IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහජන උපයෝගිතා කොමිසමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවක දීම ඔන්ලයින් ක‍්‍රමයට සම්බන්ධ වී සේවා ලබාගන්නැයි එම සභාව පාරිභෝගික ජනතාවගෙන් හා සේවාලාභීන්ගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් විදුලි පාරිභෝගිකයන්ට කොමිෂන් සභාවේ කාර්යාලයට පැමිණීමකින් තොරව සිය පැමිණීලි විසදාගැනීමට ඔන්ලයින් පහසුකම් සපයා ඇතැයි ද ඔවුන්ගේ නොවිස`දුණු පැමිණිලි දුරකථනයෙන් වට්ස්ඇප් වයිබර් හා ඉමෝ ඔස්සේ ද වෙඞ් අඩවියට පිවිසීමෙන් හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ද එසේත් නැත්නම් ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහජනඋපයෝගිතා කොමිෂන් සභාව කියයි.

සතියේ දිනවල පෙරවරු 9 .30 සිට සවස 4.30 දක්වා 0112392607 හෝ 0112392608 යන දුරකථනවලටඅමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

වට්ස් ඇප්, වයිබර් හෝ ඉමෝ ඔස්සේ නම් 0770126253 යන අංකයෙන් පැමිණිල්ල හෝ තොරතුර ඉදිරිපත් කළ හැකිවේ.

puu cl.gov.lk  වෙබ් අඩවිය ද  [email protected] විද්‍යුත් ලිපිනය ද ඔස්සේ මේ සදහා සම්බන්ධ විය  හැකි අතර facebook.com/pucsl     ඔස්සේ මුහුණු පොතෙන් ද එම සභාව හා සම්බන්ධ විය හැකිය

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සේවා ලබාගැනීමේ දී නිලධාරින් හමුවීම අත්‍යවශය වන අවස්ථාවන්හිදී ඒ සදහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත හැකි බවත් ඒ සදහා 0112392607 හා 0112392608 යන දුරකතන අංක වෙන්කර ඇති බවත් එම සභාව කියයි.

නැතහොත් වෙබ් අඩවිය ඔස්සේ හෝ විද්‍යුත් ලිපිනය ඔස්සේ දින හා වේලාවන් වෙන් කර ගත හැකිවේ.



අදහස් (0)

මහජන උපයෝගිතා කොමිසමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site