(හර්ෂණ තුෂාර සිල්වා)

 

මෙවර ‘බෞද්ධ සාහිත්‍ය උත්සවය’ 2019 වසරේ නව ප්‍රබන්ධ කෘතියට හිමි බෞද්ධ සාහිත්‍ය සම්මානය ‘‘හිම බිම අරණ’’ (රහතුන් සරන ඝන වන අරණක කතාව) කෘතිය රචනා කළ සමුද්‍ර වෙත්තසිංහ මහතාට හිමි විය.

2019 වසරේ හොඳම පර්යේෂණ කෘතියට හිමි බෞද්ධ සාහිත්‍ය සම්මානය ‘‘උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය’’ කෘතිය රචනා කළ ජ්‍යෙෂ්ඨ මාහාචර්ය මහින්ද සෝමතිලක මහතා සහ ‘‘සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය’’ කෘතිය රචනා කළ සේපාලී මායාදුන්නේ මහත්මිය ලබා ගත්හ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘බෞද්ධ සාහිත්‍ය උත්සවය’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බී.එම්. විලියම් සම්මේලන ශාලාවේ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.

(ඡායාරූප  - රොමේෂ් ධනුෂ්ක සිල්වා)