IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ

(ඉන්දිකා රාමනායක)

 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඟවාගෙන සිටීම, නවාතැන් දීම,  ප්‍රවාහනය  කිරීම යන  සිද්ධීන් සම්බන්ධයෙන්  කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු  සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර වෛද්‍යවරියක් හා ඇගේ සැමියා ද සිටින බව   නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට සොයන   සැකකරුවකු සගවාගෙන සිටීම,  රැකවරණය   ලබා දීම, මෝටර් රථයකින්   කළුබෝවිල සිට දෙහිවල ප්‍රවාහන කිරීම යන   චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද  අජිත් රෝහණ මහතා කියා සිටියේය.



අදහස් (17)

රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ

siri Monday, 19 October 2020 10:35 AM

තමන්ගේ යාලුවා පොලිසියෙන් හොයද්දී දවස් 25ක්ම හංගාගෙන හිටියා කියලා පාරම්බාන උන්නැහේ අත්අඩංගුවට ගන්නේ නැද්ද? නැත්නම් මේ යලි උදාවෙලා තියෙන්නේ කැකිල්ලේ රාජ්‍ය සමයද? මොකද අනිත් ඇමතිවරුන්ට පනවපු නීතිය අයියට අදාළ නෑවගේ පෙනෙන නිසයි එහෙම හිතුනේ...

:       8       45

sachithMonday, 19 October 2020 10:58 AM

අඩු වැඩිය හැමදාම පෙන්වන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නාට්‍යය තමයි. තව අවුරුද්දක් යන්න කළින් මෙයත් කැබිනට් ඇමැති කෙනෙක් විදිහට දිවුරුම් දුන්නේ නැතිනම් තමයි පුදුමේ..

:       8       32

Hafeel Monday, 19 October 2020 11:16 AM

වෙන්නම ඕනේ... මේ ගොල්ලෝ බලයේ ඉන්නකොටත් සංදර්ශන නේද කළෙත්.. දෙගොල්ලොම එකයි. මේ කාටත් දඬුවම් ලැබෙන්නේ නැහැ. දුමින්ද හැර කොයි දේශපාලකයින්ද හිරේ ඉන්නේ..?

:       2       20

මුණසිංහTuesday, 20 October 2020 02:34 AM

දුමින්දගේ වැරදි තියෙනවා තමයි. නමුත් ඔහු හිරේ ගියේ කොහොමද කියලා රංජන් කියලා තියෙනවා නේද?

:       0       3

BamunuarachchiMonday, 19 October 2020 12:25 PM

හලෝ කියන දෙයක් පැහැදිලිව කියන්න අපිටත් තේරුම් ගන්න ගමේ ගැහැණු ළිඳ ළඟ කතාවෙනවා... වගේ කතා නොකර..

:       13       7

Kamal Koyrala Monday, 19 October 2020 10:53 AM

මැස්සෙකුටවත් බේරෙන්න බැහැ කියූ නන්දිකඩාල් පොලිස් බලඇණි 6 දාලත් බැරිවුණා. අපේ කෙනෙකුට නවාතැන් දෙන්න පුළුවන් මහජනතාව දන්නේ කොහොමද? මොහුව අල්ලන්න ඉන්නවා කියලා.., ඔන්න කෝටියක් දෙනවා කියලා දැන්වීම් සහ මාධ්‍ය නිවේදන... පොලිස් ප්‍රකාශක තුමා ප්‍රකාශ කළා නම් දන්නවා.

:       7       21

BamunuarachchiMonday, 19 October 2020 12:29 PM

මේ හාදයා බුර්කාව දමාගෙන එළියට බැස්සාම පොලිසිය නොවෙයි ගෙදර උන්දැටවත් හොයාගන්න බැහැ. එ්කයි අපි බුර්කාව තහනම් කරන්න කියන්නේ. එ්ක අපරාධ කරුවන්ට ලොකු උදව්වක්.

:       7       14

BrandixMonday, 19 October 2020 01:44 PM

බුර්කාව දාගෙන ඉන්නේ....

:       0       9

lakviduMonday, 19 October 2020 01:51 PM

මොන බුර්කාද මල්ලි...? මේ ගොල්ලෝ හැංගෙන්නේ පොලිස් ආරක්ෂාව යටතේ.. අනික අත්අඩංගුවට ගන්න නියෝග කළ බව දැනගත්තේ රේඩියෝ එකෙන්ලු.

:       3       11

සනත් ඉතාලිය Monday, 19 October 2020 11:21 AM

අද රටේ ඕනෑම අපරාධ කාරයෙකුත් සැඟවී සිටීමට හොඳම ක්‍රමය බුර්කාව පැළදීමයි.. දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි..

:       3       18

Bamunuarachchi Monday, 19 October 2020 12:03 PM

බදියුදීන් රාජපක්ෂලාගේ ගෙදර කිව්ව අය කෝ?

:       10       14

සමිත සේනක අලුත්ගමගේ. Monday, 19 October 2020 12:51 PM

කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෙර නිවේදන නිකුත් කළ අය, ඒවා මාධ්‍යයට ප්‍රකාශ ලෙස ලබාදුන් අයව ගන්නේ නැද්ද? ප්‍රථමයෙන්ම වරද කරන්නේ ඔවුන්... යමෙකුව අත්අඩංගුවට ගෙන ඒ බව ප්‍රසිද්ධ කිරීමයි කළයුතු වන්නේ... සැබෑ වැරදිකරුවන් නිදැල්ලේ.. පැත්තක සිටි අය අත්අඩංගුවේ. මේවා කාට කියන්නද?

:       0       14

kule Monday, 19 October 2020 12:54 PM

මෙයාලා 7 දෙනාගේ දුරකථනයක් අත්අඩංගුවට අරගෙන විමර්ශණය කරලා ඇති නේද හාමුදුරුවනේ...? මේ දවස් 6 කතාකරපු අයත් සොයාගෙන ඇති නේද හාමුදුරුවනේ...?

:       0       14

Rata Perata Monday, 19 October 2020 02:36 PM

එතකොට අර තංගල්ලේ ප්‍රාදේශීය සභා සභාපතිත් හැංගිලා හිටියනේ... ඒත් හංගපු අය ඔය තාම ඉන්නේ කිසි ලෙඩක් නැතිව. දැන් එක රටකුත් නැහැ. රටේ ඇති නීතියකුත් නැහැ.

:       1       15

BamunuarachchiTuesday, 20 October 2020 02:24 AM

ඇයි රාජිත හැංගිලා සිටියේ ඉස්පිරිතාලේ..

:       2       3

Perera Monday, 19 October 2020 06:12 PM

පාස්කු ප්‍රහාරයට නෙවෙයිනේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. මේවා බොරු ෂෝ..

:       0       0

මුණසිංහ Tuesday, 20 October 2020 02:36 AM

අත්අඩංගුවට ගත්තේ නැතිවුණාම කෑ ගහනවා ඩීල් කියලා. අත්අඩංගුවට ගත්තාම කියනවා පළිගැනීම් කියලා. මේ සියල්ලගේම තියෙන්නේ අවස්ථාවාදී කුහකකම නේද? ඉතින් රටක් හදන්නේ, හැදෙන්නේ කොහොමද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site