුකල බවද පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයන් තවත් පිරිසක් හඳුනා ගැනීමට සිටින බවත් එම කටයුතු අවසන්වීමෙන් පසු එම පිරිසද නිරෝධායනය සඳහා යොමුකරන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site