
(කුමාර සී. ලියනආරච්චි)
ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් එක් කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා එම රන් සන්නස කියවා, එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන්
'සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ'
යනුවෙන් සදහන් වන බවද, එය සිංහල බසට නැගූ විට 'යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව' යනුවෙන් සදහන් වන බවද පැවසීය.
මෙම සන්නසට සමානව 1987 ජනවාරි 23 වන දින දීඝවාපි දාගැබේ බටහිර වහල්කඩින් සොයා ගත් මංජුසාවේද රන් සන්නසක් තිබු බව ඒ මහතා පැවසීය.
මේ සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙනුයේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. එතුමා ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා පාලනය කල බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා මෙය ප්‍රදානය කර ඇති බවත්, මළිතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්, ඒ මහතා පැවසීය.කණිට්ඨතිස්ස ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ කළ බව මහා වංශයේ සදහන්වේ.අදින් වසර 1800 පමන ඉතිහාසයක් මෙහි ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි.
එමෙන්ම මෙම රන්කරඬු තුල ඇති සංඛේත ලක්ෂණ අනුව සර්වඥ ධාතුන් වහන්සේලා මෙම මංජුසාව තුළ තැන්පත් කර ඇති බවට සාධක තිබෙන බව නාමල් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ අනුව නෙළුම් මලක් සිරිපා සළකුණක් මෙම ධාතුන් තැන්පත් කිරීමට යොදා ගත් රන්පත්වල නිර්මාණය කර තිබේ.
මෙම සොයාගැනීම් පිළිබදව අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
COMMENTS
කොතරම් ඉපැරැණි වටිනා භාණ්ඩ සොයාගත්තත්, ඒවා කටුගෙයි නම් තැන්පත් කර, මහජන ප්‍රදර්ශනයට තැබීම... ඉතාම අනතුරුදායක බව අපේ හැඟීමයි. මතකයි නේද පසුගිය කාලේ... ඒකේ තිබුණා කඩුවක් උස්සන් ගිය හැටි..? ඕවා කොහේ තිබුණත් අන්තිමට නතර වෙන්නේ.. ලෝක හොරුන්ගේ අතේ තමයි.
මේ අඩිකෝදුව බලන්න. " ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව" කියලා මුද්‍රණය කරපු අඩිරූලක්වත් තියන්න ඕනෑ මෙවැනි සොයාගැනීම් එක්ක. කොරියන් සමාගමකින් පිනට හම්බ වුණු එව්ව එක්ක තිබ්බහම සොයාගැනීම නිකම් උන්ගේ එකක් වගේ...
චීන අක්ෂර වලින් කියවෙන දෙය ද අපිට කියන්න.
කෝ කඩුව..? ඒකත් ගිල්ලාද?
ඕවා මැදමූකලානේ අල්මාරියට යාවිද දන්නේ නැහැ...
කොහොමද අපේ ඉතිහාසයක මහිමය ... !!! ඒ වුණාට අද අපගේ මේ පෞරාණික අතීතය එළිපිට වළලන්න දඟලන උන්මත්තකයන් පිරිසක් මේ රටේ ඉන්නවා. යන්තම් මොනවා හරි ටිකක් දැනගෙන හැසිරෙන්නේ මහා වියතුන් වගේ. මං මේ කියන්නේ සත්පුරුෂයන් හට නොවේ. අඩු කළය හෙලවෙන බව රහසක් නොවේ. ඒත්, මෙහි ලියන සත්පුරුෂයන් අපව අගය කරනු පෙනේ. දැන් හෝ අපගේ ඉතිහාසයට ගරු කිරීමට පුරුදුවෙන ලෙස ඔවුන්ට මම කාරුණිකව පවසමි. මේ පුරාවස්තු කියාපාන්නේ අපගේ අතීත අභිමානයයි. අතීතය ඇත්තේ අමතක කොට දමා සිටීමට නොවේ. අපේ අභිමානවත් අතීතය ආදර්ශයට ගෙන මතුපරපුර වෙනුවෙන් ආඩම්බර වීමට යමක් ගැන සිතමු. ජාත්‍යන්තර තලයේ අත්දැකීම් ඇත්තෙකු වන මා හට මාගේ උගත් විදෙස් මිතුරියක් වරක් කීවේ you are the very historycal People යනුවෙනි. කරුණු එසේ වුවත්, අපේම අය අපේම වළ කපාගන්නා අයුරු දකිනාවිට ඇතිවන්නේ බලවත් ශෝකයකි. වාද භේද අතහැර එකමුතුව අපේ අභිමානය ගොඩනඟා ගනිමු. ස්තූතියි...
