IMG-LOGO

2024 මැයි මස 10 වන සිකුරාදා


මගේ අත අතඇරපු අය පවා මට කරල තියෙන්නේ උදව්වක්

2016-06-09-ent-98

 

මාධවී වත්සලා

පසුගියදා පැවැති රයිගම් ටෙලීස් 2015 සම්මාන උලෙළේදී "වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය" ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වූ දස්කොන් ටෙලිනාට්‍යයේ "පළිඟු ඇච්චිගේ" චරිතය නිරූපණය කළ මාධවී වත්සලාට සම්මානය හිමි විය. ප්‍රවීණ නළු නිළි යුවළක් වන ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහගේ දියණිය වන වත්සලා සිය සම්මානය පිළිබඳ කතාබහ කිරීමට අප සමග එක්වූ මොහොතකි මේ.

 

2016-06-09-ent-99ලැබුණු සම්මානය ගැන කතා කළොත්?

ලැබුණු සම්මානය මගේ පළමුවැනි ටෙලිනාට්‍යයට තමයි හිමිවුණේ. මම කලින් රංගනයෙන් දායක වෙලා තියෙනවා ආනන්ද අබේනායක මහත්මයාගේ ඒකාංගික ටෙලි නාට්‍යයක. නමුත් කොටස් වශයෙන් යන නාට්‍යයක පළමු වැනි අවස්ථාව තමයි මම රංගනයෙන් දායක වුණු. ඒ වගේම %පළිඟු ඇච්චි^ කියන චරිතය විශේෂයි. මොකද ඒක ගායනය සහ රංගනය දෙකම එකතු වුණු අවස්ථාවක් නිසා. ඒ චරිතයට මට ලැබුණු සම්මානය, ඒ කියන්නේ වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය ලෙස ලැබුණු සම්මානය ගැන මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම ගොඩක් සතුටු වෙනවා. මොකද ඉදිරියට මගේ දස්කම් දියුණු කර ගන්නත්, මගේ ප්‍රේක්ෂකයන්ට ඒ දේවල් ඉදිරිපත් කරන්නත් අවස්ථාවක් ලැබෙන තෝතැන්නක් වෙයි කියලා මම හිතනවා.

 

"පළිඟු ඇච්චි^ කියන චරිතය අභියෝගයක් වුණාද?

ඒක මෙහෙමයි. අධ්‍යක්ෂකවරයාගෙන් ලැබුණු සහයෝගය කියල නිමකරන්න බැහැ. මට විතරක් නෙමෙයි හැමෝටම ඒ දේ ලැබුණා. මගේ අප්පච්චිත් එක්ක රංගනයෙන් දායක වුණු අය දන්නවා මොකද්ද මම මේ කියන්නේ කියලා. එයාට හැම චරිතයක්ම වැදගත්. රියැක්ෂන් එකක් වුණත් ඒකත් වැදගත්. එහෙම චරිතයක්වත් එයා අතහරින්නේ නැහැ. සුළුකොට කිසි දෙයක් තකන්නේ නැහැ. එයා හැමදේටම මැදිහත් වෙනවා. කෙනෙක් තුළින් එන ස්වාභාවික, ආවේණික රංගන හැකියාවක් තියෙනවානේ. ඒ රංගන හැකියාව කියන සීමාවේ ඉඳගෙන අධ්‍යක්ෂකවරයාගේ මඟපෙන්වීම තුළින් තමන්ගේ චරිතයට සාධාරණයක් කරන්න හැමෝටම හම්බවෙනවා. ඒ වගේම මටත් ඒ සහයෝගය ලැබුණා. ඒ නිසාම ඒ මඟපෙන්වීම ඔස්සේ තමයි මම ගියේ. චරිතය අභියෝගයක් වුණා. හේතුව රංගනය විතරක් නෙමෙයි, සිංදු එහෙමත් පාඩම් කරගන්න තිබුණා. අමුතු කවි තිබුණා. ඒ කවිවල වචන සාමාන්‍ය අපි කතාකරන භාෂාවේ වචන නෙවෙයි. ඒ නිසා ඒවා පාඩම් කරන්න වුණා. ඊට පස්සේ සමූහ ගායනාවලට එකතු වෙන්න තිබුණා. රෙකෝඩින් වලට දායක වෙන්න වුණා. ෂූටින් දවස්වලට සහ රෙකෝඩින්වලට වෙනම දවස් වෙන් කරලා තිබුණා. ඒ සඳහා දවස් ගණනාවක් වෙහෙසුණා. රෑ වෙනකම් රෙකෝඩින් කටයුතු කරන්න වුණා. ඒ වගේ මුළු ක්‍රියාන්විතයම ලොකු අත්දැකීමක් මෙන්ම අභියෝගයක් වුණා.

