IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
කොවිඩ් ආසාදිත රෝගීන් 10 දෙනකු වාර්තා වීමෙන් අද (4) සිට ක්‍රියාත්මක වන පරිදි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය දින හතරක් වසා දැමීමට කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික්ක ආර්ථික මධ්‍යස්ථාන සභාපති කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා  පැවසීය.

අහඹු ලෙස බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන  වෙළඳුන් 30 දෙනෙකු වෙත සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයේ දී  10 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙය ගනු ලැබූ බව ඒ මහතා පැවසීය.

 ආසාදිත තත්ත්වයට පත්වූ වෙළෙන්දන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් වන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

 ඒ අනුව ලබන සඳුදා වන විට ආර්ථික මධ්‍යස්ථාන  විෂබීජානුහරණය කිරීමෙන් පසු විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

 එමෙන්ම මේ වන විට ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා ද පී.සී.ආර් පරීක්ෂණ හෙට දිනයේදී සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි මීගොඩ,රත්මලාන,බෝකුන්දර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයන් හතරෙහි සභාපතිවරයා ලෙසද දිස්ත්‍රික් ලේකම්  ප්‍රදීප් යසරත්න මහතා කටයුතු කරයි.



අදහස් (0)

බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site