(නවරත්න සමරතුංග)
පොතුවිල කලපුකට්ටුව කලපුවේ මාළු අල්ලමින් සිටි ධීවරයෙකුට අද (25) සවස 81 වර්ගයේ මොටාර් උණ්ඩ තුනක් හමුවී ඇති බව පොතුවිල පොලීසිය පවසයි.
දැලක් දමා මාලු අල්ලමින් සිටියදී එම දැලෙහි කිසියම් දෙයක් පැටලී ඇති බවත් ඔහු එය ගොඩට ගෙනැවිත් පරීක්ෂා කර බලනවිට කළුපාට ප්ලාස්ටික් දවටනයකින් ඔතා තිබුණ මෙම මෝටර් උණ්ඩ හමුවී බියට පත්ව පොලීසියට දැනුම්දී ඇති බව කියති.
මේවා පසුගිය සුනාමියට එම ස්ථානයේ තිබුණ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර ගසාගෙන ගිය අවස්ථාවේ ගිලිහී ගොස් කලපුවට වැටී තිබෙන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි. මේ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව පොතුවිල පොලීසියේ උසස් නිලධාරීයෙකු ‘ලංකාදීප’යට පැවසීය.
අම්පාර කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ගයාන් හසන්ත මාරපන මහතාගේ අධීක්ෂනය මත සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් කුමාර මහාතගේ උපදෙස් අනුව පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත දිසානායක මහතා ඇතුලු නිලධාරීහූ පරීක්ෂන පවත්වති.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාලූ අල්ලද්දී මෝටාර් උණ්ඩ තුනක් දැලක පැටැලේ