
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය අන්තර් සමුද්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කිරීම සහ බොදු සුසාන භූමියේ නාම පුවරු බිඳ දැමීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සහාවේ පොදු ජන එක්සත් පෙරමුණු (පොහොට්ටුවේ)මන්ත්‍රී පුතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සාමකාමී උද්ඝෝෂණයක් එම පිරිවෙන ඉදිරිපිට මාර්ගයේ අද (1 ) පැවැත්විණි.
උද්ඝෝෂණයට එක්වූ, එම පිරිවෙනේ විදුහල්පති සහ කල්පිටිය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධීකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කළේ, සැකකරුවන් අඅඩංගුවට නොගැනීම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවය. දේශපාලනයට ගැති නොවී සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණයක් කරන ලෙස පොලිසියට බල කර සිටීම උද්ඝෝෂණයේ අරමුණ බව උන්වහන්සේ ප්‍රකාශ කළ සේක.
මෙම අවස්ථාවට සාමණේර හිමිවරුන් ඇතුලු භික්ෂූන් වහන්සේලා, ශ්‍රී අන්තර් සමුද්‍රික පිරිවෙන් විහාරයේ උපෝසත ශීලය සමාදන්ව සිටින උවැසිඋවැසියෝ රැසක් හා ප්‍රදේශවාසී ජනතාව ද සහභාගී වී සිටියහ.
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පසුව විසිර ගිය හ.
කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ ඇතුලු නොරොච්චෝල පොලිසියේ විශේෂ පොලිස් භට කණ්ඩායමක් ද පැමිණ තිබිණි. නොරොච්චෝල වැඩ බලන පොලිස්ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.මව්ශාන් මහතා ප්‍රකාශ කළේ සකරුවන් ප්‍රදේශය මග හැර ගොස් ඇති බව සහ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බවය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් අය මේ රට අතහැර යන්න... කවදාවත් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැහැ මේ දේශපාලකයන්...
නමට බෞද්ධ පාලකයෝ ඉන්නකොට මේවා වෙන එක අහන්න දෙයක්ද? අනික මේ කතෝලික අයටත් අන්තවාදී මුස්ලිම් අය වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ..
එහෙම උද්ඝෝෂණ පවත්වන්න නරකයි..
මේ මොන විකාරද, 20 ගෙනල්ලා මේවා ඔක්කොම නවත්තලා දාන්න ඕන.
සමහර පණ්ඩිත @rocky අදහස් දැක්වූයේ විරෝධතා දැක්වීම නරක බවය. මම කාරණය දකිමි. පාලක කොටසට විරෝධය දැක්වීම නරක නමුත් වෙන කිසිවක් හරිද? ශ්‍රී ලංකාවේ අපි ඒකාධිපතියාගේ කිරීටය බලාපොරොත්තුවෙන් සිටින අතර රාජපක්ෂ ගෝත්‍රය රාජකීය පවුලක් ලෙස උසස් කරනු ලැබේ. මා ජීවත් වන්නේ විදේශ රටක නමුත් විරෝධතා දැක්වීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ ආරක්ෂා වේ.
පත් වුන අදක්ෂම රජය.
මේක තමා එක රටක් එක නීතියක් . තව පටන්ගත්තේ නැ ,........