(චමිල් රූපසිංහ)
කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ, කොරෝනා ආසාදිතයන් බවට තහවුරු කරගත් හමුදා නිලධාරින් 9 දෙනෙකු මධ්‍යම පළාතේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මාතලේ දිස්ත්‍රික්කයේ 4 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති බවත් මින් මහනුවර දැඩි අවදානම් තත්වයක ඇති බවත් ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයන් 300 ක් පමණ මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙසේ පැවැසුයේ අද (14) මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ඡාචකදීය.
මෙම නිලධාරීන් පාතදුම්බර, මැණික්හින්න, කුන්ඩසාලෙ, තාලාතුඔය, ගම්පල, බඹබරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තාවන අතර ඉන් සමහරු දින 2 සිට දින 10 දක්වා තම ගම්වල රැඳී ඇති බවත්, ඉන් පළමු වටයේ හා දෙවන වටයේ සියලු දෙනාම ස්වයං- නිරෝධයානයට ලක් කර ඇති බවත්, මින් පළමු පෙලේ අයගේ පී සී ආර් පරීක්ෂණ කර වාර්තා ලැබෙන තුරු ගන්නා ආරක්ෂිත ක්‍රියා මාර්ග සියලුම දේ රැගෙන ඇති බවත්, ඔවුන් හඳුනාගෙන නිරෝධායනය කිරීම තුළින් මෙම වයිරසය සමාජයටයෑම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ, පොලිසිය හා හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටින බවත් අධ්‍යක්ෂවරයා පැවැසීය.
පළමු පෙළ පී. සී. ආර්. පරීක්ෂණ නෙගටිවු වුවහොත් පවතින අවදානම අඩුවන බවත් කෙසේ වෙතත් සියලු තත්වයන්ට මුහුණදීම සදහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.
කෙසේ වෙතත් ජනතාව පෙර පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට යොමු වන ලෙසත් මෙය මැඩ පවත්වන තෙක් පොදු ප්‍රවාහන සේවා පොදු ස්ථානවල අවශ්‍යතා හැකිතාක් අඩුකර සෞඛ්‍ය අංශවලට සහයෝගය ලබාදෙන ලෙසත් මෙම ආසාධිතයින් ඇසුරු කළ කෙනෙකු සිටිනම් වහාම අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා එහිදි පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම පළාතේ 300ක් ස්වයං නිරෝධායනයට
රූබි Tuesday, 14 July 2020 09:27 AM
තුනෙන් දෙක අරන් දෙමු ..කොරෝනා පරදමු..