 

ඔබේ වෘත්තිය රංගනය නෙමෙයි නේද?

ඔව්, මගේ වෘත්තීය රංගනය නෙමෙයි. අද වන විට මම ව්‍යාපාර කටයුත්තක් සඳහාත් අතගහලා තියෙනවා. මමත් ඇතුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යාව සහ හෝටල් කළමනාකරණ පශ්චාද් උපාධිධාරීන් පිරිසක් එකතුවෙලා අලුත් වැඩක් පටන් ගත්තා. විදේශිකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටත් ශ්‍රී ලංකාවේ අපූර්වත්වය හඳුන්වා දෙන www.miracleofasia.lk කියන වෙබ් අඩවිය මගින් නවාතැන්, ගමනාගමන පහසුකම්, විවිධ සිද්ධි ප්‍රවේශපත් මිලදී ගැනීම ආදිය කරන්න පුළුවන්. සංචාරකයන්ට ප්‍රාදේශීය ක්‍රියාකාරකම් ගැන දැනගන්න one stop travel shop එකක් මේක. මම එහි අලෙවි කළමනාකාරිනිය. %Colombo Conferences^ නමින් උත්සව සංවිධාන කටයුතු බාරව ඉන්නෙත් මම.

 

රැකියාව සහ කලාව එකට සම්බන්ධ කරගෙන ජීවිතය ගෙන යෑම අපහසු නැද්ද?

රැකියාව සහ කලාව කියල ගත්තහම, රැකියාව කියන දේ මගේ අධ්‍යාපනයට සම්බන්ධයි. මම පශ්චාත් උපාධිය හැදෑරුවේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්. ඒ සංචාරක ආර්ථික විද්‍යාව සම්බන්ධවයි. මගේ අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තියක නිරත වෙන අතරේදී, මගේ පළමුවැනි උපාධියට කරපු පුරාවිද්‍යාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්, මේ හැදෑරීමුත් පුද්ගලිකව මම එහෙමම කරගෙන යනවා. මගේ තියෙන ආශාව කැමැත්ත අතහැරිලත් නැහැ. ඊට අමතරව මම පුද්ගලික විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා. කලාව සහ ව්‍යාපාර කටයුතු සමබර කරන අවස්ථාවේදී වැඩි ඉඩකඩක් ලබාදෙන්නේ මගේ ව්‍යාපාර කටයුතු වලටයි. ඉඩ ලැබෙන විදිහට මම කලා කටයුතුවල යෙදෙනවා. මොකද මම ලැබෙන හැම නිර්මාණයක් සඳහාම දායක වෙන්නේ නැහැ. මට ලැබිච්ච ආරාධනා හැම එකක්ම බාර ගත්තෙත් නැහැ. මගේ කලාත්මක හැකියාවත් වර්ධනය කරගෙන, කලා නිර්මාණයටත් සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා හිතෙන නිර්මාණ වලටයි මම දායක වෙන්නේ.

 

%මාධවී^ කියන පුද්ගලයා තමන්ගේ පියාගේ නිර්මාණය සඳහා පමණක් සීමා වෙන චරිතයක්ද?

නැහැ එහෙම නැහැ. මම කලින් කිව්වා වගේ හොඳ නිර්මාණ සහ මගේ හැකියාවන් උද්දීපනය කරන්න පුළුවන් සහ වර්ධනය කරගන්න පුළුවන් නිර්මාණ සඳහා මම දායක වෙනවා.

 

වෙනත් කලා කටයුතු සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?

සම්මානය ලැබෙන්න කලින් ලැබිච්ච ආරාධනා කිහිපයක් තියෙනවා. අප්පච්චිත් එක්කම තරග කරපු, එයාගේ හොඳම මිතුරෙක් වන සරත් සේනාරත්නගේ ඊළඟ නිර්මාණයට මට අඬගහලා තියෙනවා. තව කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ දේවල් තාම තීරණය කරලා නැහැ. කාල වේලාව ඉතිරිවෙලා තියෙන විදිහත් එක්ක සහ නිර්මාණයේ ගුණාත්මකභාවයත් සලකලා මම ඒ වෙනුවෙන් කැප වෙනවා.

