IMG-LOGO

මෝදර ‘උදයා’ මහල් නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට

(*** ඉන්දිකා රාමනායක, *** ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියරී සහ *** බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන සේකර් උදයකුමාර හෙවත් ‘‘මෝදර උදයා’’ නමැත්තා කොළඹ මෝදර උයන නිවාස සංකීර්ණයේ හයවන මහලේ කොන්ක්‍රීට්වලින් තැනූ බංකරයක් (චමිනියක්) තුළ සැඟවී සිටිය දී පෙරේදා (23) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී  හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලක්ෂ 15ක් පමණ වටිනා රන් මාල ඇතුළු රන් භාණ්ඩ, හෙරොයින් ග්‍රෑම් 27ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩුවක්, නන්චක්කුවක්, කලා කිරිඤ්ඤයක් ද තිබී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම සැකකරු විදේශවල සැඟවී සිටින කුඩු ලාල්, පූකුඩුකන්නා නමැත්තන්ගේ සහ කුඩු කුමාරි, කුඩු රාණි නමැත්තියන්ගේ මත්කුඩු ජාවාරම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් මොහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයක දී ගිය ද අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් ඔහු නිවසේ රහස් බංකරයේ සැඟවී සිට පහළට පැමිණ පළා ගොස් ඇති බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු මෝදර උයන නිවාස සංකීර්ණයේ 6 වැනි මහලේ නිවසක සැඟවී සිට කාලයක පටන් මත්කුඩු ජාවාරම් කරන බවට විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් දිසානායක මහතාට ලැබුණු  තොරතුරක් අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා රාත්‍රී 10.00ට පමණ එම නිවාස සංකීර්ණය වටලා මෙහෙයුමක් ආරම්භ කළ බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

නිලධාරීන් සැකකරු රැඳී සිටින නිවසට ගිය අවස්ථාවේ එහි දොරගුලු දමා තිබී ඇති අතර නිලධාරීන් දොර කඩාගෙන නිවසට ඇතුළු වී ඇත.
සැකකරු එම නිවසේ විශාල ප්‍රමාණයේ දොරවල් තුනක් පමණ සවිකර තිබූ බවත්, එම දොරවල්වලට අමතරව යකඩ දොරවල් ද සවිකර දැඩි ආරක්ෂිතව තිබූ බවත් උසස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු රැඳී සිටි කාමරයේ දොරවල්, යකඩ දොරවල් දමා අධි ආරක්ෂිත ලෙස සකස් කර තිබූ බව ද එම නිලධාරියා කීය.
මොහු රැඳී සිටින කාමරයෙන් රහස් බංකරය වෙත ගොස් සැඟවී සිටින බවත්, එම හේතුවෙන් කිසිවකුට මොහු හසු නොවූ බවත් විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා නිවස වටලන අවස්ථාවේ දී සැකකරු රහස් බංකරයේ සැඟවී සිට ඇති අතර නිලධාරීන් නිවස සම්පූර්ණයෙන්ම සෝදිසි කිරීමේ දී සැකකරුගේ රහස් බංකරය හමුවී ඇත.

බංකරය පරීක්ෂා කිරීමේ දී සැකකරු එහි සැඟවී සිටිය දී නිලධාරීන්ට හසුවී තිබේ.

මොහු ඔහුගේ ගැනුම්කරුවන්ට මත්කුඩු දෙන්නේ අවශ්‍ය ප්‍රමාණය මෙම බංකරයේ සිට බිමට දැමීමෙන් බව ද විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු අවට පිරිස බිය ගන්වමින් වෙනම සංවිධානාත්මක කල්ලියක් බිහිකරමින් සිටි පුද්ගලයකු බව ද එම බළකාය සඳහන් කරයි.
මොහුගේ බිරිඳ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තැනැත්තියක් බව ද විශේෂ කාර්ය බළකා ආරංචිමාර්ග පවසයි.
මත්කුඩු ජාවාරම, පුද්ගලයන් බිය ගන්වා කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීම මත, සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ඒකක එකේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත්තේය.

 



අදහස් (3)

මෝදර ‘උදයා’ මහල් නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට

Perera Friday, 25 September 2020 07:50 PM

කුඩු ජාවාරමේ තල්මසුන්ව අල්ලන්නේ කවද්ද?

:       0       1

BamunuarachchiSunday, 27 September 2020 07:31 AM

කුඩු ජාවාරම ගැන දැනගෙනද ඔය කතා කරන්නේ.?

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 07:32 AM

මොවුන් දුටුතැන අල්ලන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 932 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site