(මුදිතා දයානන්ද)
මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 4ක ප‍්‍රධානීන් හෙට (21) පස්වරු 2.30ට කෝප් කමිටුව හමුවට කැඳවා ඇතැයි කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (20) ලංකාදීපයට පැවසීය.
මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රධානීන්ය.
මඩකලපුව විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය විශ්ව විද්‍යාලයක්ද, නැතහොත් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක්ද, එසේත් නැත්නම් වෙනත් ආයතනයක්ද, එයට මුදල් ආයෝජනය කර තිබෙන්නේ කවුද, කෙසේද, එහි හිමිකාරිත්වය තිබෙන්නේ කාටද, රාජ්‍ය ආයෝජනයක්ද, පෞද්ගලික ආයෝජනයක්ද, නැත්නම් මිශ‍්‍ර ව්‍යාපෘතියක්ද, රාජ්‍ය මැදිහත්වීමක් තිබේ නම් කොන්දේසි මොනවාද, මෙහි ඉගැන්වෙන පාඨමාලා මොනවාද, ඉඩම් සපයා තිබෙන්නේ කෙසේද යනාදි ගැටලු රැසක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම මෙම කැඳවීමේ අරමුණ බව හඳුන්නෙත්ති මහතා පැවසීය.
මූලික විමර්ශනයෙන් අනතුරුව මෙම ආයතනයේ ඉදිකිරීම් සිදුකරන බව කියන ඊරා පදනමේ ප‍්‍රධානීන්ද කෝප් කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේවා කරන්න තිබ්බේ මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. අපේ දේශපාලනඥයින් හරි පුදුම ජාතියක්... මොනවා හරි වෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න. මොකුත් නොවන තාක්කල් බලය විතරයි ලොකු. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි. රට ජාතිය වුනත් පාවා දෙයි...
අනිත් කැම්පස් එකට ස්ට්‍රයික් කරේ කෝප් කමිටුවට ගිහිල්ලද. මේකට බයේ වෙව්ලනවා.
ඉන්න තරමක් දුෂිත තක්කඩි පර්ලිමෙන්ට් දක්කලා.. කරන වැරදි ඔක්කම කෝප් එකට හොයන්න කියනවට වැඩිය හොද නැද්ද නිවැරදි දේශපාලන දැක්මක් තියන මිනිස්සුනට අවස්ථාව දෙන එක??
රිෂාර්ඩ්ට ගේන විස්වාස භංගය කඩාකප්පල් කරන්න තව විස්වාස භංගයක් ගේනවා වගේ වැඩක් ද මේකත්.............
මතබේදයට පත්ව ඇති “මඩකලපුව විශ්වවිද්‍යාල මණ්ඩපය” නමැති ආයතනය රජයට පවරාගෙන සියලු ජනකොටස් වලට වඩාත් ප්‍රයෝජනවත් රෝහලක් බවට පත්කරන්න. මෙය ප්‍රසිද්ධ කර ඇති රුප රාමු වලට අනුව ඉතා ඉඩ පහසුකම් සහිත බව පෙනේ. මේ නිසා රෝහලක් සෑදීම වඩාත් යෝග්‍ය වේ. එවිට තරුණ කොටස් වලට පමණක් සිමා නොවී සියලුම වයස් සීමාවල විවිධ ජනකොටස් වලට ප්‍රයෝජනවත් වේ.