( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා වශයෙන් සිටියදී ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තමන්ව වැඩ තහනමට ලක් කරමින් ජාතික පොලිස් කොමිසම නිකුත් කළ ලිපියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් තමාව යළිත් රහස් පොලිස් අධ්‍යක්ෂක ධූරයේ පිහිටුවන ලෙසත්, තමන්ට සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම, එහි සභාපති හා සාමාජිකයන්, මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයන් ඇතුළු 17 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
අර හඬපට ඇහුවාම මෙයා සේවයේ පිහිටුවනවා තියා රටේ තියාගන්න එකටත් අපි ලැජ්ජා වෙන්න ඕනෑ...
අපේ රටේ පාලනය ගැන තවත් අටුවා ටීකා මොකටද..? මෙතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඉතාම දක්ෂ, අවංක නිලධාරියෙක් බව නොදන්නා කෙනෙක් නොමැත.. හොරුන් රජවූ රටක මෙවන් වටිනා නිලධාරින්ට අත්වන ඉරණම ගැන කුමන කතාද..? මෑතකදී විශ්‍රාම ගිය හිටපු නියෝජ්‍ය පොලිස්පති එම්.අාර්. ලතීෆ් මහතාද 2014 මේ වගේම ඉරණමකට මුහුණ දුන්නු නීතිය අකුරටම ඉෂ්ට කරලා තියෙන්නේ...
දක්ෂ වැඩකාරයෙක් තමයි. ඒත් අර කාගෙද ගෙදර වළං හෝදන්න ගිය එක තමයි වැරැද්ද..
එතකොට රන්ජන්ගේ ගෙදර වළං හෝදන්නේ කවුද?