
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)
මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලුයම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.
මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබු බවත් ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවත් ධීවරයෝ කියති.මුහුදු රළත් සමග ගලා ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩ ගැසී ඇති බවද ඔවුහු පවසති.
ධීවරයින් පවසන්නේ සුනාමිය පැවති අවස්ථාවේදි පවා මෙවැනි මුහුදු රළක් තම දුපතට ගලා ඒම සිදු නොවු බවයි.
මුතු පන්තිය ග්‍රාමීය සංවිධානයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ මේ තත්වය කිසිම දවසක අපේ දූපතට බලපා තිබුනේ නැහැ.ඇත්තටම මේක හිතා ගන්න බැරි තරමට මුහුදු රළ ඉහළ ගොස් ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිවලටත් ඉහළින් මුහුදු රළ දුපතට ගලා විත් තිබුණා.
මෙය හිතා ගන්න බැරි දෙයක්. කාලගුණ අංශත් මෙහෙම මුහුද සැර වෙනවා කියලා දැනුවත් කර තිබුනේ නැහැ" යැයි ඔහු පැවසීය.
පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරින් හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එම ස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිවිය.



2025 නොවැම්බර් මස 21
66
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
164
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මුහුද ගොඩ ගලා මුතුපන්තිය යටවෙයි
kasun Thursday, 31 December 2020 05:08 AM
පෝර්ට් සිටි ප්‍රතිඵල...
RaveendraThursday, 31 December 2020 11:22 AM
දැන් විපක්ෂයේ ඉන්න හාරත බූරුවන් බලයේ ඉන්නකොට මුහුද ආශ්‍රිත මොනයම්ම හෝ කටයුත්තක් කරා නම් දැන් බලයේ ඉන්න හාරත බූරුවන්ගේ ගොට්ටන් කියන්නෙත් ඔබ පැවසූ දෙයම නොවේද?
Aba Thursday, 31 December 2020 09:12 AM
ඉතුරු කඩොලාන ටිකත් කපලම දාමු.
මහසෙන් Thursday, 31 December 2020 10:17 AM
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනගෙන ඉන්න එපැයි දැනුවත් කරන්න. එයාලත් දන්නේ මේක ආවහමනේ...
Nisantha Sanath Perera Laggala Thursday, 31 December 2020 04:10 PM
ඔක්සිජන් කන්නද? බොන්නද? කියලා ඇහුව අය ඉන්නෙත් ඔය පැත්තෙම නේද?