( ඩිල්ෂනි චතුරිකා දාබරේ)
රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.
බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය අයකරගැනීමද මාස තුනකට අත්හිටුවා ඇත.
එමෙන්ම විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කිරීමට ද අනුමැතිය හිමිව ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජයේ-පෞද්ගලික මාණ්ඩලික නොවෙන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම තාවකාලිකව අත්හිටුවයි