
(මනෝප්‍රිය ගුණසේකර)
2019 ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමූ බවට මාධ්‍ය සාකච්ඡාවකදී අසත්‍ය කරුණු පැවසූ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අද (31) නඩු පවරන ලදී.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස නඩු පවරන ලද්දේ ඹෟෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමී නමැත්තාට එරෙහිවය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොරු රැවුල් වලින් සැරසී වෙස් වළාගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් කිඹුලන් පිරි වැවකට දෑමු බවට අසත්‍ය කරුණු පැවසීමට පුද්ගලයින් දෙදෙනෙකු යොමු කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ප්‍රභාකරන් සතු රන් භාණ්ඩ එවකට ජනාධිපතිධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සතු කරගත් බවටත් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මෙලෙස චෝදනා නඟා ඇත.
2019 ජනාධිපතිවරණයට බලපෑමක් ඇතිකිරීමේ චේතනාවෙන් බොරු සාක්කි සෑදීම හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම , අසත්‍ය ප්‍රකාශ කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 81 වගන්තිය යටතේත්, දණ්ඩ නීති සංග්‍රහයේ 169 (උ) සහ 190 වගන්ති යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂයේ වුණත් කමක් නැහැ ඔය "දතාව" එල්ලන්න වටිනවා. 88 -89 අහිංසක කොල්ලෝ කෙල්ලෝ කීදෙනෙක් ඔය කියන මිනීමරු සංවිධානයෙන් මරලා පිච්චුවද..? රුසියාවේ නිෂ්පාදනය කළ.. මිනිසුන් යොදාගෙන පරීක්ෂණ නොකළ පිළිකා ඖෂධයක්, පිළිකා රෝගය පිළිබඳ විශේෂඥයින්ගේ විරෝධය නොතකා මේ රටේ පිළිකා රෝගීන්ට ලබාදීමට කටයුතු කිරීමම ඇති මේ දත් දොස්තරව එල්ලා මැරීමට.. වාසනාවකට ඒ බෙහෙත දැන් මෙරටට ගෙන්වන්නේ නැහැ. රැකියාව දත් දොස්තර. නමුත් බෙහෙත් දෙන්නේ පිළිකා රෝගීන්ට...
වැඩක් වෙයිද? ඔය හාදයා ඔයිට ඉස්සරත් අධිකරණයකින් වැරදිකරු වෙච්ච කෙනෙක්... මජරි වැඩවලට ප්‍රසිද්ධයි. ඒත් කලුතර මෝඩ ඡන්ද දායකයින් ඕකට මනාප දෙනවා.
ඡන්ද ගුණ්ඩුවක් විදිහට මේක කරලා පස්සේ මෙයාව නිදහස් කරලා වැඩක් නෑ බං, පුලුවන් නම් රට වෙනුවෙන් මෙයා අයින්කරලම දාන්න.