 

ඔබේ පියා නැත්නම් කාලවට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ නේද?

මට කලාවට එන්න අවස්ථාව ලැබුණේ දෙමාපියන් නිසා. හේතුව මට කුසලතාවය ලැබුණේ ඒ අයගෙන් නිසා. මට දක්ෂතාවය තියෙන්නේ මගේ අම්මගෙයි, අප්පච්චිගේ ජාන මට තියෙන හින්දා. ඕනෑම කලාකාරයෙක්ට කියන්න පුළුවන් දෙමව්පියන් නිසා තමයි තැනක ඉන්නේ කියලා. මොකද ඒ අයට ඒ අවස්ථාව සහ දක්ෂතාවය ලැබෙන්නේ ඒ අයගේ දෙමාපියන් නිසානේ. ඒ ඇරෙන්න මම %හපන් පැදුරෙන්^ තමයි මුලින්ම රූපවාහිනියට ආවේ. ස්වාර්ණවාහිනී නාළිකාව ඔස්සේ. හපන් පැදුරේ මට ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ දහස් ගණන් ළමයි එක්ක ඉදිරිපත් වෙලයි. දක්ෂතා බලලා අවසාන වශයෙන් හත්දෙනෙක් තේරෙනකොට මාවත් තේරුණා. ඒ වැඩසටහන බලපු හැමෝම දන්නවා ඒ හත්දෙනා ඒ වැඩේට මොනතරම් සුදුසුද කියලා. මට දක්ෂතාවයක් තියෙන නිසා මගේ කුසලතාවයන් ගැන මටත් ආත්ම විශ්වාසයක් ඇතුව කතා කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. මට තියෙන ඇත්ත හැකියාව නිසා තමයි මම මේ කලාවට යොමුවෙලා තියෙන්නේ. මගේ දෙමාපියන් නිසා තමයි මට කලා හැකියාව ලැබුණේ කියන එක හැමෝම දන්න දෙයක්.

 

ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවොත්, යම්කිසි දෙයක් තියෙනවාද කලකිරීමට පත්වන?

මම හිතන්නේ ඕනම කෙනෙකුට ඒ දේ තියෙන්න පුළුවන්. අද වෙනකන් කරපු හැමදේම හරියට කළා. ඒවා සාර්ථක වුණා සහ හැමදේම හොඳින් වුණා කියල කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ජීවිතයේ හැලහැප්පීම් ඇතිවන දේවල් වලින් තමයි ජීවිතයට යම් යම් දේවල් එකතු කරගන්නේ. අද වෙනකොට මම ඉන්න තැනේ හැටියට, මේ තැනේ රැඳිලා ඉන්න, මේ දේවල් දරාගන්න සහ මේ ඉන්න තැනේ ඉඳගෙන ජීවිතයට මුහුණ දෙන්න මට පන්නරය ලැබුණේ ජීවිතයේ විවිධ හැලහැප්පීම් විවිධ අවධි පහුකරපු නිසායි. ඒ නිසා ඒ ගැන මම දුක්වෙන්නේ නැහැ. කලකිරිලා නැහැ. මොකද කලකිරිලා වැඩක් නැහැ. මගේ ජීවිතය ගැන වගකීම තියෙන්නේ මට. දෙමාපියන්ටවත් කාටවත් නෙමෙයි. ඒ නිසා මම ඕනේ මගේ ජීවිතය ගොඩ දාන්න. මගේ ජීවිතයේ සාර්ථක කිරීමේ වගකීම මට තියෙන්නේ. පාඩමක් ඉගෙන ගත්තනම්, ඒ පාඩම මතක තියාගෙන ඉදිරියට යන එක තමයි කරන්න ඕනේ.

 

එවැනි දෙයක් වෙන්නේ ඔබ ගත් හදිසි තීරණ නිසා කියලා හැඟෙන්නේ නැද්ද?

නැහැ. එහෙම හිතලා වැඩක් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වලා තේරුමක් නැහැ. ඉදිරියට යමක් කරන්න තියෙනවද කියලා තමයි බලන්න ඕන.

 

මාධවී කියන කෙනා නැවත පෙම්වතියක්ද?