වෙන අඩි කෝදුවක් තිබුණේම නැද්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ? සොයාගැනීමත් බාල්දු වෙනවා.
මට හිතුණා වැඳලා එහෙම ඇවිල්ලා එක පාරටම ප්‍රතිසංස්කරණය කරන්න හදනකොටම මේකෙ මොකක් හරි කොස්සක් තියෙනවා කියලා..
අර කැළණි ගඟෙන් මතුවුණු නාගරාජයා වගේද?
බොහොම සුබ ආරංචියක්... ඒත් මට බය තියෙන්නේ මේවා තැන්පත් කරන්නේ කෞතුකාගාරයේ හිටපු ගමන් ලයිට් ඕෆ් වෙනවා. cctv කැමරා වැඩ නැතිවෙනවා. ඊට පස්සේ වටිනා බඩු ටික නැතිවෙනවා.
කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි හරිය කවුරුවත් දන්නේ නැහැ. බහිරවයා මේකටත් වැඩක් දෙයිද කියලයි බයයි.
මේක හරියට ලංකාවේ දෙයක් කොරියාවේ හොයාගෙන වගේ. අපේ මුතුන්මිත්තන්ට කරන නම්බුවක් විදියටවත් මෙය මීට වඩා තේජාන්විත විදියට සමාජයට පෙන්වන්න තිබුණා.
තරහ වෙන්න එපා අනේ. මට නම් නිකන් මොකක්දෝ හිතෙනවා. අර කැළණි පන්සලේ නාග ලෝකේ වෙච්චි දේ මතක් වෙනවා.
ඕක කන්ගැට්ටාගෙන් ආරක්ෂා කරගන්න ඕනෑ හොඳේ...
දිග අඩි භාගයක් වත් නැත්තේ? මේ කඩුවකින් කොටසක් හෝ වෙනත් කුඩා ආයුධයක් විය හැකිය..
ඔතන කඩුවක් තිබුණා නම් ශුවර් පිට ලොකු අප්පු ගන්නවා .
මේ කොරියන් අකුරු කොහොමද ආවේ..?
හඳ පෙන්නුවාම.., ඇඟිල්ලේ දොස් කියනවා වගේ අඩුරූලේ වංශය තමයි වැඩි දෙනෙක් මෙතන ඔලුවට අරන් තියෙන්නේ මෙච්චර වටිනා දෙයක් ගැන කිව්වාට වැඩක් නැහැ. ඔන්න රට හදන්න කයිවාරු ගහන අය...
අඩු ගානේ මේකෙන්වත් ඔප්පු කරන්නකෝ නැගෙනහිර පළාතේ හිටිය නිජබිම් හිමිකරුවෝ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා... බොරු ඉතිහාසයක් හදාගෙන රට අල්ලන්න හදන වර්ගවාදීන් පරදවන්න මෙච්චර සාක්ෂි තියෙනකොට...
හපොයි කන්ගැට්ටන්ගෙන් ප්‍රෙව්සම් කරගන්න.
අපේ රටේ ඓතිහාසික සොයාගැනීම් අපිට ගොඩක් වටිනවා. ඒත් මේකට අපේ භාෂාවෙන්ම අඩිරූලත් දැම්මා නම් තමයි ඒකෙ වටිනාකම තියෙන්නේ. නැත්නම් මේකත් වෙන උන්ගෙ රටකින් හොයාගත්තු එකක් වගේ. අපේ රටේ දේවල් ඉස්සර ඉඳලම මංකොල්ල කෑවේ වෙන රටවල් වල උදවිය. ඔවුන්ට උදව් කරේ අපේ රටේ උන්මයි.