IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම

(ඩී.ජී.සුගතපාල)
 
යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ  දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.
           

මෙසේ මරණ දඬුවම නියම වුයේ  මාවඩවිලගේ නිලුක්ෂ මධුශාන් ජයලත්, හලු කීර්ති දිනේෂ් කුමාර, යද්දෙහි නිසල් චන්දන, දඩල්ලගේ ගයාන් සම්පත්, දේනෙත්ති අනුර ප්‍රියන්ත, අගම්පොඩි ඉන්දික ප්‍රසාද් කුමාර විත්තිකරුවන් හයදෙනාටය.
 
රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි 2011 ජනවාරි 29 වැනි දින දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
 
සිද්ධිය වූ දින රාත්‍රි 9.05ට පමණ මියගිය අයගේ නිවස ඉදිරිපිට පිරිමි ළමයින් තිදෙනෙකු ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එම අවස්ථාවේ එම දෙදරු පියා නිවසින් පිටතට පැමිණ ආරවුල නතරකර ඇති බවත්,  පසුව ත්‍රිරෝද රථයකින් පැමිණි විත්තිකරුවන් ඔහුට යකඩ පොලුවලින් පහරදී ඔහුගේ සීයාටද තුවාල කර ඇති බවත් පැමිණිලිකරු කියා සිටියේය. 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ පැමිණිල්ලේ සාක්කි අනුවත් මියගිය අයගේ තුවාල පිළිබඳව  අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අනුවත් විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බවය.
 
1,3 සහ 4 යන විත්තිකරුවන් වෙනුවෙන් ශ්‍රිමාල් විජේසේකර, කසුන් ගුණරත්න යන මහත්වරුද, 2 සහ 5 විත්තකරුවන් වෙනුවෙන් රජයෙන් පත් කළ චින්තා ජිවන්ති අතුකෝරල, පිණිපා ප්‍රසාදිනි යන නීතිඥ මහත්මීහුද පෙනි සිටියහ. රත්ගම පොලිසිය වෙනුවෙන් සැරයන් තිසරසේන(28019) මහතා පෙනි සිටියේය.



අදහස් (5)

රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම

hira Wednesday, 19 February 2020 07:56 AM

මෙහෙම වෙනකොට හදපු අම්මා, තාත්තාටත්, රටටත් වැඩක් නැතුවම මේ කොල්ලෝ ටික කුඩුවක් ඇතුලට ජීවිත කාලයම කොටු වෙනවා. මේවා කියවන තරුණ කොල්ලනෙ, නිකරුනේ යාළුවන් සමග රැල්ලට නොගොස් තමන්ට ලැබිච්ච ජීවිතයෙන් තමන්ටත්, දෙමාපියන්ටත්, රටටත් සේවයක් කරන්න. මේවා දකිනකොට හරිම දුකයි.

:       64       711

Ruhunu Wednesday, 19 February 2020 10:47 AM

නමට විතරක් දඩුවම් දීලා වැඩක් නෑ.

:       12       210

suresh abegunawardana Wednesday, 19 February 2020 11:18 AM

එතකොට අර තාජුඩීන් මරපු අයට මොකද වෙන්නේ ? අන්න ඒවා නියම මිනි මැරුම්.

:       117       513

GunadasaWednesday, 19 February 2020 12:09 PM

බලන් හිටියද තාජුදීන් මරනවා ? සමහරක් තාමත් ගොන්කම ප්‍රදර්ශනය කරනවා වගේ මට නම් පෙනෙන්නේ.

:       346       122

ලලිත් Wednesday, 19 February 2020 11:19 AM

ඇයි ආප්ප කාපු කෙනා දිවුරුම් දුන්නා නේද එල්ලනවා කියලා......

:       1       176

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site