නැහැ. පුද්ගලික ජීවිතය ගැන නම් පත්තරයකට කතාකරන්න මම කැමති නැහැ. කවදාවකවත් හැංඟිලා හොරෙන් මොනවත් කරන්න බැහැනේ. අපි හැංඟුණ චරිත නෙවෙයිනේ. කලා චරිත විදිහට ඕනෑම කෙනෙක් අපිව දකිනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඕනම කෙනෙක්ට ඒක බලාගන්න පුළුවන් වෙයි.

 

නිවේදන කටයුතු වලත් නිරතවෙලා තියෙනවා නේද?

හිරු ටීවි නාළිකාවේ නිවේදන කටයුතු කරනවා. එහිදී විරාජ් අයියව, ඒ කියන්නේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමාව මතක් කරන්න ඕන. එයා තමයි මට අවස්ථාව ලබා දුන්නේ. බොහොම සන්තෝෂයි කියන්න, ඉතාමත් සාර්ථක නාළිකාවක් විදිහට අපි කරන වැඩ සහ ඉදිරියටත් අලුතින් කරන වැඩ සැලසුම් කරලා තියෙනවා. ඉතිං ඒ හැමදේකටම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

අතහිත දුන් පිරිසක් ඇති නේද?

අනිවාර්යෙන්ම. උදව් කරපු අය අනන්තවත්. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මගේ දෙමාපියන් දෙන්නගෙන් පස්සෙ මගේ ගුරුවරු තමයි මේ හැමදෙයක් පිටුපසම ඉන්නේ. සා.පෙළ, උසස් පෙළ කාලේ ඉඳන් උගන්වපු ගුරුවරු, පාසලේ ගුරුවරු, උපකාරක පන්තිවල හමුවෙච්ච ගුරුවරු ඒ අතර ඉන්නවා. ඒ වගේම කලාවට ස.රි.ග.ම.ප.ද කියලා දුන්න සංගීත ගුරුවරු, රංගනය කියල දුන්න ආනන්ද අබේනායක මහතා මතක් කරන්න ඕනේ. ඒ මගේ පළමුවැනි අධ්‍යක්ෂකතුමා විදිහට. ඊට පස්සෙ අප්පච්චි අධ්‍යක්ෂකවරයෙක් විදිහට සහ ඔහු මට ගුරුවරයෙකුත් වුණා. ඒ විදිහට මගේ ගුරුවරු සහ මට සහයෝගයක් වෙමින් මගේ ළඟින් හිටියා සහ මම වැටෙන අවස්ථාවේදී මාව දිරිමත් කරපු මගේ මිතුරු මිතුරියන් හැම කෙනෙක්වම මතක් කරන්න ඕන. මේ සම්මානය වුණත් මගේ ජීවිතයේදී ලැබුණු එකම සම්මානය නෙමෙයි. අධ්‍යාපනය අතින් ලබපු ජයග්‍රහණ තියෙනවා. ඊයේ, පෙරේදා උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළා. ඒකත් සමත් වෙන්න පුළුවන් වුණා. මගේ කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරුවරු, කැලණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරු මතක් කරන්න ඕනේ. මගේ යම්කිසි සාර්ථකත්වයක් අද තියෙනවානම් මට අත දීපු අය විතරක් නෙමෙයි, මගේ අත අතඇරපු අය පවා මට කරලා තියෙන්නේ උදව්වක්. ඒ තුළින් මම පන්නරයක් ලැබුවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ධනුක ලක්ෂාන් කුමාරසිංහ

 

2016-06-09-ent-9101
2016-06-09-ent-100
2016-06-09-ent-97
2016-06-09-ent-96

 



අදහස් (0)

මගේ අත අතඇරපු අය පවා මට කරල තියෙන්නේ උදව්වක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුජිබර් හෙට දිවුරයි
2024 මැයි මස 09 481 0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්කෙරුණු කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ල


ගාල්ලේ කතකගේ දහතුන් කෝටියක දොපොළ රජයට
2024 මැයි මස 09 1632 0

දේපළ උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වූ අක්මිමණ ප්‍රදේශයේ කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්


ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියට
2024 මැයි මස 09 1359 0

ඇමේරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය.


ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
2024 මැයි මස 09 1172 0

තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව


වෛද්‍ය විජිත් ගුණසේකර 20 තෙක් රිමාන්ඩ්
2024 මැයි මස 09 668 1

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම


‘‘විපක්ෂයේ වෛරි දේශපාලනය ප්‍රදර්ශනය කළා‘‘
2024 මැයි මස 09 2739 8

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 573 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2052 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1805 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site