(නිමන්ති රණසිංහ)
කොරෝනා ආසාදනය වූ බිලිඳෙකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සේවය නියුතු වෛද්‍යවරයෙකි.
කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෝහලක කොරෝනා රෝගය වැළැදුන බිළිදකු බිහිවූ බවට සදහන් කරමින් මුහුණු පොතේ පොස්ටුවක පලවූ අසත්‍ය තොරතුරක් මෙම සැකකාර වෛද්‍යවරයා ලබා දුන් බවට සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙම අසත්‍ය තොරතුර මුහුණු පොතේ පල කළැයි කියන නුවන් නිරෝධ නැමැත්තා ඉකුත් 29 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී එම සැකකරු ද ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබිණී.
ඒ අනුව එම සැකකරුට මෙම අසත්‍ය තොරතුරු ලබා දුන් බව කියන සැකකාර වෛද්‍යවරයා ද අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සැකකරුවන් දෙදෙනා අසත්‍ය තොරතුරු ඇතුළත් පුවරු නිර්මාණය කර මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර සහ එයට ආධාර අනුබල දී පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බොරු තොරතුරු දුන් වෛද්‍යවරයකු රිමාන්ඩ්
jayath Monday, 30 March 2020 03:03 PM
මේ දොස්තර කොහෙන් උපාධිය ගත්ත කෙනෙක්ද ?
ඉරාන්Monday, 30 March 2020 07:06 PM
රුසියාවේ.
sudath Monday, 30 March 2020 03:14 PM
අගෙයි. ෆේස් බුක් එකේ බොරු දමන නරුමයින් මොලේ අමාරුකාරයොයි .මේ දෙන්නවත් අංගොඩ මානසික රෝහලට යවන්න වෙයි.
athuraTuesday, 31 March 2020 05:31 AM
මේ කියන නුවන් කියන පුද්ගලයා මේ ආණ්ඩුව ගේන්න මුහුණු පොතේ දිවා රෑ වෙහෙසුණු කෙනෙක් බොරුනම් හොයල බලන්න.
Raveendra Monday, 30 March 2020 06:13 PM
දැන් මේ පුද්ගලයා කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙසේ බොරු ප්‍රචාරයක් කලේ යන්න සොයාගැනීම වැදගත් නොවේද? අප තරයේ විශ්වාස කරනවා මෙවන් අයගේ ඡායරූප සහිත සම්පූර්ණ විස්තර සියලුම මාධ්‍යයන් වල පලකිරීමෙන් මෙවන් දුර්ජන ක්‍රියාවන් අඩුකරගත හැකි බවට. කරුණාකර මෙම තිරිසනා කෙසේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන්නේද සොයා බලන ලෙසද ඉල්ලා සිටින්නෙමු.
Mahee Monday, 30 March 2020 07:10 PM
සමහර අය මුහුණු පොත පාවිච්චි කරන්නේ ගෙදරදී කියාගන්න අමාරු ටික සමාජයට කියන්න. වැඩියෙන්ම අවභාවිතා කෙරෙන වටිනා සමාජ මාධ්‍යයක්. එක අතකට සමහර නාලිකා ගත්තහමත් එහෙම කියන්න බැරි කමක් නැතුවාම නෙමෙයි.