(දිලීප් ජයසේකර සහ රොෂාන් දිලිප් කුමාර) 

                                                    
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරක පිරිස රජයේ මැදිහත් වීමෙන් යාල සෆාරි ජාතික උද්‍යානය නැරඹීමට රැගෙන ගිය අතර උද්‍යානය නැරඹීමෙන් පසු පිටතට පැමිණි ජීෆ් රථ හිමියන් එකවරම ආරක්ෂක අංශ විසින් දින 14ක කාලයක් නිරෝධායනය ලක්කල යුතු බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.


සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් 06 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබුණු වාතාවරණයක් යටතේ පැමිණි සංචාරකයින් පිරිස විවිධ ස්ථානවල සංචාරය කරවීම රජයේ පාර්ශව කිහිපයක මැදිහත් වීමෙන් පසුගිය දින කිහිපයේදිම සිදුව තිබුණි.


ඒ අනුව ජීෆ් රථ 28 යොදා ගනිමින් සංචාරක පිරිස යාල සෆාරි උද්‍යානයේ සංචාරය කර වු අතර සංචාරය අවසන් කර සංචාරක පිරිස පිටව ගිය පසු ජීෆ් රථ හිමියන් දින 14ක කාලයක් නීරෝධායනයට රැගෙන යා යුතු බව යුද හමුදාව පවසා තිබේ. ඊට ජිෆ් රථ රියදුරන්ගේ දැඩි විරෝධය පළකිරිමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇති විය.


එහිදී ජීෆ් රථ හිමියන් පැවසුවේ මෙවන් කතාවකි.


ප්‍රදේශයේ මන්ත්‍රිවරයෙකුගේ මැදිහත් වීමෙන් මෙම යුක්රේන ජාතිකයින් පිරිස යාල සෆාරි උද්‍යානයේ සංචාරය කරවීමට ජීෆ් රථ 28ක් ලබා ගත්තා.මෙහිදි අපිට එක ජීෆ් රථයක් සදහා රැපියල් 5000ක් ලබා දෙන බව පැවසුවා.මෙහිදි ජීෆ් රථ රියදුරන් මේ ගමන ආවේ රුපියල් 700ක මුදලකට.නමුත් පසුව අපිට දැනගන්න ලැබුණා අදාල මන්      ත්‍රීවරයා මෙම සංචාරය සදහා එක් ජීෆ් රථයක් සදහා රුපියල් 7000 බැගින් මුදල් ලබාගෙන ඇති බවත් එහු කොමිෂන් මුදලක් ලෙස රුපියල් 2000ක මුදලක් තියාගෙන ඇති බව.

කොහොම හරි මෙම සංචාරයට අපිට එන්න කියලා කිව්වම අපිත් නියමිත සෞඛ්‍ය අපදෙස් අනුව තමයි මේකට එකතු වුණේ.මේ සංචාරකයින් කවුරුවත් අපිට සම්බන්ධ වුනේ නෑ.අඩුම තරමේ මේ සංචාරය යන්න කලින් අපිට මේ කවුරුවත් කිව්වේ නෑ සංචාරයෙන් පසුසේ දින 14ක් නීරෝධායනයට යන්න ඕනේ කියලා.මේ මොකවත් නැතිව මේක සංවිධානය කරපු අය අපිව නොමග යවලා සංචාරය අවසන් වෙලා ආවට පස්සේ එක සැරේටම කියනවා ගෙදර යන්න දෙන්න බෑ නීරෝධායනයට යන්න ඕනේ කියලා.


අපි මේ දවසේ රුපියල් 700ක පඩියකට ජිෆ් එළවන්නේ.එහෙම තියෙද්දිත් තමයි හිතා මතාම අපිව මේ අමාරුවේ දැම්මේ. අපේ ගෑණු දරුවෝ බලාගෙන ඉන්නවා සංචාරයින් බස්සලා අපි ගෙදර එනකම්. එහෙම තියෙද්දිත් ඇදන් ඉන්න ඇදුම පිටින්ම අපිව දින 14ක් නීරෝධායනයට රැගෙන යන්න හදනවා.මේවා මහා අපරාධයක්.දින 14ක් යනකම් අපේ ගෑණු දරුවන්ට කන්න දෙන්න විදියක් නෑ.අඩුම තරමේ ට්‍රිප් එක යන්න කලින් අපිට කිව්වනම් මේ යන අය දින 14ක් නීරෝධායනය කරනවා කියා අපි මේ ගමනට එන්නේ නෑ.ඇයි මේ විදියට අපි අසරණ කරන්නේ.සංචාරක කර් මාන්තය නොමැතිව අවුරුද්දකට ආසන්න කාලයක් අපි කුලී වැඩක් කරගෙන හිටියා.එහෙම හිටපු අපිව තමයි මේ විදියට මේ අය අමාරුවේ දැම්මේ.


ආණ්ඩුවේ මැදිහත් විමෙන් ආපු වැඩක් නිසා තමයි අපි මේ ගමන ගියේ.එහෙම නැති වුණා නම් අපි රුපියල් 700කට හිර වෙලා ඉන්න එන්නේ නෑ.මේක හරියට අපිව හිරේ දැම්මා වගේ වැඩක්.මේකට වහාම සාධාරණයක් ඉටු කරන්න කියලා අපි ඉල්ලනවා.අපිට මහා ලැජ්ජාවක් මේකෙන් වුනා.අපි රජයට කියනවා වහාම මේ කරන නාටකය නවත්තන්න කියලා.මේ විදියට අසරණ මිනිස්සු බිල්ලට දෙන්න එපා කියලා අපි ඉල්ලනවා.ආණ්ඩුව හොදටම දන්නවා මේ ආපු අයට කොරෝනා තියෙනවා කියලා.එහෙම තිද්දිත් තමයි අසරණ අපිව ඉත්තන් බවට පාවිච්චි කලේ යැයි පැවසිය.