මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය.
මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
ජනවාරි 1 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.9 % කින් අවප්‍රමාණය වී ඇත.
055
COMMENTS
රුපියලට හෙන ගැහුවත් කම්නෑ රාජපක්ෂලාට නම් හොදකලක් යයි.
රුපියලට හොද කලක් කෙසේවෙතත් ... රාජපක්ෂ පවුලට හොද කලක් සුවර්.
අපි ඉන්න තත්වේ අනුව දැන් වෙන්න ඕනේ මේකේ අනික් පැත්ත. ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන තැනක අපි ඉන්නේ. ගෝලීය ප්‍රශ්නයක් නිසා, මිනිස්සු ටිකක් දරා ගන්න උත්සාහ කරාවි, ආනයන මිල වැඩි උනාට. හැබැයි පවුල් දේශපාලනයෙන් තොර ලී ක්වාන් යු කෙනෙක් වෙන්න ඕනේ අපේ ජනපතිතුමා. අපනයන දිරි ගන්වන, අඩු ඩොලර් මිලක් ගෙවන මුල් සාධකය රටට ඉබේ ලැබෙනවා. මිල ඉහල යාම නිසා ලැබෙන, ආනයන අධෛර්යය කිරීමත් ඉබේම ලැබෙනවා. සංචාරක කර්මාන්තෙටත් හොඳයි, විදේශිකයෝ අඩු ඩොලර් ගානකින් හොටෙල් බිල ගෙවන්න මෙහෙ එනවා. රුපියල අපේ ආර්ථික ශක්තිය අනුව, කෘතිමව පාලනය නොකර, 100% මාර්කට් මුලධර්ම මත යැපෙන්න ඇරීමට මේ හොඳම කාලේ. ආයිමත් මේ වගේ කාලයක් එන්නේ නෑ. ජීවිත කාලේ හම්බ වෙන එකම එක අවස්ථාව, අපනයනවල ඩොලර මිල අඩුවෙනවා. ආනයන මිල ගණන් ඉහල යනවා. සංචාරකයෝ අඩු ඩොලර් ගානකින් ජීවත් වෙන්න මෙහෙ එනවා. මම නම් හිතන්නේ දොලරය රු. 200 ඉක්මවා යැවිය යුතුයි.
නම් කීපයකින් අදහස් දැක්වූ වද එකම කණ්ඩායමක අදෝනාව. පරාජයේ කෙදිරිය පමණක් ඇසෙන්නේය.
රුපියල ශක්තිමත් වීම හොදයි. ඒකෙන් ලංකාව ගොඩ යන්න ඕනේ. පහත් දේශපාලකයින් විතරක් නෙවේ.
මේ තත්වය දිගටම තියාගන්න අනවශ්‍ය භාණ්ඩ ආනයනය නතර කරන්න. දේශීයව නිපදවිය හැකි භාණ්ඩ නිපදවීමට ආයෝජකයින් හා නිෂ්පාදකයින් දිරිමත් කරන්න. අපිට දියුණු වෙන්න පුළුවන්. අපි උත්සාහ කරමු.
රුපියල අමතක කරලම දාන්න. ඒ පවුලට දැනටමත් හොඳ කලක් ලබලා ඉවරයි සහෝදරවරුනි.
යහපාලන අවුරුදු හතර හමාරේම අල්ලලා හිරේ දාන්න නොහැකි උන රාජපක්ෂලා ගැන ද නැත්නම් රජයට පක්ෂ ජනතාව ගැනද මේ කියන්නේ ?
ඇමරිකානු ඩොලරය රූ 200 ඉඳන් රූ. 184 වෙනකම් පහළට එන්න හේතුව මොකක්ද ? රුපියල ශක්තිමත් වෙන්න නම් ලංකාවේ ආර්ථිකය හොඳ වෙන්න ඕන නේද ? එහෙම කොහොමද වෙන්නේ ? විදේශ ශ්‍රමිකයන් ගෙන් ලංකාවට ආපු ආදායම නැවතිලා. විදේශ ණය සහ ආධාර තවම ලැබිලා ත් නැහැලු. අපනයන ආදායම ඇනහිට ලා. ඇත්ත හේතුව මොකක්ද ?
