ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (11 වැනිදා) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිල කිසියම් ගෞරවනීය ස්ථානයකට ගෙන ආහ.
දිවා ආහාරයෙන් පසුව පාකිස්තානු පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්තද අද සවස මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා පිලට කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.
දිවා ආහාරයට පෙර කිසිවකු නොදැවී ලකුණු 89 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් සිව් දෙනකු ලකුණු 31 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට යැවීමට පාකිස්තානු වේග පන්දු යවන්නෝ පියවර ගත්හ. එහෙත් මැතිව්ස් - ධනංජය දෙදෙනා ශ්‍රී ලංකා පිල ඉදිරියට ගෙන ගියහ.
තරගයේ සජීවී විචාරය සඳහා https://tinyurl.com/slzbnnq වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල් , කුසල් මෙන්ඩිස් දැන් කොච්චර කාලෙක ඉඳලා අසාර්ථක වේවි ඉන්නවද? ඇත්තටම වෙන ක්‍රිකට් ගහන කවුරුවත් මේ රටේ ඇත්තෙම නැත්ද? හැමදාම මේ අසාර්ථක වෙන අයවම දාගෙන ඉන්නේ... කවද්ද මේගොල්ලෝ හැදෙන්නේ? ලෝකේ ඉන්න හොඳම පුහුණු කාරයින් ගෙනාවත් වැඩක් නැහැ... මේ විදියට දිගින් දිගටම අසාර්ථක වෙන අයව නම් දිගටම තියාගෙන ඉන්නේ....