බිඟුන් මේනක ගමගේ
ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් යටතේ අබලන් වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේහි නිරත වූ ඉදිකිරීම්කරුවන්ට මාස අටක් තිස්සේ ගෙවීම් පමා කළ රුපියල් කෝටි 350 ක පමණ මුදලක් කැබිනට් අනුමැතිය හිමි වී තිබියදීත් ඔවුන්ට ලබාදී නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ගංවතුර හේතුවන් අබලන් වූ දිස්ත්‍රික්ක හතක මාර්ග මෙසේ කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිදුකර ඇති අතර ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම පමාවූයේ ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා එම මුදල් වෙන්කිරීමට විරුද්ධව වීමෙන් යැයි අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අදාළ ව්‍යාපෘතිය ආපදා කළමනාකරණ විෂයට අයත් බැවින් වෙනත් අමාත්‍යංශයකට එසේ මුදල් වෙන්කරවා ගත නොහැකි බවට දුමින්ද දිසානායක මහතා පවසා තිබූ අතර ස්වදේශ කටයුතු ඇමැතිවරයා හා ආපදා කළමනාකරණ ඇමැතිවරයා අතර විවාදය විසඳී තිබුණේ ජනාධිපතිවරයා මැදිහත්වීමෙනි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ මුදල් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද අගෝස්තු මාසය අවසන් වීමට පෙර එම මුදල් ගෙවන බවට තමා සහතික වන්නේ යැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී කොඩිකාර මහතා මීට පෙර පැවැසීය.
එහෙත් එම මුදල් තවමත් තමන්ට ලැබී නැතැයි ද මේ නිසා සිය සේවකයන්ට වැටුප් ගෙවීමටත් සෙසු ඉදිකිරීම් කටයුතුවලට ආයෝජනය කිරීමටත් මුදල් නොමැතිකමින් තමන් දැඩි පීඩාවකට පත්ව සිටිතැයි ද ඉදිකිරීම් සමාගම් හිමිකරුවෝ කීප දෙනෙක්ම පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජය රුපියල් කෝටි 350 ක් ඉදිකිරීම්කරුවන්ට ණය වෙයි