(සුමතිපාල දීයගහගේ )
අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සමඟ එම මෝටර් රථයද අද (15) දහවල් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොල නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත.
අහංගම දෙස සිට පැමිණි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් කොළඹ දෙසට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ඉමදුව
පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන්ට මෙම ව්‍යාපාරිකයා බේරාගැනීමට හැකි වී තිබේ.
සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යමින් සිටින බව අනාවරණයවීමෙන් පසුව සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයාද නිදහස් කර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද අනාවරණයවී ඇත.
මෙම ව්‍යාපාරිකයා පැහැර ගෙන යෑමට හේතුව හෙලිවී නොමැති අතර සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථයද වැඩිදුර පරික්ෂණ සදහා අහංගම
පොලිසිය වෙත භාරදී තිබේ.
පොලිස් පරීක්ෂක සමන්කුමාර මහතාගේ උපදෙස් පරිදි කොස්තාපල්වරුන්වන ඉදුනිල් (82024) සහ චතුරංග ( 89446) යන නිලධාරින් දෙදෙනා මෝටර් රථය පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.