IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියානු කතට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ්

 

 

(නිමන්ති රණසිංහ)

ගාලු මුවදොර පිටියේ දී රුසියානු ජාතික කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කර අතවරයක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (7) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර වයසේ පසුවන සැකකරුවන් පස් දෙනෙකි.

මෙම සිද්ධියට අදාළව කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනා අද (7) සවස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ආවරණ සහිතවය.

මෙම රුසියානු ජාතික කාන්තාව සහ ඇගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයකු ඇතුළු කණ්ඩායමක් ඉකුත්5 වැනිදා රාත්‍රී 11.00 ට පමණ ගාලු මුවදොර පිටියේ සිටියදී සැකකරුවන් සමඟ පැමිණී පිරිසක් එම කාන්තාවට උසුලු විසුලු කර ඇති අතර, එහිදී එසේ නොකරන ලෙසට ඇගේ පෙම්වතා එම තරුණයින්ට පවසා ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

 

 

 



අදහස් (1)

රුසියානු කතට හිරිහැර කළ සැකකරුවන් රිමාන්ඩ්

sk Wednesday, 08 July 2020 03:31 AM

සංචාරකයින් එනඑකත් නැති කරන මෙවැනි අමනයින්ට නිසි දඬුවමක් දිය යුතුයි.

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site