(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා  මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20)   මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින්  මත් කුඩු  කිලෝ 22ක් ද  සගවා තිබී හමුවූ බව පොලිසිය කියයි.

තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වී ඇති බවද පොලිසිය කියයි.

මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.

මෙම අවස්ථාවේදී, අත් බෝම්බයක් පිපිරී සහ වෙඩි ප්‍රහාර දෙකක් නිකුත් වී ඇති අතර ඒ හේතුවෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 (   ඡායාරූප-ළහිරු හර්ෂණ )