(පුෂ්පකුමාර ජයරත්න)
නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසළ අද(12) සිල් සමාදන්වීමේ නිරතව සිටි පෙර පාසලක දරුවන් පිරිසක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා ඇත.
පෙර පාසල් දරුවන් පෙර පාසල් පාලිකාව සහ දෙමාපියන් සමඟ සිල් සමාදන්වීමේ යෙදී සිටියදී මෙම අනතුරට ලක් වූ බව මව්පියවරු පැවසූහ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දරුවන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ අනෙක් දරුවන් නාරම්මල දිසා රෝහලට ඇතුළත් කර සිටින අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබා රොහලෙන් පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
බෝ අත්ත කඩා වැටුණු අවස්ථාවේ දරුවන් බේරාගැනීමට ඉදිරිපත් වූ මවුවරු දෙදෙනෙක්ද සුළු තුවාල ලබා සිටිති.
මෙය වසර 100ක් පමණ ඉපැරණි බෝ ගහක් බවද එය පෙර පාසලට මීටර් දෙසීයක් පමණ ආසන්නයේ තිබෙන බවද මව්පියවරු පවසති.


COMMENTS
බෝ ගහට වැන්දට මොකෝ එයත් තවත් අචේතනික වස්තුවක් පමණයි කියා මෙයින්වත් තේරුම් ගනිත්වා. ළමයි සියලු දෙනා ඉක්මනින් නීරෝගී වේවා!
චූටි පැටියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ඉක්මන් සුවයපතමු අපේ ළමුන්ට, මේක දෙවියන්ගේ සාපයක් කුරුණෑගලට..., කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලොක්කා විමලේගේ යාලුවා නේද ඉන්නේ පළමු පින්තුරේ..?
අපේ සංස්කෘතියට අනුව බෝධි වන්දනා කරත්, බුදුන් වහන්සේ ගස්, ගල් වලට වන්දනා කිරීම ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් නුවනට හුරු දෙය නම්, මෙවැනි ඉපැරණි අනාරක්ෂිත බෝ ගස් කපා ඉවත් කිරීමයි. එවැනි දෙයක් මේ ස්ථානයේ කලින් සිදු කර තිබුනා නම්, මේ පෙර පාසල් දරුවන්ට සිදුවුණා අනතුර වලක්වා ගන්නට තිබුනා.
බෝ රුක් මහිමය !!!
බෝ ගසක් කඩා වැටීම බෞද්ධයන්ට අසුබ සංකේතයක්. ළමුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණ වේවා!
අනේ දුවේ පුතේ ඔබට බුදු සරණින් ඉක්මනින් සුව වෙන්න දරුවනේ
පොඩි දරුවන්ට මොන සිල් සමාදන්ද? තුන් දෙනෙකුට අසාධ්‍යයිලු. කව්ද මේවට වගකියන්නේ?
මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා