ශ්‍රී ලංකා මුස්ලිම්  කොංග්‍රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.
 
තමා නිරෝධායන මධ්‍යස්ථානයක  ප්‍රතිකාර ලබන බව රවුෆ් හකිම් මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත.
 
රවුෆ් හකිමි මහතාගේ පවුලේ අය හා ඔහු සමඟ සමිපව ඇසූරු කළ අය නිරෝධායනය කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇති බවද පැවසේ.