(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (02) කරුණු වාර්තා කර ඇත.
මෙම තැනැත්තන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනීමැරීම, පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම, ආදී වශයෙන් කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණය වෙත එලෙස කරුණු වාර්තා කර ඇත.

COMMENTS
මේ පුද්ගලයා පසුගිය කාලයේ කියපු කරපු අමු ප්‍රෝඩාවන් වලට සහ ජනතාව හිතාමතාම රැවටීමට එරෙහිව මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි. ලාංකීය දේශපාලනය තුළ ගොබෙල්ස්ලාට ඉඩ නොතැබිය යුතුයි...
අහෝ රාජිත, නොදිටි මොක්පුර...!
ඇමති රාජිත සිතා සිටියේ කවදාවත්ම පරාජිත වන්නේ නැතැයී කියා.
ඕවා මොනවද? මහින්දත් කිව්වේ හැමෝගෙම හොර වැඩ ගැන ෆයිල් තියෙනවා, ඒවා ඇදගන්න එපා කියලා. ඒ අන්දෝලාත්මක කතාව ගැනත් පරීක්ෂණ කලොත් හොඳයි.
කටින් පිටකරපුවාට ජනතා අධිකරණයෙන් තීන්දුව ලැබුනා. දැන් ඉදිරියට ලැබෙන්න යන්නේ රටේ අධිකරණ තීන්දුවයි.
මෙයා නම් දේශපාලනෙන් ඉවත් කළ යුතු චරිතයක්. රටටම විනයක්.
ඇයි තාත්තා විතරක්. පුතා? දෙන්නාම කට ඇරියොත් බේගල් ඇද බානවා.
ලංකාවේ ක්‍රමවේදය අනුව රාජිතට මුකුත් වෙන්නේ නැහැ. මේවා නිකන් ජනතාව පිනවන්න කරන නාඩගම්.
මර්වින් සිල්වා ගෝඨාලා ගැන කියපුවා?