(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
කෝවිඩ් බවට සැක සහිත රෝගීන් සිටින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් ඇතැයිද, ඔහු ආසාදිතයකු බව අද තහවුරු වීමෙන් පසු, ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන යළි රෝහල් ගත කළ බවද, ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේය.
කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු එක්ව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර තරුණයා පසුගිය 20දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන රොගීන් ඇතුළත් කරන වාට්ටුවට ඇතුල්කර තිබුණි. 22දා ඔහු පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර තිබේ. එදින රාත්‍රියේ ඔහු නේවාසිකව සිටි වාට්ටුවෙන් පැනගොස් තිබුණි.
පසුදින එනම් අද දහවල් ඔහුගේ පීසීආර් වාර්තාව ලැබී තිබුණි. එහිදී ඔහුට කෝවිඩ්-19 ආසාදිත බව තහවුරුව තිබුණි. ඒවනවිට ඔහු රෝහලෙන් පැනගොස් සිටි නිසා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු කළ සොයාබැලීමකදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟව සිටින බවට දැනගන්නට ලැබී ඇත. ඒ අනුව තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාර තරුණයා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය. ඔහු සැඟව සිටි නිවසේ නිවැසියන් නිරෝධායනයට ලක් කළ බවද පොලීසිය පැවසුවේය.
සැකකාර තරුණයා නැවතී සිටියේ කෝවිඩ් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගීන් රඳවා සිටි වාට්ටුවේ නිසා ඔහු සිටි වාට්ටුව වසා දැමීමට උවමනාවක් නැති බව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්‍ද්‍ර මහත්මිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රෝහලෙන් පැන ගිය රෝගියාට කොරෝනා
fairoos Tuesday, 23 February 2021 01:41 PM
රුපියල් 10000ක් දුන්නා නම් නෙගටිව් කරන්න පුළුවන්... මුස්ලිම් නම් ලක්ෂයක්...