( මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.
මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද සිල්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයාට නියම කළේය.
ඒ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ නීතීපතිවරයා එලෙස නියම කර ඇත.
COMMENTS
රන්ජා විතරක් ඇතුළට දාලා මදි... තව හුඟක් කට්ටිය ඉන්නවා ඇතුළට යන්න. ජාතියක්, ජන්මයක් නැති සදාචාරයක් නැති අය තමයි මේ...
මේ ජෝකර් ට දැනෙන පාඩමක් උගන්වමු නැතිනම් මෙයා මුළු මහත් සමාජයම විහිළුවකට ලක් කරනවා අනිවා.
අප කිසිවෙකුට අපහස කරනවා නොවේ. අප කිසිදු ආගමකටද පරිබව කරනවා නොවේ. අප කිසිවෙකුට ආගමකට අපහස කිරීමටද අයිතිය නැත.
කොට්ට්රුවා හැම ගහටම කොට කොට යනවා. ඔන්න හෙහෙල් ගහට කොටලා හොට පටලවා ගත්තා. දැන් හොට බේරා ගන්න වෙන්නේ මහදනමුත්තාගේ න්‍යායෙන්. අහන්න දෙයක් නැහැ එජාපෙ මහදැනමුත්තා කියනවා හොට බෙරාගන්නනම් මේ කොට්ටෝරුවාගේ බෙල්ල කපන්න ඕනේ කියලා.
රන්ජන් නමැති මෙම පුද්ගලයා විසින් " තමන්ගේ ජාන පිලිබදව" තමා විසින්ම පාපොච්චාරණයක් කර ඇති බැවින් අප ගොන් රන්ජන් තමන්ගේ ජාන පිලිබදව අවංකව කතාකර ඇතිබව සදහන් කරන්නෙමු.
අනේ මල්ලියේ අපේ අර අරයා වගේ ඔන්න පන යනවා මෙන්න පන යනවා කියල කොහේ හරි තියෙන කැලෑ ඉස්පිරිතාලෙකට හනික ඇතුළු වෙන්න ඉක්මනට. ඊටපස්සේ තමන්ගේ වෛද්‍ය වරයා විසින් අන්තිම අමාරුයි එනිසා මගේ ලෙඩා සමග කතාකිරීමට අපහසුයි කියලා එයා ගහපු ගැටේම ගහන්න.
ඔය මනුස්සයට මොකටද වරෙන්තු නිකුත් කරන්නේ? කෝල් එකක් දුන්නා නම් උසාවියට ඇවිල්ලා ඇති උදෙන්ම...
ඔහු පමණක් නොව පසුබිමේ සිට ඔහු මෙහෙයවූවන් ද නීතියේ රැහැනට අසු විය යුතුය