IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක්ෂ 26 කොල්ලය බොරුවක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක් අසළදී රුපියල් විසිහය ලක්ෂයක මුදලක් කොල්ල කෑ බවට ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ල ව්‍යාජයක් බවත්, පැය දෙකක් තුළදී අද(10) ඔහුගේ සඟයකු සතුව තිබියදී  මුදල සොයාගත් බවත් බොරලැස්ගමුව පොලිසිය කියයි.
 
මෙය සැලසුම් කරන ලද කොල්ලකෑමක් බව විමර්ශනවලදී හෙළි වූ බවද පොලිසිය කියයි.
 
මෙම පැමිණිල්ල කරන ලද්දේ බොරලැස්ගමුව ගංගාරාම පාරේ ඉඩකඩම් විකිණීමේ නිරත ව්‍යාපාරිකයකු විසිනි.
 
එංගලන්තයේ පදිංචි බිරිඳගේ ඥාතියකු විසින් බම්බලපිටිය හිතවතකු මාර්ගයෙන් එවන ලද රුපියල් ලක්ෂ 26ක මුදලක් සිය දියණිය සමග බම්බලපිටියට ගොස් ඉල්ලාගෙන බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක ඇති දියණියගේ ගිනුමේ තැන්පත් කිරීමට රැගෙන ආ බවත්, එම අවස්ථාවේදී ලිපිනයක් අසන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මුදල කොල්ල කා පලා ගිය බවත්, මෙම ව්‍යාපාරිකයා අද(10) පැමිණිලි කළ බවත්, මෙම සැකකටයුතු පැමිණිල්ලක් ලෙස මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
 
පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු මහතා එම පෞද්ගලික බැංකුවක අසළට ගොස්, සී.සී.ටී.වී. කැමරාද පරීක්ෂා කරමින් විමර්ශනය කළ බව පොලිසිය කියයි.
කැමරා දර්ශනවල ව්‍යාපාරිකයාගේ මෝටර් රථය බැංකුව ආසන්නයේ නවතා තිබෙන අයුරු සහ ඔහු අත දරා සිටි කුඩා පාර්සලයක් යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකුට ස්ව කැමැත්තෙන්ම ලබාදෙන අයුරු සටහන්ව තිබිණි.
 
 
ඒ අනුව පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසිය නොමග යැවීම සඳහා මෙම සැලසුම කළ  බවට අනාවරණය කරගත් බව පොලිසිය කියයි.
 
ව්‍යාපාරිකයා අධිකව ණය ලබාගෙන ඇති අතර එයින් ගැළවීමට ක්‍රමයක් සොයමින් සිට ඇති බවත්, සිය දියණියට විදේශ ගතවීමට එංගලන්තයේ පදිංචි ඥාතියා බැංකුවේ තැන්පත් කිරීම සඳහා මුදල් එවා ඇති බවත්, ඒ මුදල හොරෙන් තමන්ටම සතු කරගැනීමේ අරමුණින් පවුලේ කිසිවකුට හෝ නොකියා එම මුදල ලබාගැනීම සඳහා මගදී මුදල කොල්ල කෑ බවට  අඟවා බොරලැස්ගමුවේ වූ මිතුරා මාර්ගයෙන් රගපෑමක් කර පැමිණිලි කර තිබූ බවත් අනාවරණය වී ඇත.
 
ව්‍යාපාරිකයා පොලිසිය නොමග යැවීමට කළ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිසිය කියයි.



අදහස් (5)

ලක්ෂ 26 කොල්ලය බොරුවක්

නදුන් Thursday, 10 October 2019 01:18 PM

තිර පිටපත පමණක් නොව ප්‍රධාන රංග ශිල්පියා මෙන්ම සහය නලුවන්ද මුලුමණින්ම අසාර්ථක වූ චිත්‍රපටියක්...

:       3       307

Samithasena Aluthgamage. Thursday, 10 October 2019 01:31 PM

පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු වැටලීම කළ සියලුම දෙනාට අපගේත් රටේත් ප්‍රණාමය.මේ ව්‍යාපාරිකයාට කිසිදු සමාවක් නොදිය යුතුයි.

:       54       213

Perera Thursday, 10 October 2019 05:17 PM

අහු නොවෙන්න මුදල් හොරකම් කරන්න රාජපක්සලගෙන් උපදෙසක් ගන්න තිබුන.

:       325       222

මහසෙන්Friday, 11 October 2019 05:16 AM

ඇයි... මහ බැංකු හොරුත් ඉන්නේ... අමතක උනාද... අමතක කලාද?

:       1       222

KamalFriday, 11 October 2019 08:36 AM

එයාලත් වනකර ගත්තනේ... අර කට්ටිය තමා හරියටම ක්‍රමේ දන්නේ...

:       292       203

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site