
(අජන්ත කුමාර අගලකඩ)
නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගන්නැයි යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයිද වාර්තා වේ.
දිනේෂ් ගුණවර්ධන මහතාට විදේශ ඇමැති ධූරයද , පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට සෞඛ්‍ය අමාත්‍යධූරයද , චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , මහින්දානන්ද අලුත් ගමගේ මහතාට කෘෂිකර්ම ඇමැතිධූරයද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැතිධූරයද , කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ජනමාධ්‍ය ඇමැතිධුරයද , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාට අධිකරණ ඇමැතිධූරයද , නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා ඇමැතිධූරයද යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.
එසේ වුවද මේ තනතුරු වලට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද පැවසේ.
ආචාර්ය නාලක ගොඩහේවා , ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ටද ඇමැතිධූර ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ.
ඉකුත් කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සියලු දෙනාටම ඇමැතිධූර ලැබීමට නියමිත බවද වාර්තා වේ.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අනිද්දා (12) පෙරවරුවේදී මහනුවර මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
26 දෙනයි කියලා නේද ප්‍රචාරය කලේ.?
හොඳ හොඳ ඒවා රාජපක්ෂලා බෙදාගන්නවා හැමදාම මේ සැරෙත් ඒ වගේනේ.?
කොහෙන් හරි ලොකු ණයක් ලැබෙනවා ඇති ගෙවල් හදන්න.
නුවර මගුල් මඩුවේ මොන දිවුරුම්ද.? අපරාදේ වියදම්.?
ජනතාව කෙතරම් බලයක් දුන්නේ විශාල විශ්වාසයක් ඇතිව එසේ හෙයින් ඉදිරියට රට හොඳින් කළහු කළහොත් බලය සැමදා තබාගත හැකි ඊළඟ වරද වාරයේ දී ද බලයට එන්නට පුළුවන්
ජනතාව මේ තරම් විශාල ජන බලයක් ලබා දුන්නේ විශාල විශ්වාසයක් ඇතිවයි. ඒ නිසා මොනම හේතුවක් නිසා වත් ඇමති තනතුරු සඳහා නොසුදුස්සන් පත් නොකිරීම ඉතා වැදගත්. නැවත වැරදි සිදු වුවහොත්, ජනතා තීන්දුව අනිත් පැත්තට ගමන් කරාවි.
අවුලක් නැහැ, එතුමා සල්ලි ටික පරිස්සම් කරාවි.
විමල් ඇමතිතුමාගේ නිවාස අමාත්‍යංශය එතුමාට අහිමි කරන්නේ ඇයි.?
වෛද්‍ය රමේෂ් පතිරණ සහ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල දෙන්නම ඉන්නකොට පවිත්‍රාට සෞඛ්‍ය ඇමතිකම දෙන එකනම්...
වාරිමාර්ග සහ කෘෂිකර්මය එකම විෂයපතයකට ගැනෙන්නේ එයට එක ඇමති කෙනෙක් ඇති.
හැන්ද අතේ තියෙන්නෙ. කැමති විදියට බෙදා ගන්න තුනෙන් දෙකකුත් මිනිස්සුම දීල තියෙන්නෙ. දැන් නහයෙන් අඩන්නෙ නැතුව ඉවසගෙන ඉන්න තමයි තියෙන්නෙ. මොකද එයාල කරන්නෙ එයාලට ඕන දේ විතරයි. පැරදුන අය ආවනම් ඒත් එච්චරම තමයි. මැරිල ඉපදිලා නෙමෙයි නෙ. අවුරුදු ගාණක් බලයෙ ඉදල නොකරපු දේවල් මේ අවුරුදු පහට කොහොමත් කරන්නෙ නෑ.
මගේ අදහස නම් රාජපක්ෂවරුන්ට ජනාධිපති, අගමැති තනතුරු දෙක විතරක් ප්‍රමානවත්. හැම දිස්ට්‍රික්කයක්ම නියෝජනය වෙන ලෙස ඇමති තනතුරු උගතුන් අතර බෙදා දිය යුතුයි.
මේ පොස්ට් බැලුවම පේන්නෙ, ජනාධිපතිට රට කරන හැටි කියලා දෙන්නෙ, 23% පරාජිතයොයි, 3% අයයි වගේ.
කාට දුන්නත් කමක් නැහැ. මොකද මෙතන අමාත්‍යවරයා හෝ අමාත්‍යවරිය මත නොවෙයි අමාත්‍යංශක කටයුතු තීරණය වෙන්නේ. අදාළ නිලධාරීන් මත. ඒ නිසා එම එක් එක් අමාත්‍යංශයට විෂය කරුණු ගැන හොදට දැනුම තියෙන ලේකම්වරයෙක් සිටීම ප‍්‍රමාණවත්. අමාත්‍යවරයා හෝ අමාත්‍යවරියගේ රාජකාරිය වන්නේ ඉදිරිපත් කරන නිර්දේශ, තීරණ, රජයේ වැඩපිළිවෙල යටතේ කි‍්‍රයාත්මක කිරීම සහ කළමනාකරණය. ඒත්, අවධානය යොමුකළ යුතුම දේ තමයි අමාත්‍යංශ කොයි තරමක් ඇති කරන්න යනවා ද, කියන එක. එක එක අයගේ හිත සනසවන්න මේ සැරේවත් අමාත්‍යංශ ඇති නොවීම වැදගත්.
සමන්ත, ඔයාට යමක් කමක් තේරිලා වගේ...
මුදල්, නිවාස දෙක හොඳටම මදි . තව නැද්ද.?
හිතලා බලන්න... හෑම තිස්සෙම කෑබිනට් එකට ගන්නෙ තමන්ගේ වාසිය හොයන පක්ෂ නායකයන් සහ පබයො වගේ ඉන්න ජ්‍යෂ්ඨ මන්ත්‍රීවරු. කවදාවත් අලුත් මුනුවලට ලෙසියෙන් ඉඩක් ලෑබෙන්නෙ නෑ.. රාජ්ය ඈමතිකම් පමනයි. ඒවත් බෝඩ් ලෑල්ලට විතරයි. කෑබිනට්වලට ගන්නෙ හෑම පත්‍රිකාවටම එකග වෙන පබයො වගේ කට්ටිය විතරයි..
අතීතයේ දී කළාක් මෙන්.. ලැජ්ජයි!
බැඳුම්කර වංචනිකයන් ආරක්ෂාකර ගැනීමේ පෙරනිමිති පහළවෙයි.