මේ අයට තාම රාජපක්ෂ බය. රටට හෙන ගැහුවත් කමක් නැහැ. කාලකන්නි...
රුපියලේ අගය කෙටි කාලයක් තුළ ඉක්මනට ඉහළ යනවා. හැබයි බොහොම ඉක්මනට ආපහු කඩාගෙන වැටෙනවා. නිකන්ම නෙවෙයි.රටේ සම්පූර්ණ ආර්ථිකයත් එක්කම.
මේ රුපියල ශක්තිමත් වෙලා නොවේ. ඩොලරය පිරිහිලා. තවත් මුදල් වර්ග ගණනාවක් පිරිහිලා. ආනයනයන් අඩුවීමත් මේකට වක්‍ර හේතුවක්. ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවත් තාවකාලිකව රුපියල ශක්තිමත් වෙන්න පුලුවන්. ආණ්ඩුව එසේ නොකරන බවයි මගේ පෞද්ගලික විශ්වාසය.
රුපියල ඉහලට එන්න හේතුව ආනයන නැවත්වීම.... රට ඇතුලෙම ගොඩක් දේවල් හදාගන්න පුළුවන් නම් සීනි වගේ... රුපියල ගොඩක් උඩට ගෙන්න පුළුවන්... බොරු පෝස්ට් දන්නා කලින් ඇත්ත දේවල් හොයල දැනගෙන ඉන්න. අර මෝඩකමට සල්ලි අච්චු ගැහුවම රුපියල උඩට එනවා කියපු එක පට්ටපල් බොරුවක්.. එහෙම කලාම තව පහලට යනවා මිසක් ඔහොම උඩට එන්නේ නැ දවසකටවත්... මේකේ කමෙන්ට් කරන හැමෝමත් මේ බොරු දේවල් දාන්නේ නැතුව කඩේකට ගියාම පුළුවන් තරම් පිටරටවල බදු අඩුවෙන් ගන්න.. එතකොට රුපියල නිකම්ම උඩට එනවා මේ වගේම ..
රුපියල ඉහල යන්නෙ ලන්කාවට විදේශ ආධාර ලබෙන නිසා...
රුපියලේ අගය ඉහල යන්න හේතුව තමයි අපේ රටට ආනයනික භාණ්ඩ අඩු කිරීම භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා නිසාම සෑහෙන්න ඩොලර් සංචිත අදින්න වෙනව. මේ දවස් වල පිටින් ගේන බඩු අඩු වුණත් ඒක තමයි ඒකට. ආයෙමත් රුපියල කඩා වැටෙනවා ඒ දෙසීයට...
විදේශ ආධාර, නය හා LOLC සල්ලි රටට ආපු සල්ලි තමයි. ඇදිරිනීතිය නිසා රටට ඉන්ධන ගේන එක අඩුවීම හා ඉන්ධන මිල අඩුවීම නිසා ඉන්ධන වලට වැයවීම අඩුවීම, අනෙකුත් ආනයන අඩුවීම වියදම් අඩුවීමට හේතුවේ. මේක තාවකාලික අඩුවීමක්. ඒක තමා රුපියල නැගීමට හේතුව.
නිදහස ලැබුන දිනයේ සිට අද වෙනතුරු ඔබයි මමයි කලේ..., තමන්ට හැර, අනික් සැමටම දුෂණ සහා වංචා ගැන දොස් පැවරීමයි. අපි ඕවා නවතන්ට කිසිම පියවරක් ගත්තේ නැත. අද සිට නිසි පියවරක් ගැනීමට එකතුවෙන්න. නැත්නම් කටයි, අනිත් හැම එකම වහගෙන බත් ටික ගිලින්න.