
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
සැකකාර කොස්තාපල්වරයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
කොස්තාපල්වරයා එම මුදලින් ලබා ගත් බව කියන රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
අවි ආයුධ හා මමත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා විසින් අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ලද රහසිගත තොරතුරකට පසු සිදුකළ විශේෂ විමර්ශනයකදී ඒ බව සනාථ වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
38 හැවිරිදි කොස්තාපල්වරයා කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා .. සල්ලි වලට ඕනෑම පාහර වැඩක් කරනා මිනිසුන් ඉන්න රටක් තමයි මේ රට. මේ වැනි වැඩ නිසා රහස් පොලීසියත් අර සතාගේ තත්වයට තමයි වැටෙන්නේ. වහාම මේ වැනි දේ සිදු නොවීමට වගබලා ගැනීම වගකිවයුතු අංශවල වගකීමක්. රටේ උත්තරීතර යැයි කියනා රජවාසලේත් ඉන්නා සමහර දෙනා හොරකම්, මැරකම් වලට කප් ගහපු අයනේ ඉන්නේ. ලොකු කකුළුවන් ඇදේට යන ගමන් පොඩි අයට කෙළින් යන්න යි කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා ලොකු අය කෙළින් යායුතුයි. ඒ කෙසේවෙතත්, මේ කොස්තාපල් කළ මේ දේ ගැන පාර්ලිමේන්තුවේ සැරට කතා කරාවි. ඔහුට උපරිම දඬුවම් දේවි. ලොකු කෙනාට ඒක නීතියක්. පොඩි එකාට තවත් නීතියක්. ඒ වුණාට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්නේ. නැද්ද මං අහන්නේ...?
රටේ දූෂණය නැති කරන්න හෝ පාලනය කරන්න නම් රටේ නායකයෝ දූෂණයෙන් තොර විය යුතුයි.
කුඩු වෙළඳාමෙන් හරි හම්බකරගත්ත තෝරු, මෝරු නිදහසේ පීනනවා. කොහෙවත් යන කාරල්ලෝ, හාල්මැස්සෝ නිකන් නහිනවා. බොරදියේ මාළු බාන්න ගිහිල්ලා. තවමත් මේ මෝඩ හරක් දන්නේ නැහැ බොර දියේ ඉන්නේ ගැට කිඹුලන් විතරයි.. මාලු නෙමෙයි කියලා. හොඳ වැඩේ.
මේ වගේ පොඩි මිනිහෙක් අල්ලලා කතාවත් දානවා. රාජපක්ෂලා එක්ක සම්බන්ධකම් තියෙන කුඩු කාරයෝ ගැන කිසි කතාවක් නැහැ.
ඇයි දෙයියනේ.. සී.අයි.ඩී එකේ හිටිය පරණ දූෂිතයින් ටික අයින් කරලා සුපිරි සෙට් එකක් අළුතෙන් බැස්සුවා කිව්වා නේද? මට පේන්නේ ඒකෙ අනිත් පැත්ත වගේ වෙලා තියෙන්නේ...
ඔය ආයතනයේ වැඩ කරන්නේ හොරු. අල්ලස් පප්පලා විතරද?
කෝ දැන් සර්... එක්ක සෙල්ලම් බැහැ කියපු නන්දිකඩාල්...