IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් 8 කට තුවාල

( දිල්රුක්ෂි ග්‍රේරු )

වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා තිබේ.

මේ අතර  සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද  සිද්ධියෙන්  පැය භාගයක් ඇතුළත ඇති වූ කැරැල්ල ඉතා සාර්ථක අයුරින් මැඩ පැවැත්වීමට හැකි වූ බවද බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේය.


සිය මූලික අයිතිවාසිකම් ඉටු කර දෙන ලෙස හා බන්ධනාගාර ජේලර්වරියක් මාරු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා  කාන්තා රැඳවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයක් කළ අතර බන්ධනාගාර ඇමැති  තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුහු උද්ඝෝෂණය නතර කළහ.

නමුත් එකගතාවකට පැමිණිමෙන් පසුවද තෙවැනි වරටත් අද (20) දහවල් යළි බන්ධනාගාර වහලය මත නැග ඇරැඹු උද්ඝෝණය අතරතුරදි එය පාලනය කිරීමට යාමෙන් පසු  බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම හටගෙන තිබිණි.
 

මේ වන විට බන්ධනාගාරය තුළ ඉතා සාමකාමී තත්ත්වයක් පවතින බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් ගැටුමට මැදිවුවන් පරික්ෂා කර ප්‍රතිකාර ලබා දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පනස් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 


ඡායාරූප  හා විඩියෝ - ළහිරු හර්ෂණ

 



අදහස් (18)

වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් 8 කට තුවාල

raheem Monday, 20 August 2018 12:59 PM

ගස් ගෙම්බන් ගස් නගින්නමයි හදන්නේ...

:       6       269

nuwanMonday, 20 August 2018 02:09 PM

පැහැදිලි මදි මොකක්ද අදහස් කරන්නේ කියලා !

:       4       11

MISHAL-MATARA Monday, 20 August 2018 02:07 PM

අර පොඩි එකා දැක්කම ගොඩක් දුක හිතුණා...

:       0       60

buddika Monday, 20 August 2018 02:37 PM

පොඩි ළමයි උස්සගෙන කරන මෙවැනි වැඩ නින්දා සහගතයි.. කුඩු ගහලා, කුඩු විකුණලා ඇතුළට ගිය අය මිසක් රට වෙනුවෙන් යමක් කරන්න හදලා රාජ්‍ය උදහසට ලක්වෙලා හිරේ ගියා නෙමෙයිනේ මේ අයත්..

:       0       221

gayan Monday, 20 August 2018 03:13 PM

සිරකරුවන්ට වෙනම ඇඳුමක් නැත්ද අප්පා...? මෙයාලා මේ ගෙවල්වල ඉන්න සාමාන්‍ය කාන්තාවන් වගේනේ...

:       0       64

diasMonday, 20 August 2018 03:36 PM

මේ අය සිරකරුවෝ නෙවේ අප්පා. මේ අය රිමාන්ඩ් එකේ ඉන්න අය විතරයි. ඒ අයට වෙනම ඇඳුම් නැහැ.

:       2       61

NASRUDIN Monday, 20 August 2018 05:44 PM

මේ දිගහැරෙන්නේ ශ්‍රී ලංකා මාතෘත්වයේ නවමු පැතිකඩද?

:       14       8

Bamunuarachchi Monday, 20 August 2018 05:45 PM

කෑමයි වතුරයි නවත්වන්න.

:       42       30

saliya prabhath Monday, 20 August 2018 07:19 PM

මේ අය මෙතනට ඇවිත් තියෙන්නේ සිල් ගන්න ගිහින් එන ගමන් හෝ බණ භාවන කරන්න ගිහින් එන ගමන් නෙමේ .ඉතින් මොවුන්ගේ ජීවන රටාව වෙනස් කරන්න හිරගෙදර දඩුවම් හොද මදි වගේ පෙනෙන්නේ

:       0       40

සනත් Monday, 20 August 2018 07:46 PM

මේ ගෑණුන්ට විලිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැද්ද? නොදකිං විතරක්.

:       0       9

hesa Monday, 20 August 2018 08:54 PM

නීතිය නම් වැඩක්ම නැහැ . පණක් ඇත්තෙම නැහැ

:       0       15

පිටිගල මිලානෝ Monday, 20 August 2018 09:32 PM

සමහර ධර්මරාජ බන්ධනාගාර කොමසාරිස්වරු කරන්නේ තමන්ගේ ෆේස්බුක් එක නඩත්තු කරන්න මහන්සිවෙන එක විතරයි. ඒ අයව යොදවන්න මේ ප්‍රශ්න නිරාකරණය කරන්න.

:       0       3

Bamunuarachchi Tuesday, 21 August 2018 12:16 AM

නිලධාරීන් ගුටිකන්නේ කාගේ වරදින්ද? මංගල කීව කොන්දක් නැති ආණ්ඩුව නිසා.

:       17       0

athuraTuesday, 21 August 2018 03:20 AM

ඔබතුමා හොදයි කියන අය හිටියනම් ඔතන කීපදෙනෙක්ම බාවල නේද මහත්මයෝ.

:       0       14

BamunuarachchiWednesday, 22 August 2018 06:15 PM

ඒක තමයි කල යුත්තේ.

:       0       0

td Tuesday, 21 August 2018 01:18 AM

ලෝකයේ දියුණු රටවල සිරගෙවල් නගරයට කිට්ටුව හෝ නගරයේ තබා ගන්නේ නැත. වැලිකඩ බන්ධනාගාරය කොළඹ නගරයෙන් වෙනත් තැනකට නොගෙන යන්නේ මන්ද. බන්ධනාගාරය කොළඹින්පිට හුදකලා තැනකට ගෙන ගොස් නිසි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යනවා නම් දැනට පවතින ප්‍රශ්නවලට, කුඩු ඇතුලට පිටතින් විසි කිරීම්, වලය මතට සිරකරුවන් පැමිණ ලොවට පෙනෙන්නට කරන සියලු රගපෑම් වැනි ගොන් පාර්ට් නැවතීමට හැකිය. බන්ධනාගාරය නගරය මැද තබාගෙන නිසි විසදුම් දීමට නොහැකි බව වගකිවයුත්තන් තේරුම් නොගන්නේ මන්ද ? නිතර නිතර බන්ධනාගාරයේ සිදුවන සිදුවිඉම්වලින් පෙනීයන්නේ සමස්ථයක් වශයෙන් රජය බන්ධනාගාරය තුළ සිදුවන සිදුවීම් පාලනය කිරීමට අපොහොසත්වී ඇති බවය. විදෙස් මාධ්‍ය මගින් මුළු ලෝකයටම මෙවැනි දේ ප්‍රචාරය කිරීම ලංකාව ලෝකයේ ජිවත් වීමට සුදුසු 130 වන තැන නොව ලබන වසරේ අගින් එක වීමට පවා ඉඩ තිබේ.

:       0       0

ලුම්බිණි Tuesday, 21 August 2018 03:41 AM

මේ අය දේපල අලාභ හානි කරලා තවත් අයට තුවාල සිදු කරලා නම් ඒවාට වහාම නඩු පැවරිය යුතුයි.

:       0       0

Kumar Tuesday, 21 August 2018 04:55 AM

හොඳ වැඩේ. දැන් NGO වලට කියන්න ඇවිල්ලා මෙයාලට බහින්න කියන්න කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1208 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 465 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 900 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 864 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 339 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 519 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site