IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා වයිරසයෙන් මරුට

බංගලාදේශයේ කඳවුරක රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා රෝගයෙන් මියගොස් තිබේ.

ඔහු බංගලාදේශ කඳවුරක දී කොරෝනා රෝගයෙන් මියගිය ප්‍රථම පුද්ගලයා බව එරට බලධාරීහු පවසති.

වයස අවුරුදු 71ක් වන මෙම පුද්ගලයා කෙක්ස්බසාර් දිස්ත්‍රික්කයේ නගරයෙන් පිටත පිහිටි කඳවුරේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙම කඳවුරේ පළමු රෝගියා වාර්තා වූයේ මැයි 14 වනදා ය. එයින් පසු කඳවුරේ 29 දෙනකුට පමණ රෝගය ආසාදනය විය.

මියන්මාරයේ කුරිරු මිලිටරි මර්දනයෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් කොක්ස්බසාර් කඳවුරේ වෙසෙති.

කඳවුරේ සෑම වර්ග කිලෝමීටරයකටම මිනිසුන් 60,000 - 90,000ත් අතර සංඛ්‍යාවක් වෙසෙති.

කඳවුරේ වසංගතය ව්‍යාප්ත වුවහොත් මානුෂීය ව්‍යසනයක් සිදුවිය හැකි බවට සහන සේවා කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.

රිලීෆ් ඉන්ටර්නැෂනල් හි කොක්ස් බසාර් වැඩසටහන් අධ්‍යක්ෂ ඇන්ජෙලෝ ඇගස්ටින් පැවසූයේ එය ටයිම් බෝම්බයක් තරම් දරුණු බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (9)

රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා වයිරසයෙන් මරුට

Dumi Tuesday, 02 June 2020 10:52 PM

මියන්මාරයේ කුරීරු පාලනයක් නැහැ.

:       65       257

tharinduWednesday, 03 June 2020 07:06 AM

මැදපෙරදිග ඇතුළු අහවල් අය ඉන්න රටවල තියෙන්නේ හරි සෞම්‍ය පාලනයක්නේ. මොකද අවශ්‍යතාවයක් ආවොත් ගල්ගහලා හරි, බෙල්ල බාගෙට කපලා හරිනේ මරන්නේ...

:       0       1

Sandun Wednesday, 03 June 2020 02:11 AM

මියන්මාරයේ කොහේද කුරිරු මිලිටරි පාලනයක් තිබුනේ. කැරැල්ල මර්දනයේ දී වාසස්ථානය අහිමි වෙන්න ඇති.

:       82       173

නොකවුට් Wednesday, 03 June 2020 05:35 AM

මියන්මාරයේ කුරිරු මිලිටරි පාලනයක් තිබුණා කියන කතාව වැරදියි. රෝහින්ග්‍යා සරණාගතයන් යනු බංග්ලාදේශයේ මුස්ලිම් වැසියන් බෞද්ධ මියන්මාරය ආක්‍රමණය කිරීම සඳහා මියන්මාරයට ඇතුල් වූ පසු මියන්මාරයෙන් පලවා හරින ලද පිරිසකි. මුස්ලිම් ව්‍යාප්තවාදයේ එක් පැති කඩක් ලෙස මෙය සැලකිය හැකිය.

:       55       104

Kumara Wednesday, 03 June 2020 05:50 AM

ඇයි අපිට ඒක වැදගත් නිව්ස් එකක් වෙන්නේ... ?

:       31       28

PrabhaWednesday, 03 June 2020 09:12 AM

පහුගිය කාලයේ බෝට්ටුවලින් ගෙනැල්ලා විල්පත්තුවේ පදිංචි කළා කියලා රාවයක් ගියේ මේ අය තමයි.

:       0       0

Nadeera Wednesday, 03 June 2020 06:08 AM

"මියන්මාරයේ කුරිරු මිලිටරි මර්දනයෙන්" ඒ මොකක්ද?

:       51       52

prabath kumara Wednesday, 03 June 2020 07:33 AM

මියන්මාරයාට බලෙන් ඇතුළු වී... ඒ රට අල්ලාගෙන හාමුදුරුවන් මරලා ඒ ප්‍රදේශයේ බලය ඉල්ලා ම්ලේච්ඡ ක්‍රියා කරමින් සිටි පිරිසකුයි, ඔය රෝහීන්යා කියන්නේ ඔවුන් මියන්මාරයට අාවේ බංග්ලාදේශයෙන්... මියන්මාරයේ මිනිසුන් වැරදි කාරයන් නෙවෙයි මම තාමත් මියන්මාරයේ ජීවත් වෙන්නේ... මෙය මුස්ලිම් ආක්‍රමණයක්..

:       1       100

tharinduWednesday, 03 June 2020 08:22 AM

වැඩේ කියන්නේ අපේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ හිතන්නේ අනික් පැත්තට... අපේ අයට මෙච්චර දෙයක් වෙලත් තාම හරිහැටි කරුණු කාරණා වැටහිලා නැති නිසයි ඔහොම හිතන්නේ...

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site